01

E   |     |  

 දිනය: 2025-07-08   පිළිතුර ලබා දී ඇත 

0872/2025: 2014-2018 දක්වා තේ නැවත වගා කිරීම: ‍ගෙවන ලද සහනාධාර

----

අසන ලද දිනය

2025-07-08

අසන ලද්දේ

ගරු නිශාන්ත පෙරේරා මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ශ්‍රී ලංකා තේ මණ්ඩලය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මඟින් සහනාධාර ගෙවීම යටතේ තේ නැවත වගා කිරීම සඳහා ඉලක්ක කර තිබූ ඉඩම් ප්‍රමාණය සහ තේ නැවත වගා  කර ඇති ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාරවලින් එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් පහත පරිදි වේ.

                        කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය

 

වර්ෂය

අක්කර 10ට වඩා අඩු ඉඩම් ඉලක්කය (හෙක්ටෙයාර)

ප්‍රගතිය (හෙක්ටෙයාර)

ප්‍රගතිය (%)

2014

1125

720

64

2015

1200

806

67

2016

1000

733

73

2017

1040

748

72

2018

1060

1027

97

ශ්‍රී ලංකා තේ මණ්ඩලය

 

වර්ෂය

ඉලක්ක කර තිබූ ඉඩම් ප්‍රමාණය (හෙක්ටෙයාර)

අක්කර 10ත් 50ත් අතර මධ්‍ය පරිමාණ ඉඩම් හිමියන් වගා කළ ප්‍රමාණය (හෙක්ටෙයාර)

ප්‍රාදේශීය වතු සමාගම් වගා කළ ප්‍රමාණය (හෙක්ටෙයාර)

වගා කළ  සම්පූර්ණ ඉඩම් ප්‍රමාණය (හෙක්ටෙයාර)

2014

161.53

78.91

142.69

221.6

2015

382.30

27.06

421.32

448.38

2016

269.23

69.37

231.11

300.48

2017

222.00

38.66

137.63

176.29

2018

222.00

44.85

139.5

184.35

              (ii)      ගෙවීම් සිදු කර ඇත.

 

                        නමුත් තේ නැවත වගාව සඳහා හෙක්ටෙයාර එකකට ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් රුපියල් 500,000ක් හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය විසින් රුපියල් 630,000ක් ලෙස ගෙවීම් සිදු කරයි.  ගෙවීම් කිරීමේදී එය වාරික 03කින් නොව වාරික 05කින් ගෙවීම් සිදු කරයි.

 

             (iii)      ඔව්.

 

 

 

ශ්‍රී ලංකා තේ මණ්ඩලය වාරික ගෙවීම් සිදු කරන ආකාරය

 

වාරිකය

ගෙවීම් කරන ක්‍රමය

හෙක්ටෙයාර 01ක් සඳහා (රු.ශත)

පළමු වාරිකය

පැරණි වගාව ඉවත් කිරීම සහ බිම් සකස් කිරීම

130,000.00

දෙවන වාරිකය

පස පුනරුත්ථාපනය - මානා සිටුවා මාස 06ට පසු

50,000.00

තෙවන වාරිකය

පස පුනරුත්ථාපනය - මානා සිටුවා මාස 18ට පසු

200,000.00

සිව්වන වාරිකය

පැළ සිටුවීම සම්පූර්ණ කිරීමෙන් පසුව

70,000.00

පස්වන වාරිකය

පැළ සිටුවා වසරකට පසු නඩත්තුව සඳහා

50,000.00

එකතුව

 

500,000.00

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය වාරික ගෙවීම් සිදු කරනආකාරය

 

වාරිකය

ගෙවීම් කරන ක්‍රමය

හෙක්ටෙයාර 01ක් සඳහා (රු.ශත)

පළමු වාරිකය

බිම් සකස් කිරීම

180,000.00

දෙවන වාරිකය

පස සාරවත් කිරීම - අදියර I

50,000.00

තෙවන වාරිකය

පස සාරවත් කිරීම - අදියර II

200,000.00

සිව්වන වාරිකය

පැළ සිටුවීම සම්පූර්ණ කිරීමෙන් පසුව

140,000.00

පස්වන වාරිකය

පැළ සිටුවා වසරකට පසු

60,000.00

එකතුව

630,000.00

(ආ)     අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-07-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks