පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
901/2025
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවායේ ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් සිටින්නේද;
(iii) ඒවාට අවශ්‍ය ඉංජිනේරුවන් සංඛ්‍යාව කොපමණද;
(iv) එම සංඛ්‍යාව සිටින්නේද;
(v) නොඑසේ නම්, ඉංජිනේරු පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;
(vi) නව ඉංජිනේරුවන් බඳවා ගන්නේද;
(vii) එසේ නම්, ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) විදුලිය උත්පාදනය කරන ප්‍රභවයන් කවරේද;
(ii) එම එක් එක් ප්‍රභවයෙන් මේ වනවිට උත්පාදනය කරන ඒකක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කරන්නේද;
(iv) එසේ නම්, එහි සේවකයන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) (i) මණ්ඩලය යටතේ පවතින සමාගම්වල මේ වනවිට ආරම්භ කර ඇති උපාය මාර්ගික වැඩසටහන්/ව්‍යාපෘති කවරේද;
(ii) ඉහත එක් එක් සමාගමේ මේ වනවිට සේවය කරන සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) එම සමාගම්වල අතිරික්ත සේවකයන් සිටින්නේද;
(iv) එසේ නම්, අතිරික්ත සේවකයන් සංඛ්‍යාව එක් එක් සමාගම අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) ලංකා විදුලිබල සමාගම මඟින් ආවරණය කරන ප්‍රදේශ කවරේද;
යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-09-12
අසන ලද්දේ
ගරු රෝහිත අබේගුණවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 70කි.
(ii) ඒවායේ ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් නොමැත.
සටහන: ලංකා විදුලිබල මණ්ඩලයේ අනුමත සේවක සංඛ්‍යාව අනුව, බෙදාහැරීම් අංශ 01, 02, 03 හා 04 සඳහා සිටිය යුතු විධායක හා විධායක නොවන මුළු සේවක සංඛ්‍යාව 18,948ක් වේ. 2025.03.31 දිනට එම අංශ හතරෙහි සේවය කළ මුළු ස්ථිර හා අනියම් සේවක සංඛ්‍යාව 16,159කි. ඒ අනුව බෙදාහැරීම් අංශ 04 සඳහා පුරප්පාඩු 2,789ක් පවතී.
(iii) 70යි.
(iv) නැත.
(v) ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලවල පවතින ඉංජිනේරු පුරප්පාඩු සංඛ්‍යාව 09කි.
|
|
විදුලි ඉංජිනේරුවන් |
සිවිල් ඉංජිනේරුවන් |
|
අත්‍යවශයෙන්ම සිටිය යුතු |
421 |
10 |
|
සත්‍ය ලෙසම සිටින (2025.03.31 දිනට) |
310 |
07 |
|
පුරප්පාඩු සංඛ්‍යාව (2025.03.31 දිනට) |
111 |
03 |
(vi) ඔව්.
(vii) 2025.02.19 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි අත්‍යවශ්‍ය තනතුරු සඳහා විදුලි ඉංජිනේරු තනතුරු 60, යාන්ත්‍රික ඉංජිනේරු තනතුරු 07 හා සිවිල් ඉංජිනේරු තනතුරු 03 සඳහා බඳවා ගැනීම් සිදුකිරීමට පුවත්පත් දැන්වීම් හා ලංවිම වෙබ් අඩවිය හරහා අයදුම්පත් කැඳවා, තරග විභාග පවත්වා, සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව අපේක්ෂකයින් බඳවා ගැනීම සඳහා තෝරාගෙන ඇත.
නමුත්, ලංවිම ප්‍රතිව්‍යුහගතකරණය සිදුවෙමින් පවතින බැවින් හා නව බඳවා ගැනීම් අනුප්‍රාප්තික සමාගම් විසින් සිදු කිරීමට සැලසුම් කර ඇති බැවින් මෙම බඳවා ගැනීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇත.
(ආ) (i)
|
|
විදුලි උත්පාදනය කරන ප්‍රභවයන් |
|
ලංවිම |
ප්‍රධාන ජල විදුලි |
|
|
තාප (තෙල්) |
|
|
තාප (ගල් අඟුරු) |
|
|
සුළං |
|
ස්වාධීන පුද්ගලික විදුලි බලාගාර (IPP) |
තාප |
|
|
කුඩා ජල විදුලි |
|
|
ජාලගත සූර්ය |
|
|
වහළ මත සූර්ය |
|
|
ඩෙන්ඩ්‍රෝ |
|
|
ජෛව ස්කන්ධ |
|
|
සුළං |
|
|
නාගරික ඝන අපද්‍රව්‍ය |
(ii)
|
|
විදුලි උත්පාදනය කරන ප්‍රභවයන් |
උත්පාදනය කරන ඒකක සංඛ්‍යාව (ගි.වො. පැය) |
|
|
|
|
2024 |
2025 (මැයි මස දක්වා) |
|
ලංවිම |
ප්‍රධාන ජල විදුලි |
5,426.180 |
2,349.771 |
|
|
තාප (තෙල්) |
1,570.570 |
594.117 |
|
|
තාප (ගල් අඟුරු) |
5,481.544 |
2,322.648 |
|
|
සුළං |
382.974 |
114.497 |
|
ස්වාධීන පුද්ගලික විදුලි බලාගාර (IPP) |
තාප |
767.947 |
373.512 |
|
|
කුඩා ජල විදුලි |
1,473.223 |
530.817 |
|
|
ජාලගත සූර්ය |
256.554 |
110.738 |
|
|
වහළ මත සූර්ය |
866.554 |
573.211 |
|
|
ඩෙන්ඩ්‍රෝ |
84.614 |
43.985 |
|
|
ජෛව ස්කන්ධ |
13.983 |
5.934 |
|
|
සුළං |
409.027 |
116.969 |
|
|
නාගරික ඝන අපද්‍රව්‍ය |
68.458 |
30.538 |
|
එකතුව |
16,801.628 |
7,166.737 |
|
(iii) නැත.
2024 ශ්‍රී ලංකා විදුලිබල පනත මඟින් ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික සමාගම් 12කට බෙදා වෙන් කිරීමට යෝජනා කර තිබූ අතර ඒවායින් සමාගම් 7ක් සම්පූර්ණයෙන්ම පෞද්ගලීකරණය කිරීමටත්, තවත් සමාගමක් සියයට 49ක් දක්වා පෞද්ගලීකරණය කිරීමටත් ඉඩ සලසා තිබුණි. නව රජය බලයට පත්වීමෙන් පසුව 2025 අංක 14 දරන ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධිත) පනත මඟින් මෙම තත්ත්වය වෙනස් කර සම්පූර්ණයෙන්ම රජයට අයත් සමාගම් 06ක් පිහිටුවීමට කටයුතු කරමින් සිටී. ඒ අනුව, ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කරන්නේ නැත.
(iv) සම්පූර්ණ සේවකයින් නව සමාගම් 04ක් සඳහා අනුයුක්ත කරන අතර, ඒ සඳහා අකමැති සේවකයින් හට දැනට ප්‍රසිද්ධ කර ඇති ස්වේච්ඡා වන්දි යෝජනා ක්‍රමයට අනුගත වෙමින් සේවයෙන් ඉවත්ව යා හැකිය. සියලුම සේවකයින් රඳවා ගැනීමට රජය අපේක්ෂා කරයි.
(ඇ) (i) ලංකා විදුලිබල මණ්ඩලය යටතේ ලංකා විදුලි පුද්ගලික සමාගම, ලංකා එනර්ජීස් සමාගම, ලංකා ගල් අඟුරු සමාගම පවතී.
ලංකා විදුලි පුද්ගලික සමාගම - LECO - පහත සඳහන් උපාය මාර්ගික වැඩසටහන්/ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි.
● ආසියානු බැංකු ණය පහසුකම් යටතේ ලංකා විදුලි පුද්ගලික සමාගම යටතේ ඇති ප්‍රදේශවල මධ්‍යම වෝල්ටීයතා විදුලිය බෙදාහැරීම් ජාලය නවීකරණය කිරීම කරනු ලබයි.
● කැලණිය, කෝට්ටේ, නුගේගොඩ වැනි නාගරික ප්‍රදේශවල විදුලි සැපයුමේ අඛණ්ඩතාව පවත්වා ගැනීම, විදුලි බිඳවැටීම් අවම කිරීම හා පද්ධතියට සූර්ය බලය ලබා ගැනීමේ හැකියාව ඉහළ නැංවීම සඳහා ලංකා විදුලි පුද්ගලික සමාගමේ බෙදාහැරීම් පද්ධතිය සහ වෝල්ට් 33,000 විදුලි රැහැන් මාර්ග ස්ථාපිත කිරීමට කටයුතු කිරීම.
● ලංකා විදුලි පුද්ගලික සමාගමේ මීගමුව, කැලණිය බල ප්‍රදේශවල වෝල්ට් 11,000 විදුලි රැහැන් පද්ධති වෝල්ට් 33,000 විදුලි රැහැන් පද්ධතියක් බවට වැඩි දියුණු කිරීමට කටයුතු කිරිම හා එම ප්‍රදේශවල ඇති ප්‍රාථමික උප පොළවල් වෝල්ට් 33,000 වහරු අංගන බවට වැඩි දියුණු කිරීම.
● වඩාත් පුළුල් සමාජ දැක්මක් යටතේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව වැඩි දියුණු කිරීම සඳහා ලංකා විදුලි පුද්ගලික සමාගමේ කාන්තා කාර්ය මණ්ඩලය පුහුණු කිරීම හා ආරක්ෂාකාරී හා පරිසර හිතකාමී ලෙස විදුලිය භාවිතය පිළිබඳ සමාජය දැනුවත් කිරීම.
සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම විසින් ලංකා විදුලිබල මණ්ඩලය යටතේ පවතින ලක්විජය බලාගාරයට අවශ්‍ය වාර්ෂික ගල් අඟුරු අවශ්‍යතාවය හිඟයකින් තොරව නොකඩවා සැපයීම සිදු කරයි.
ශ්‍රී ලංකා එනර්ජීස් සමාගම විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ අබලි ඇලුමිනියම් ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ව්‍යාපෘතියක් සහ වහල මත සවිකළ සූර්ය බල ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කරයි.
(ii)
|
|
ලංකා විදුලි පුද්ගලික සමාගම |
සීමාසහිත ලංකා ගල් අඟුරු (පුද්ගලික) සමාගම |
ශ්‍රී ලංකා එනර්ජිස් පුද්ගලික සමාගම |
|
ඉංජිනේරුවන් |
57 |
- |
13 |
|
අනෙකුත් විධායක නිලධාරින් |
106 |
10 |
07 |
|
විධායක නොවන නිලධාරින් |
1111 |
10 |
56 |
|
එකතුව |
1274 |
20 |
76 |
(iii) නැත.
(iv) නැත.
(v) ● මීගමුව ශාඛාව - මීගමුව මහ නගර සභාව, කටාන ප්‍රාදේශීය සභාව, ජා ඇල නගර සභාව, ජා ඇල ප්‍රාදේශීය සභාව, කටුනායක - සීදුව නගර සභාව
● කැලණිය ශාඛාව - කැලණිය ප්‍රාදේශීය සභාව, පෑලියගොඩ නගර සභාව, වත්තල ප්‍රාදේශීය සභාව, මහර ප්‍රාදේශීය සභාව
● කෝට්ටේ ශාඛාව - ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ කොටසක්, කොළොන්නාව නගර සභාව, කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාව
● නුගේගොඩ ශාඛාව - ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ කොටසක්, මහරගම නගර සභාව, බොරලැස්ගමුව නගර සභාව
● මොරටුව ශාඛාව - මොරටුව මහ නගර සභාව, පානදුර නගර සභාව, පානදුර ප්‍රාදේශීය සභාව
● කළුතර ශාඛාව - කළුතර මහ නගර සභාව, කළුතර ප්‍රාදේශීය සභාව, දොඩන්ගොඩ ප්‍රාදේශීය සභාව, බේරුවල නගර සභාව, බේරුවල ප්‍රාදේශීය සභාව
● ගාල්ල ශාඛාව - ගාල්ල මහ නගර සභාව, හික්කඩුව නගර සභාව, රත්ගම ප්‍රාදේශීය සභාව, අම්බලන්ගොඩ නගර සභාව, බලපිටිය ප්‍රාදේශීය සභාව
(ඈ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-10-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks