පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
881/2025
ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) රජය විසින් පිරිනමනු ලබන ‘දීමනා පත්‍ර’ (Deed of Grant) හෝ ‘ඉඩම් බලපත්‍ර’ (Land Permit) නොමැතිව මඩකලපුව දිස්ත්‍රික්කයේ, මන්මුනෛපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති රජයේ ඉඩම්වල පුද්ගලයන් පදිංචිවී සිටින බව දන්නේද;
(ii) එසේ නම්, එම පුද්ගලයන්ගේ සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;
(iii) එම රජයේ ඉඩම්වලින් ඉහත පුද්ගලයන් නීත්‍යානුකූලව ඉවත් කිරීම සඳහා 2017.01.01 සිට 2025.03.31 දින දක්වා වූ කාලසීමාවේදී අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබේද;
(iv) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;
(v) අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නඩු පැවරූ පුද්ගලයන් අතරින් 2017.01.01 සිට 2025.03.31 දක්වා වූ කාලසීමාවේදී අධිකරණ නියෝග මත රජයේ ඉඩම්වලින් ඉවත් කරන ලද පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;
(vi) නඩු පැවරිය යුතු එහෙත් අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නඩු නොපවරන ලද පුද්ගලයන් සිටින්නේද;
(vii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;
(viii) කිහිපදෙනෙකුට එරෙහිව පමණක් නඩු පැවරීමටත්, වැඩි පිරිසකට එරෙහිව නඩු නොපැවරීමටත් හේතු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-06
අසන ලද්දේ
ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii)
(iii) ඔව්.
(iv) පුද්ගලයින් 31දෙනෙකු.
(vi) නැත.
(vii) අදාළ නොවේ.
(viii) එලෙස සිදුකර නොමැත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරවින්ද සෙනරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks