01

E   |     |  

 දිනය: 2025-06-06   පිළිතුර ලබා දී ඇත 

0917/2025: ද්විත්ව පුරවැසිභාවය හිමි තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන්: විස්තර

917/2025

ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      ද්විත්ව පුරවැසිභාවය හිමි ඇතැම් පුද්ගලයින් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ලෙස සේවය කරන බව එතුමා දන්නේද;

(ii) එසේ නම්, එවැනි තානාපතිවරුන්ගේ සහ මහ කොමසාරිස්වරුන්ගේ නම්, ඔවුන්ගේ පත්වීම් දිනයන් සහ අනෙකුත් අදාළ තොරතුරු වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික තනතුරු සඳහා ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයින් පත් කිරීම මඟින් බැඳියා පිළිගැටුම් ඇතිවීමේ විභවයක් ඇති බව එතුමා දන්නේද;

(iv) එසේ නම්, එවැනි බැඳියා පිළිගැටුම් වැළැක්වීම/ආමන්ත්‍රණය කිරීම සඳහා ගැනීමට අපේක්ෂා කරන පියවර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-06-06

අසන ලද්දේ

ගරු ජනාධිපති නීතිඥ එම්. නිසාම් කාරියප්පර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ද්විත්ව පුරවැසිභාවය හිමි තානාපතිවරුන්/ මහ කොමසාරිස්වරුන් ශ්‍රී ලංකාව නියෝජනය කරන බවට වාර්තා නොමැත.

              (ii)      ඉහත (i) පිළිතුර හා බැ‍ඳෙන බැවින් අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට නොහැක.

             (iii)      ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයකු ද්විත්ව පුරවැසිභාවය හිමි එම රාජ්‍යයටම පත් කිරීමේදී බැඳියා පිළිගැටුම් පිළිබඳ ගැටලු මතු විය හැකි වුවද එවැනි පත් කිරීමක් සිදු කර නොමැත.

(iv) අදාළ නොවේ

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-06-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) රුවන් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks