පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු මුජිබුර් රහුමාන් මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට මේ වනවිට ගෙවිය යුතු මුදල කොපමණද;
(ii) එක් බලපත්‍රයක් සකස් කිරීමට වැය වන මුදල කොපමණද;
(iii) පැරණි විදේශ ගමන් බලපත්‍රයේ සහ නව විදේශ ගමන් බලපත්‍රයේ තිබෙන පිටු සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iv) එම පිටු සංඛ්‍යාව වෙනස් කිරීමට හේතු කවරේද;
(v) නව විදේශ ගමන් බලපත්‍රයේ ආරක්ෂණ ක්‍රමවේද සම්බන්ධයෙන් ගැටලු පවතින බව දන්නේද;
(vi) නව බලපත්‍රයේ බොහෝ වැරදි තිබෙන බව පිළිගන්නේද;
(vii) එසේ නම්, ඒවා නිවැරදි කිරීමට ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) E-Passport මුද්‍රණය කිරීම සඳහා මිල ගණන් කැඳවීමෙන් අනතුරුව තෝරා ගන්නා ලද ආයතනයට සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමට ලබාදී ඇති බව දන්නේද;
(ii) ඉහත ආයතනයෙන් මිල ගණන් නොකැඳවා සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණය කිරීමට ලබා දීම, පිළිගත් ක්‍රමවේදයට පටහැනි නොවන්නේද;
(iii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-07
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i)
|
අනු අංකය |
සේවාව |
අය කරනු ලබන ගාස්තුව (රුපියල්) |
|
01 |
එක් දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍ර සඳහා ගාස්තුව |
20,000.00 |
|
02 |
සාමාන්‍ය සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍ර සඳහා ගාස්තුව |
10,000.00 |
|
03 |
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ හදිසි සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍ර සඳහා ගාස්තුව |
15,000.00 |
|
04 |
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සාමාන්‍ය සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍ර සඳහා ගාස්තුව |
10,000.00 |
|
05 |
වයස අවුරුදු 16ට වඩා අඩු අයදුම්කරුවන් සඳහා වසර 03ක වලංගු කාල සීමාවක් දක්වා එක්දින සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍ර සඳහා ගාස්තුව |
9,000.00 |
|
06 |
වයස අවුරුදු 16ට වඩා අඩු අයදුම්කරුවන් සඳහා වසර 03ක වලංගු කාල සීමාවක් දක්වා සාමාන්‍ය ක්‍රමවේදය යටතේ විදේශ ගමන් බලපත්‍ර සඳහා ගාස්තුව |
3,000.00 |
|
07 |
විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළ දින සිට වසරක් ඇතුළත අස්ථානගත වී ඇත්නම් ඒ සඳහා දඩ මුදල (විදේශ ගමන් බලපත්‍ර ගාස්තුවට අමතරව) |
20,000.00 |
|
08 |
විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කළ දින සිට වසරකට වැඩි කාලයක් ගත වූ පසු අස්ථානගත වී ඇත්නම් ඒ සඳහා දඩ මුදල (විදේශ ගමන් බලපත්‍ර ගාස්තුවට අමතරව) |
15,000.00 |
(ii) යන්ත්‍රානුසාරයෙන් කියවිය හැකි විදේශ ගමන් බලපත්‍රයක් - MRP එකක් - නිකුත් කිරීම සඳහා වැය වන මුළු පිරිවැය රුපියල් 4,000.70යි.
(iii) පැරණි N කාණ්ඩයේ විදේශ ගමන් බලපත්‍රයේ පිටු ගණන - පිටු 64
නව P කාණ්ඩයේ විදේශ ගමන් බලපත්‍රයේ පිටු ගණන - පිටු 48
(iv)
|
අඩු කරන ලද පිටු ගණන |
ඒ සඳහා බලපාන ලද හේතුව |
|
පිටු 01 |
පැරණි විදේශ ගමන් බලපත්‍රයේ All Country, Middle East Country යනුවෙන් පිටුවක් වෙන් වී තිබුණු අතර, ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ - ICAO - ප්‍රමිතියට අනුව දැනට භාවිත කරනු ලබන විදේශ ගමන් බලපත්‍රයෙන් එම පිටුව ඉවත් කර ඇත. |
|
පිටු 04 |
පැරණි විදේශ ගමන් බලපත්‍රයේ දරුවන්ගේ තොරතුරු ඇතුළත් කිරීම සඳහා පිටු 04ක් වෙන් වී තිබුණු අතර ICAO ප්‍රමිතීන්ට අනුව දැනට භාවිත කරනු ලබන විදේශ ගමන් බලපත්‍රයෙන් එම පිටු 04 ඉවත් කර ඇත. |
|
පිටු 04 |
වෙනස්කම් කිරීම් සඳහා පිටු 04ක් වෙන් වී තිබූ අතර වර්තමානයේ එම වෙනස්කම් පද්ධතිය තුළින්ම සිදු වන බැවින් එම පිටු 04 ඉවත් කර ඇත. |
|
පිටු 02 |
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහා පිටු 02ක් වෙන් වී තිබූ අතර ICAO ප්‍රමිතියට අනුව දැනට භාවිත කරනු ලබන විදේශ ගමන් බලපත්‍රයේ විසා පිටු පමණක් ඇතුළත් කර එම පිටු 02ක ඉවත් කර ඇත. |
|
පිටු 02 |
විදේශ විනිමය ඇතුළත් කිරීමට පිටු 02ක් වෙන් වී තිබූ අතර, එම පිටු 02ක ද ඉවත් කර ඇත. |
|
නව විදේශ ගමන් බලපත්‍රයේ වීසා පිටු 03ක් පමණක් අඩු වී ඇත. |
|
(v) ගැටලු වාර්තා වී නොමැත.
(vi) මුද්‍රණ දෝෂ කිහිපයක් පමණක් වාර්තා විය.
(vii) පැවති මුද්‍රණ දෝෂ, දෙවැනි හිස් විදේශ ගමන් බලපත්‍ර මුද්‍රණ තොගයේ සිට නිවැරදි කිරීමට කටයුතු කර ඇත.
(ආ) (i) ඔව්.
(ii) නැත.
(iii) අදාළ නොවේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-08-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks