පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
867/2025
ගරු ලාල් ප්‍රේමනාත් මහතා,— සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මාතර දිස්ත්‍රික්කයේ, එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති, මධ්‍යම රජයට සහ පළාත් සභාවට අයත් රෝහල් සංඛ්‍යාව, රජයේ රෝහල් ශ්‍රේණිගත කිරීමේ ක්‍රමවේදය අනුව එම එක් එක් රෝහල අයත් වන ශ්‍රේණිය සහ එම එක් එක් රෝහලෙන් සේවය ලබා ගන්නා පුද්ගලයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) කොටපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති දෙනියාය මූලික රෝහල වර්ෂ 100කට වඩා පැරණි රෝහලක් බව පිළිගන්නේද;
(iii) එම රෝහල මේ වනවිට නාය යෑමේ තර්ජනයට මුහුණ දී ඉතාමත් අවදානම් තත්ත්වයක පවතින බව දන්නේද;
(iv) එසේ නම්, ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-05
අසන ලද්දේ
ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
සෞඛ්‍ය සහ ජනමාධ්‍ය
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මාතර දිස්ත්‍රික්කයේ, මාතර දිස්ත්‍රික් මහ රෝහල ඇතුළු ප්‍රාදේශීය වෛද්‍ය සත්කාර ඒකක දක්වා ගත්තාම, ඔක්කොම 38ක් පවතිනවා. ඒ 38න් 2024 වර්ෂයේදී බාහිර රෝගී අංශයෙන් 2,160,903ක් ප්‍රතිකාර ලබාගෙන තිබෙනවා. අභ්‍යන්තර රෝගීන් 237,205ක් ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා. සායනවලින් 1,131,443ක් ප්‍රතිකාර ලබා ගෙන තිබෙනවා. ඒ සියලු තොරතුරු ඇතුළත් ලේඛනය ඇමුණුම 01 වශයෙන් මම සභාගත* කරනවා.
(ii) ඔව්. දැනට සොයාගෙන ඇති ලිඛිත සාධක අනුව දෙනියාය මූලික රෝහල වසර 127ක් පැරණි වේ.
(iii) ඔව්.
(iv) දැනට මේ රෝහල නව ස්ථානයක ඉදිකිරීමට සැලසුම් සකස් කර ජාතික ක්‍රමසම්පාදන දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට කටයුතු කර ඇත. තවද, ඊට අවශ්‍ය ප්‍රතිපාදන 2026 අය වැය යෝජනා මඟින් වෙන්කර දෙන ලෙසට මහා භාණ්ඩාගාරය වෙතින් ඉල්ලීම් කර ඇත. ශක්‍යතා අධ්‍යයනයකින් පසු සකස් කරනු ලැබූ ව්‍යාපෘති යෝජනාව අනුව පවතින මූල්‍ය ප්‍රතිපාදන සහ රෝගී සත්කාර සේවා ධාරිතා අවශ්‍යතා අනුව ඇඳන් 300ක මූලික රෝහලක් ලෙස ඉදිකිරීමට යෝජිතය.
නව රෝහල ඉදිකරන තෙක් පවතින ස්ථානයේ සුරක්ෂිත රෝගී සත්කාර සේවාවක් වෙනුවෙන් අධිඅවදානම් නායයෑම් ස්ථාන ස්ථායීකරණය හා අභ්‍යන්තර අවකාශ කළමනාකරණ ක්‍රියාවලියක් මේ වන විටත් සිදු කරමින් පවතී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-08-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks