පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
871/2025
ගරු නිශාන්ත පෙරේරා මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ගාල්ල දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන විසින් භුක්ති විඳිනු ලබන නිශ්චල දේපළ එක් එක් පළාත් පාලන ආයතනය අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) එම දේපළ අතරින් පළාත් පාලන ආයතනය විසින් නීත්‍යානුකූලව භුක්ති විඳින නිශ්චල දේපළ ප්‍රමාණය සහ නීත්‍යානුකූල නොවන ආකාරයට භුක්ති විඳින නිශ්චල දේපළ ප්‍රමාණය එක් එක් පළාත් පාලන ආයතනය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉහත පළාත් පාලන ආයතන විසින් නීත්‍යානුකූල නොවන ආකාරයට භුක්ති විඳින නිශ්චල දේපළ තිබේ නම්, ඒවා නීත්‍යානුකූල කිරීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-03
අසන ලද්දේ
ගරු නිශාන්ත පෙරේරා මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) • ගාල්ල දිස්ත්‍රික්කය තුළ පළාත් පාලන ආයතන 20ක් පවතින අතර එම එක් එක් පළාත් පාලන ආයතන විසින් භුක්ති විඳිනු ලබන නිශ්චල දේපළ ප්‍රමාණය විස්තරාත්මකව ඇමුණුමෙහි සඳහන් කර ඇත. ඇමුණුම සභාගත* කරමි.
• එම එක් එක් පළාත් පාලන ආයතන භුක්ති විඳින නිශ්චල දේපළ ප්‍රමාණය පිළිබඳ කෙටි විස්තරයක් පහත දැක්වේ.
|
අනු අංකය |
පළාත් පාලන ආයතනය |
භුක්ති විඳිනු ලබන නිශ්චල දේපළ සංඛ්‍යාව |
|
01 |
ගාල්ල මහ නගර සභාව |
133 |
|
02 |
අක්මීමන ප්‍රාදේශීය සභාව |
72 |
|
03 |
අම්බලන්ගොඩ නගර සභාව |
85 |
|
04 |
අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව |
44 |
|
05 |
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව |
109 |
|
06 |
ඉමදුව ප්‍රාදේශීය සභාව |
60 |
|
07 |
කරන්දෙණිය ප්‍රාදේශීය සභාව |
72 |
|
08 |
තවලම ප්‍රාදේශීය සභාව |
07 |
|
09 |
නෙළුව ප්‍රාදේශීය සභාව |
22 |
|
10 |
බද්දේගම ප්‍රාදේශීය සභාව |
178 |
|
11 |
බලපිටිය ප්‍රාදේශීය සභාව |
84 |
|
12 |
බෙන්තොට ප්‍රාදේශීය සභාව |
51 |
|
13 |
බෝපෙ-පෝද්දල ප්‍රාදේශීය සභාව |
49 |
|
14 |
යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව |
45 |
|
15 |
රජ්ගම ප්‍රාදේශීය සභාව |
82 |
|
16 |
වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය සභාව |
43 |
|
17 |
හබරාදූව ප්‍රාදේශීය සභාව |
58 |
|
18 |
හික්කඩුව ප්‍රාදේශීය සභාව |
44 |
|
19 |
නියාගම ප්‍රාදේශීය සභාව |
32 |
|
20 |
නාගොඩ ප්‍රාදේශීය සභාව |
60 |
(ii) පළාත් පාලන ආයතන නීත්‍යනුකූල අයිතිය පවරාගෙන භුක්ති විඳින නිශ්චල දේපළ හා මෙතෙක් නීත්‍යනුකූල අයිතිය පවරාගෙන නොමැතිව භුක්ති විඳිනු ලබන නිශ්චල දේපළ පිළිබඳ විස්තර පහත පරිදි වේ.
|
අනු අංකය |
පළාත් පාලන ආයතනය |
භුක්ති විඳිනු ලබන නිශ්චල දේපළ සංඛ්‍යාව |
නීත්‍යනුකූල අයිතිය පවරාගෙන භුක්ති විඳිනු ලබන නිශ්චල දේපළ සංඛ්‍යාව |
මෙතෙක් නීත්‍යනුකූල අයිතිය පවරා ගෙන නොමැතිව භුක්ති විඳිනු ලබන නිශ්චල දේපළ සංඛ්‍යාව |
|
01 |
ගාල්ල මහ නගර සභාව |
133 |
33 |
100 |
|
02 |
අක්මීමන ප්‍රාදේශීය සභාව |
72 |
55 |
17 |
|
03 |
අම්බලන්ගොඩ නගර සභාව |
85 |
85 |
- |
|
04 |
අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව |
44 |
14 |
30 |
|
05 |
ඇල්පිටිය ප්‍රාදේශීය සභාව |
109 |
39 |
70 |
|
06 |
ඉමදුව ප්‍රාදේශීය සභාව |
60 |
47 |
13 |
|
07 |
කරන්දෙණිය ප්‍රාදේශීය සභාව |
72 |
09 |
63 |
|
08 |
තවලම ප්‍රාදේශීය සභාව |
07 |
02 |
05 |
|
09 |
නෙළුව ප්‍රාදේශීය සභාව |
22 |
11 |
11 |
|
10 |
බද්දේගම ප්‍රාදේශීය සභාව |
178 |
162 |
16 |
|
11 |
බලපිටිය ප්‍රාදේශීය සභාව |
84 |
47 |
37 |
|
12 |
බෙන්තොට ප්‍රාදේශීය සභාව |
51 |
50 |
01 |
|
13 |
බෝපෙ-පෝද්දල ප්‍රාදේශීය සභාව |
49 |
49 |
- |
|
14 |
යක්කලමුල්ල ප්‍රාදේශීය සභාව |
45 |
41 |
04 |
|
15 |
රජ්ගම ප්‍රාදේශීය සභාව |
82 |
69 |
13 |
|
16 |
වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය සභාව |
43 |
19 |
24 |
|
17 |
හබරාදූව ප්‍රාදේශීය සභාව |
58 |
58 |
- |
|
18 |
හික්කඩුව ප්‍රාදේශීය සභාව |
44 |
27 |
17 |
|
19 |
නියාගම ප්‍රාදේශීය සභාව |
32 |
04 |
28 |
|
20 |
නාගොඩ ප්‍රාදේශීය සභාව |
60 |
34 |
26 |
(iii) • අදාළ පළාත් පාලන ආයතන විසින් මෙතෙක් නීත්‍යනුකූල අයිතිය පවරාගෙන නොමැතිව භුක්ති විඳිනු ලබන දේපළ, ඒවායේ හිමිකාරිත්වය නීත්‍යනුකූල කර ගැනීම සඳහා අදාළ පාර්ශ්ව වෙතින් දීර්ඝ කාලීනව ඉල්ලීම් සිදු කර ඇත.
• ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත්, පළාත් පාලන ආයතන විසින් භුක්ති විඳිනු ලබන මෙතෙක් එම ආයතන වෙත පවරා දී නොමැති ඉඩම්, එම ඉඩමේ වටිනාකමෙන් සියයට 25ක මුදලක් අයකර අදාළ පළාත් පාලන ආයතන වෙත පවරා දීමට අදාළව ලිඛිත ඉල්ලීමක් යොමු කරන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සමඟ 2025.03.05 දින පැවති සාකච්ඡාව අනුව තීරණය කරන ලද බැවින්, ඒ බැව් මා විසින් යොමු කරන ලද අංක PL/6/8/8/137 හා 2025.05.09 දිනැති ලිපිය මඟින් දකුණු පළාත් සභාව දැනුවත් කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-03
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks