පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
924/2025
ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මුදල් ගෙවීමේ පදනමින් පෞද්ගලික සහ ව්‍යාපාරික කටයුතුවල ආරක්ෂාව සඳහා ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරින්, රථ වාහන සහ වෙනත් සම්පත් ලබා ගැනීමේ හැකියාවක් තිබේද;
(ii) එසේ නම්, ඒ සඳහා අදාළ නීතිමය ප්‍රතිපාදනය කවරේද;
(iii) ඊට අදාළ කාර්ය පටිපාටිය කවරේද;
(iv) පොලිස් නිලධාරින් සහ රථ වාහන ලබා දීමේදී උපරිම සීමාවක් පනවා තිබේද;
(v) ඉහත (i)හි සඳහන් සේවාවන් ලබා දීමේදී මුදල් අයකිරීමේ ක්‍රමවේදය කවරේද;
(vi) 2024 වර්ෂයේ සහ 2025 වර්ෂයේ මේ දක්වා එලෙස සේවා සැපයීමෙන් ශ්‍රී ලංකා පොලිසිය උපයන ලද ආදායම වෙන් වෙන් වශයෙන් කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත අ(i)හි සඳහන් සේවාවන් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කරනු ලබන පාර්ශ්වය සම්බන්ධයෙන් සලකා බලනු ලබන නිර්ණායක කවරේද;
(ii) එම පාර්ශ්වයට යම් තර්ජනයක් තිබේදැයි ආරක්ෂක විශ්ලේෂණ වාර්තා කැඳවන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-20
අසන ලද්දේ
ගරු නීතිඥ චිත්‍රාල් ප්‍රනාන්දු මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
ව්‍යාපාරික අරමුණින් සිදු කරනු ලබන ඉල්ලීම්වලදී අදාළ ගාස්තු අය කෙරේ.
(ii) · අංක ඊ 14 දරන ශ්‍රී ලංකා පොලිස් නියෝගය (ඇමුණුම 01)
අංක අමප/25/0085/821/003 සහ 2025.01.27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට හා ඊට අදාළ අමාත්‍ය මණ්ඩල සන්දේශයට අනුකූලව මෙම පොලිස්පති චක්‍රලේඛ සකස් කර ඇත. (ඇමුණුම 04)
ඇමුණුම් 01, 02, 03 සහ 04 සභාගත* කරමි.
(iii) · අදාළ නීතිමය ප්‍රතිපාදනයන්ට යටත්ව විධිමත් තක්සේරුවක් සිදු කිරීම.
(iv) උපරිම සීමාවක් පනවා නැත.
ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම අනුව ලබා දිය යුතු සේවාව කොපමණද යන්න සම්බන්ධයෙන් විධිමත් තක්සේරු කිරීමකින් පසුව පවතින අවශ්‍යතාව සඳහා ප්‍රමාණවත් පරිදි පොලිස් නිලධාරින්ගේ සේවාව හෝ භෞතික සම්පත් ලබා දිය යුතු ප්‍රමාණය කොපමණ ද යන්න තීරණය කරනු ලබයි.
(v) · 2025.02.19 දිනැති පොලිස්පති චක්‍රලේඛ අංක 2791/2025 (ඇමුණුම 02)
(vi)
|
අනු අංකය |
සපයන ලද සේවාවන් |
2024 වර්ෂය (රුපියල්) |
2025 වර්ෂයේ මැයි 31 දක්වා (රුපියල්) |
|
01 |
පොලිස් නිලධාරින්ගේ සේවය ලබා දීම වෙනුවෙන් උපයන ලද මුදල |
44,440,920.07 |
104,459,617.33 |
|
02 |
වාහන කුලියට ලබා දීම වෙනුවෙන් උපයන ලද මුදල |
2,728,751.00 |
3,381,808.09 |
|
03 |
පොලීසිය සතු සතුන් (සුනඛයින් සහ අශ්වයින්) ලබා දීම වෙනුවෙන් උපයන ලද මුදල |
181,560.00 |
477,506.63 |
|
04 |
බැංකු සහ ව්‍යාපාර කටයුතු සඳහා සයිරන් නළා හෝ නළා පද්ධති සවි කිරීම වෙනුවෙන් උපයන ලද මුදල * |
- |
1,073,330.00 |
|
එකතුව |
47,351,231.07 |
109,392,262.05 |
|
* බැංකු සහ ව්‍යාපාරික ආයතන මඟින් පොලිස් ස්ථානවල හදිසි සංඥා (සයිරන් නළා පද්ධති) සවි කිරීම සඳහා 2025 වර්ෂයේ සිට ගාස්තු අය කිරීමට තීරණය කරන ලදී.
(ආ) (i) · නීති විරෝධී කාර්යයන් හා සම්බන්ධ පාර්ශ්වයක් ද යන්න පිළිබඳව.
(ii) ඔව්
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-06-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks