01

E   |     |  

 දිනය: 2025-08-21   පිළිතුර ලබා දී ඇත 

0877/2025: මන්මුනෛ උතුර ප්‍රා.ලේ. කොට්ඨාසයේ රජයේ ඉඩම් : අනවසර පදිංචිකරුවන්

877/2025

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)       (i)     රජය විසින් පිරිනමනු ලබන ‘දීමනා පත්‍ර’ (Deed of Grant) හෝ ‘ඉඩම් බලපත්‍ර’ (Land Permit) නොමැතිව මඩකලපුව දිස්ත්‍රික්කයේ, මන්මුනෛ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති රජයේ ඉඩම්වල පුද්ගලයන් පදිංචිවී සිටින බව දන්නේද;

(ii) එසේ නම්, එම පුද්ගලයන්ගේ සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;

(iii) එම රජයේ ඉඩම්වලින් ඉහත පුද්ගලයන් නීත්‍යානුකූලව ඉවත් කිරීම සඳහා 2017.01.01 සිට 2025.03.31 දින දක්වාවූ කාලසීමාවේදී අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරා තිබේද;

(iv) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද; 

(v) නඩු පවරන ලද පුද්ගලයන් අතරින් උක්ත කාලසීමාවේදී අධිකරණ නියෝග මත රජයේ ඉඩම්වලින් ඉවත් කරන ලද පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද; 

(vi) නඩු පැවරිය යුතු එහෙත් අදාළ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් නඩු නොපවරන ලද පුද්ගලයන් සිටීද;

(vii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද; 

(viii) කිහිපදෙනෙකුට එරෙහිව පමණක් නඩු පැවරීමටත්, වැඩි පිරිසකට එරෙහිව නඩු නොපැවරීමටත් හේතු කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

  (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

 

අසන ලද දිනය

2025-08-21

අසන ලද්දේ

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)       ඔව්.

                        මන්මුනෛ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දීමනාපත්‍ර සහ බලපත්‍ර නොමැතිව රජයේ ඉඩම්වල පදිංචි ජනතාවට ඉඩම් කොමසාරිස් ජනාරාල්ගේ අංක 2008/04 දරන චක්‍රලේඛයට අනුව අදාළ ඉඩම් දීර්ඝ කාලීන බදු ක්‍රමය යටතේ ලබා දීමට ප්‍රාදේශීය ලේකම් විසින් කටයුතු සිදු කරනු ලබයි.

               (ii)       ඇමුණුම 01හි දක්වා ඇත.

 

 

             (iii)       ඔව්.

කිසිදු අවසරයක් නොමැතිව රජයේ ඉඩම් බලහත්කාරයෙන් භුක්ති විඳින අයට විරුද්ධව ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් සන්තකය ආපසු ලබා ගැනීමේ පනත යටතේ නඩු පවරා ඇත.

(iv) ඇමුණුම 02හි දක්වා ඇත.

එය දීර්ඝ ඇමුණුමක්. එම නිසා ඇමුණුම 02 සභාගත* කරනවා.

(v) ඇමුණුම 03හි දක්වා ඇත.

අධිකරණයේ පිස්කල් කටයුතු මඟින් ඉවත් නොකරන ලද පුද්ගලයින් 41දෙනෙකු සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම් විසින් මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත දන්වා ඇත. අනෙක් පුද්ගලයන් පිළිබඳ වාර්තා ඉදිරිපත් කරන ලෙස එම ප්‍රදේශයන්හි ග්‍රාම නිලධාරින් වෙත දන්වා ඇත.

(vi)       නැත.

             (vii)       අදාළ නොවේ.

            (viii)       අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-08-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks