01

E   |     |  

 දිනය: 2025-06-17   පිළිතුර ලබා දී ඇත 

0875/2025: මන්මුනේ උතුර ප්‍රා.ලේ. කොට්ඨාසයේ ඉඩම් නොමැති පුද්ගලයන්: දීමනා ඔප්පු හෝ ප්‍රදානය කරන ලද ඉඩම් සඳහා බලපත්‍ර

875/2025

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)          (i)      ඉඩම් නොමැති පුද්ගලයන් විසින් ඉඩම් ලබා ගැනීම සඳහා 2017.01.01 සිට 2025.03.31 දින දක්වා වූ කාලසීමාවේදී මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බව දන්නේද;

(ii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;

(iii) එම පුද්ගලයන්ට දීමනා ඔප්පු (Deed of Grant) හෝ ඉඩම් බලපත්‍ර (Land   permit) ලබා දී තිබේද;

(iv) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති රජයේ ඉඩම්වල පදිංචි වී ඇති පුද්ගලයන්ගෙන් බහුතරයකට මේ දක්වා දීමනා ඔප්පු හෝ ඉඩම් බලපත්‍ර ලබා දී නොමැති බව දන්නේද;

(ii) එසේ නම්, එම පුද්ගලයන් සංඛ්‍යාව, ඔවුන්ගේ නම් සහ අදාළ විස්තර කවරේද;

(iii) එම පුද්ගලයන්ට මේ දක්වා ඉඩම් ඔප්පු හෝ ඉඩම් බලපත්‍ර ලබා නොදීමට  හේතු කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-06-17

අසන ලද්දේ

ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      ඇමුණුම් 01 හා ඇමුණුම 02 මඟින් ඉදිරිපත් කර ඇත.

             (iii)      ඔව්.

                        1995 වර්ෂයට පෙර පවත්වන ලද ඉඩම් කච්චේරි වැඩසටහන් මඟින් සුදුසුකම් සපුරන ලද අඩු ආදායම්ලාභී පුද්ගලයන් සඳහා පමණක් ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර හා දීමනා පත්‍ර ලබා දීම සිදු කරනු ලැබේ.

                        නමුත්, මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහ නගර සීමාවට අදාළ බැවින් 1995 වර්ෂයෙන් පසුව එම ප්‍රද්ශයේ ඉඩම් සඳහා ඉඩම් සංවර්ධන ආඥා පනත ප්‍රකාරව බලපත්‍ර හා දීමනාපත්‍ර ලබා දීමට නෛතික හැකියාවක් නොමැති බැවින්, එකී ඉඩම් රජයේ ඉඩම් ආඥා පනත යටතේ දීර්ඝ කාලීන බදුකර වශයෙන් බැහැර කිරීම සිදු කරනු ලැබේ.

(iv) ඇමුණුම් 01, 02 හා 03 මඟින් ඉදිරිපත් කර ඇත.

(ආ) (i) මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහ නගර සභා සීමාව තුළ පවතින බැවින් ඉඩම් බැහැර කිරීම් සිදු කරනු ලබන්නේ රජයේ ඉඩම් ආඥා පනත යට‍තේ දීර්ඝ කාලීන බදු ලබා දීම වශයෙනි.

කෙසේ නමුත්, 1995 වර්ෂයට පෙර ඉඩම් කච්චේරි පවත්වා අඩු ආදායම්ලාභින් වශයෙන් සුදුසුකම් ලද පුද්ගලයන් වෙත පමණක් ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ බලපත්‍ර හා දීමනාපත්‍ර ලබා දීම සිදු කරනු ලැබේ.

(ii) ඇමුණුම් 01**, 02** හා 03** මඟින් ඉදිරිපත් කර ඇත.

(iii) මන්මුනේ උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය මහ නගර සභා සීමාව තුළ පවතින බැවින් ඉඩම් සංවර්ධන ආඥා පනත යට‍තේ දීමනා පත්‍ර සහ බලපත්‍ර නිකුත් කළ නොහැකි බැවින්.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-06-17

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks