01

E   |     |  

 දිනය: 2025-07-23   පිළිතුර ලබා දී ඇත 

0866/2025: සංචාරක ආකර්ෂණ ප්‍රදේශ: මාතර දිස්ත්‍රික්කය

----

අසන ලද දිනය

2025-07-23

අසන ලද්දේ

ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      දැනට ශ්‍රී ලංකාවේ සංචාරක සංවර්ධන ප්‍රදේශ ලෙස ගැසට් කර ඇති ප්‍රදේශ සංඛ්‍යාව 24කි.

              (ii)      මාතර දිස්ත්‍රික්කය ආවරණය කරමින්, මාතර, වැලිගම, මිරිස්ස, ගන්දර, කෝට්ට‍ගොඩ සහ දික්වැල්ල යන ප්‍රදේශ වටා විහිදී ඇති විවිධ සංචාරක ආකර්ෂණ ස්ථාන රැසක් පවතී.

                        ඕලන්ද බලකොටුව, සුන්දර පොල්හේන, පැරණි ගැටබරු ලෙන් විහාරය, පැරණි චිත්‍ර කෞතුකාගාරය, පූජනීය ශ්‍රී විෂ්ණු දේවාලය සහ පහළ විහාර ලෙන් මාතර දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධාන සංචාරක ආකර්ෂණීය ස්ථාන වේ. තවද ගන්දර, කෝට්ටගොඩ සහ දික්වැල්ල වෙරළ තීරයන් සන්සුන් වෙරළ තීර ලෙස සංචාරක ආකර්ෂණය දිනා ගන්නා අතර දික්වැල්ල ආශ්‍රිතව හුම්මානය පීඹු කුහරය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙස වඩාත් ප්‍රසිද්ධියක් උසුලයි.

(iii) මාතර දිස්ත්‍රික්කය යටතේ හෙක්ටෙයාර 1,040.75ක පමණ භූමි ප්‍රමාණයක් සංචාරක සංවර්ධන ප්‍රදේශයක් ලෙස ගැසට් කර තිබේ. මෙයින් ආවරණය කරන්නේ උයන්වත්ත, හිත්තැටිය නැ‍ඟෙනහිර, හිත්තැටිය මධ්‍යම, ගොඩගම, කොටුවේගොඩ දකුණ, පොල්හේන, එළියකන්ද දකුණ, මැද්දවත්ත දකුණ, පඹුරණ, තොටමුණ, කොටුව, මඩිහ නැ‍ඟෙනහිර සහ මඩිහ බටහිර යන ග්‍රාම නිලධාරි වසම්වලින් සමන්විත ප්‍රදේශයයි.

(iv) කොටපොළ සහ පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ආකර්ෂණීය සංචාරක ස්ථාන පවතින බව දනිමි.

(v) කොටපොළ හා පිටබැද්දර   සංචාරක සංවර්ධන ප්‍රදේශයක් ලෙස ප්‍රකාශ කිරීම සඳහා අවශ්‍ය සාමාන්‍ය ක්‍රියාවලිය පිළිපදින්නට සිදු වේ. මෙම ක්‍රියාවලියේ පළමු අදියර ලෙස මෙම කලාපය සඳහා අවශ්‍යතාව  හඳුනාගැනීම, ආකර්ෂණීය සංචාරක ස්ථාන, කලාප සීමා ආදී කරුණු සම්බන්ධයෙන් ප්‍රධාන පාර්ශ්වකරුවන් සමඟ සාකච්ඡා පවත්වා එහි තීරණ අනුව මහජන දැනුම්දීම් ක්‍රියාවලියට යා යුතුය.

(vi) කොටපොළ හා පිටබැද්දර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ප්‍රදේශයන් සම්බන්ධයෙන් භූගෝලීය පිහිටීම ද සලකා මේවා මාතර නගර සංචාරක සංවර්ධන ප්‍රදේශය විශාල කරමින් එයට ඇතුළත් කළ යුතුද, නැතහොත් අනාගතයේදී සංචාරක සංවර්ධන ප්‍රදේශයක් ලෙස ගැසට් කිරීමට ඇති දෙනියාය සංචාරක සංවර්ධන ප්‍රදේශය යටතට ඇතුළත් කළ යුතුදැයි පළමුව සාකච්ඡා කර තීරණය කළ යුතුය.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-07-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) රුවන් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks