01

E   |     |  

 දිනය: 2025-07-08   පිළිතුර ලබා දී ඇත 

0849/2025: පෞද්ගලික ඉඩම් විකිණීමේදී වෙන් කරන පොදු ඉඩම් ‍කොටස්: මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය

----

අසන ලද දිනය

2025-07-08

අසන ලද්දේ

ගරු රුවන්තිලක ජයකොඩි මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

            ‍(iii)      ඔව්.

(ආ)         (i)      ඉඩම් කොටස් 99ක් පවතින බව හඳුනාගෙන ඇති අතර, එම ඉඩම්වල භූමි ප්‍රමාණය ඇමුණුම මඟින් ඉදිරිපත් කර ඇත. ඇමුණුම සභාගත* කරමි.

                        සභාව සතු පොදු ඉඩම් තවදුරටත් පවතින්නේ ද යන්න සහ එම පොදු පහසුකම් සඳහා වෙන් කළ ඉඩම්වල අනවසර පදිංචිකරුවන් සිටින්නේද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිදු කෙරෙන බැවින් මෙම තොරතුරු විධිමත්ව තහවුරු කර කඩිනමින් ඉදිරිපත් කරන බව මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව විසින් දන්වා ඇත.

  (ii) ඔව්.

(iii) සභාව සතු නිල්පනාගොඩ, මැඩෑමුල්ල නමැති ගමෙහි පිහිටි "පරගහවත්ත එස්ටේට්" නමැති වෙන්දේසි කරන ලද ඉඩමෙහි "අඹ සෙවන වත්ත" නමැති ඉඩමෙහි පර්චස් 40ක (Lot අංක 18 හා 19) පොදු බිම් කොටස් 02ක් අනවසර පදිංචිකරුවකු වන නිල්පනාගොඩ, අඹ සෙවන, අංක 293/18 ලිපිනයේ පදිංචි ගාමිණී හදුවල මහතා විසින් භුක්ති විඳින බවට අනාවරණය වී ඇත.

එමෙන්ම පොදු පහසුකම් සඳහා වෙන් කළ ඉඩම්වල තවත් අනවසර පදිංචිකරුවන් සිටින්නේද යන්න පිළිබඳව විමර්ශන කටයුතු සිදු කෙරෙන බැවින් ඒ සම්බන්ධයෙන් තොරතුරු විධිමත්ව තහවුරු කර කඩිනමින් ඉදිරිපත් කරන බව මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාව විසින් දන්වා ඇත.

(iv) 1979 අංක 07 දරන රජයේ ඉඩම් සන්තකය ආපසු පවරා ගැනීමේ පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු සභාව විසින් සිදු කරමින් පවතී.

(v) එම ස්ථානයේ අනවසරයෙන් පදිංචි වී සිටින ගාමිණී හදුවල නමැති පුද්ගලයා සම්බන්ධ ප්‍රශ්නයේ සඳහන් ඥාති සම්බන්ධතාව තහවුරු කර ගැනීම සඳහා සභාව සතුව තොරතුරු නොමැත. තවද, එම ස්ථානයේ ගොඩ කිරීමක් කර, අනවසර ඉදිකිරීමක් කර ඇති බව සභාවේ තාක්ෂණ නිලධාරියාගේ නිරීක්ෂණය අනුව සභාවේ ලේකම් විසින් තහවුරු කර ඇත.

(vi) 1979 අංක 07 දරන රජයේ ඉඩම් සන්තකය ආපසු පවරා ගැනීමේ පනතට අනුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය ඉදිරි කටයුතු සභාව විසින් සිදු කරමින් පවතී.

(ඇ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-07-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks