01

E   |     |  

 දිනය: 2025-08-05   පිළිතුර ලබා දී ඇත 

0863/2025: පිරිවෙන් අධ්‍යාපනය: විස්තර

863/2025

ගරු සුජීව දිසානායක මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)

(අ)       (i)       ශ්‍රී ලංකාවේ පිරිවෙන් වර්ගීකරණය කවරේද;

            (ii)       එම පිරිවෙන්වල උගන්වනු ලබන විෂයයන් සංඛ්‍යාව කොපමණද;

          (iii)       එම විෂයයන් කවරේද;

 (iv) මේ වනවිට ඉහත පිරිවෙන්වල ඉගෙන ගනු ලබන සිසුන් සංඛ්‍යාව කොපමණද;

යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) 2025 වර්ෂයේ අයවැය මඟින් පිරිවෙන් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති  මුදල කොපමණද;

(ii) නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් පිරිවෙන් අධ්‍යාපනයට අදාළ විෂයපථය සංශෝධනය කරන්නේද;

යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-08-05

අසන ලද්දේ

ගරු සුජීව දිසානායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ·    මූලික පිරිවෙන්

                        ·     මහා පිරිවෙන්

                        ·     පිරිවෙන් විද්‍යායතන

                        ·     ද්විභාෂා පිරිවෙන්

                        ·     විශේෂ පිරිවෙන් (විද්‍යෝදය, විද්‍යාලංකාර පිරිවෙන්)

                        ·     සීල මාතා අධ්‍යාපන ආයතන

                        ·     පිරි‍වෙන් අභ්‍යාස ආයතන

              (ii)      ·    මූලික පිරිවෙන් විෂයය     14

· ප්‍රාචීන විෂයයන් 08

(iii) අනිවාර්ය විෂයන්

පාලි, සිංහල, සංස්කෘතික, ඉංග්‍රීසි, ත්‍රිපිටක ධර්මය, ගණිතය

වෛකල්පිත විෂයයන්

ඉතිහාසය, භූගෝල විද්‍යාව, සමාජ විද්‍යාව, සාමාන්‍ය විද්‍යාව, සෞඛ්‍ය විද්‍යාව, හින්දි, දෙමළ හා පිරිවෙන් මණ්ඩලය අනුමත විෂයයන්

මහා පිරිවෙන්

පාසල් විෂයයන්ට අදාළ විෂයයන්

ප්‍රාචීන විභාගවලට අදාළ විෂයයන්

පිරිවෙන් විද්‍යායතන

පාසල් විෂයයන්ට අදාළ විෂයයන්

(iv) මේ වන විට ඉහත පිරිවෙන්වල ඉගෙනගනු ලබන සිසුන් සංඛ්‍යාව 69,108කි.

(ආ) (i) 2025 වර්ෂයේ අය වැය මඟින් පිරිවෙන් අධ්‍යාපනය සඳහා වෙන් කර ඇති මුදල

ප්‍රාග්ධන වියදම් සඳහා - රුපියල් මිලියන   210

පුනරාවර්තන

වියදම් සඳහා - රුපියල් මිලියන 7,308

එකතුව - රුපියල් මිලියන 7,518

(ii) ඔව්.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-08-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks