පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-08-21
අසන ලද්දේ
ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවේ වායු දූෂණයට ප්‍රධානම සාධකය වාහනවලින් පිටවන දුම බවට හඳුනා ගැනීමත්, එය කළමනාකරණය නොවීම තුළින් ජීවත් වීමට ඇති මූලික අයිතිය කඩ වන බවට පංච පුද්ගල විනිශ්චය මණ්ඩලයක් ඒකමතිකව තීන්දු කිරීමත් සමඟ අංක 569/98 මූලික අයිතිවාසිකම් නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වාහන වායු විමෝචන ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීම සඳහා රජයට නියෝග කරන ලදී. එකී නියෝගය කිරීම පදනම් කර ගනිමින් වාහන වායු විමෝචන පරීක්ෂණ වැඩසටහන ආරම්භ කෙරිණි.
(ii) 2008.11.17 දින බස්නාහිර පළාතෙන් ආරම්භ කර 2013.06.01 වනවිට උතුරු පළාත ද ඇතුළුව සමස්ත දිවයිනම ආවරණය කර ඇත.
(iii) 2024 වර්ෂයට අනුව වාර්ෂික ආදායම:
(iv) · ලාෆ්ස් එකෝ ශ්‍රී සමාගම
· ක්ලීන්කෝ ලංකා පුද්ගලික සමාගම
(ආ) (i) වාහනවලින් පිට වන දුම මඟින් ඇති වන වායු දූෂණය අවම කිරීම ඇතුළු සමස්ත වායු සම්පත කළමනාකරණය කිරීම තනි තනිව සිදු කළ නොහැකි නමුත්, ආයතන ගණනාවක මනා සම්බන්ධීකරණය මඟින් පමණක් ළඟා කර ගත හැකි ඉලක්කයක් වේ.
ඒ අනුව වායු දූෂණය කළමනාකරණය කිරීම හා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිදු කළ යුතු ක්‍රියාකාරකම් සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය හා එම කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය අරමුදල් රාජ්‍ය භාණ්ඩාගාරයට බරක් නොවි රැස් කරගැනීම සඳහා වාහන වායු විමෝචන භාරකාර අරමුදල ස්ථාපිත කර ඇත.
(ii) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙනු ලැබූ නියෝගයට අනුව එවකට ශ්‍රී ලංකාවට ගැළපෙන පරිදි වාහන වායු විමෝචන පරීක්ෂණ ක්‍රමවේදය 2000-2002 කාල පරිච්ඡේදය තුළ ලෝක බැංකු ආධාර යටතේ, දේශීය හා විදේශීය නියෝජිතයන්ගෙන් සමන්විත විද්වත් කමිටුවක් මඟින් සකස් කර ඇත. එහිදී මෙවැනි පාරිසරික සංරක්ෂණ කටයුතු වෙනුවෙන් රාජ්‍යයන්හි ප්‍රමුඛතාව නොලැබීම සැලකිල්ලට ගෙන මේ සඳහා විකල්පයක් වශයෙන් ජාත්‍යන්තරව පිළිගන්නා සංකල්පයක් ලෙස භාර අරමුදල් ක්‍රමවේදය එම කමිටුව විසින් යෝජනා කර ඇත.
දුම් පරීක්ෂාව ආරම්භ කිරීම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශය මඟින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සන්දේශය හා 2008.09.03 දිනැති අමාත්‍ය මණ්ඩල සන්දේශයට 2008.09.03 දිනැතිව අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. පසුව නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලද වායු විමෝචන භාරකාර අරමුදලේ ගිවිසුම 2009.12.27 දින භාණ්ඩාගාර ලේකම් හා භාරකරුවන් පස්දෙනෙකු අතර අත්සන් කර නිල වශයෙන් වායු විමෝචන භාරකාර ගිවිසුම ආරම්භ කර ඇත. (භාරකරුවන් : මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම්-සභාපති, පරිසර අමාත්‍යාංශයේ ලේකම්, ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, මුදල් අමාත්‍යාංශ නියෝජිතයෙක්)
(iii) දුම් පරීක්ෂණ ක්‍රියාවලිය රජයට ආදායම් ඉපැයීමේ ප්‍රභවයක් නොවේ. නමුත් දුම් පරීක්ෂණ ගාස්තුවෙන් සියයට 7.5ක් වායු විමෝචන භාරකාර අරමුදලට හා සියයට 17.5ක් රජයේ බදු (VAT හා SSCL) ආදායමට අයත් වේ.
(iv) ඔව්. 2024 වර්ෂය සඳහා සමස්ත බදු ආදායම රුපියල් 852,226,088කි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-08-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks