පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-07-08
අසන ලද්දේ
ගරු ලාල් ප්‍රේමනාත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්. එම තේ ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අවසරය මත තේ කර්මාන්තශාලාවේ සිට තේ ප්‍රතිසැකසුම් මධ්‍යස්ථාන වෙත හා ක්ෂණික තේ නිෂ්පාදනය කරන කර්මාන්තශාලා වෙත බැහැර කිරීමට අවසර ලබා දේ.
(iii) නැත. එම බැහැර කිරීමේ ක්‍රියාවලිය 100%ක්ම නීත්‍යනුකූලව සිදු කිරීමට කටයුතු කරයි.
නීතියට පටහැනිව සිදු කරන ක්‍රියාකාරකම් ශ්‍රී ලංකා පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සම්බන්ධ කර ගනිමින් හඳුනාගෙන සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබයි.
(iv) නැත. නීත්‍යනුකූලව එසේ සිදු විය නොහැක.
කොළඹ තේ වෙන්දේසිය හරහා විකුණන තේ තොගයන්හි සාම්පල පරීක්ෂා කර බලා සුදුසු තේ පමණක් විකිණීමට ඉඩ ලබා දෙනු ලැබේ.
(v) නැත. කසළ තේ අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය අනුමැතිය ලබා නොදේ.
තේ ලෙස නිශ්චිතව හඳුනාගත හැකි කේත අංක -HS කේතය- සහිත තේ පමණක් අපනයනය කිරීම සඳහා ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින් අවසර ලබා දේ.
(vi) දනිමි.
ශ්‍රී ලංකා තේ මණ්ඩලය සෑම විටම HS කේතය සහිත, නිශ්චිතවම තේ ලෙස හඳුනාගත හැකි තේ පමණක් අපනයනය සඳහා අවසර ලබා දේ.
ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ අනුමැතිය යටතේ සිදුවන සියලු තේ අපනයනය කිරිම් සඳහා අදාළ තේ පරීක්ෂා සිදු කිරීමෙන් අනතුරුව අපනයනය කිරීමට අනුමැතිය ලබා දෙයි.
(ආ) (i) කසළ තේ ළඟ තබා ගැනීම, ප්‍රවාහනය සහ විකිණීම 1957 අංක 51 දරන තේ පාලන පනතේ විධිවිධාන යටතේ සිදු කරනු ලැබේ. කසළ/ප්‍රතිසැකසුම් තේ ළඟ තබා ගැනීම, ප්‍රවාහනය සහ විකිණීම සඳහා බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්යය වේ. වලංගු බලපත්‍රයක් රහිතව කසළ/ප්‍රතිසැකසුම් තේ ළඟ තබා ගැනීම, ප්‍රවාහනය සහ විකිණීම එකී පනත අනුව දඬුවම් ලැබිය හැකි වරදක් වේ.
(ii) කසළ තේ අපනයනය කිරීමට අවසර ලබා නොදේ.
(iii) කසළ තේ අපනයනය කිරීමට නීත්‍යනුකූලව ඉඩ ලබා නොදේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-07-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කේ.වී. සමන්ත විද්‍යාරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks