පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
848/2025
ගරු රුවන්තිලක ජයකොඩි මහතා,— රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මිනුවන්ගොඩ නගර සභාවට අයත්, ‘නව වෙළඳ සංකීර්ණය’ නමින් හඳුන්වන වෙළඳ සංකීර්ණයක් මිනුවන්ගොඩ නගරයේ තිබෙන බව දන්නේද;
(ii) එහි ඇති වෙළඳ කුටි (කඩ කාමර) සංඛ්‍යාව කොපමණද;
(iii) එම එක් එක් වෙළඳ කුටිය බදු පදනම මත ලබා ගෙන ඇති පුද්ගලයාගේ නම, ලිපිනය සහ අය කරනු ලබන මාසික හෝ වාර්ෂික කුලිය වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත සංකීර්ණයේ වෙළඳ කුටි බදු පදනම මත ලබා ගත් පුද්ගලයන්ට එම වෙළඳ කුටි වෙනත් පුද්ගලයකුට විකිණීමට, බදු දීමට හෝ අයිතිය පැවරීමට නීතිමය අවසරයක් තිබේද;
(ii) මෙම වෙළඳ කුටිවල මේ වනවිට ව්‍යාපාර කටයුතු කරනු ලබන්නේ මිනුවන්ගොඩ නගර සභාව සමඟ ගිවිසුම්ගත වෙමින් එම වෙළඳ කුටි ලබා ගත් පුද්ගලයන්මද;
(iii) නොඑසේ නම්, මේ වනවිට එම වෙළඳ කුටිවල ව්‍යාපාර කටයුතු කරනු ලබන පුද්ගලයන්ගේ නම් ලැයිස්තුව ඉදිරිපත් කරන්නේද;
(iv) එම පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-18
අසන ලද්දේ
ගරු රුවන්තිලක ජයකොඩි මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) 93කි.
(iii) වෙළඳ කුටි 93 සම්බන්ධව සවිස්තර සටහන ඇමුණුම 01 මඟින් ඉදිරිපත් කර ඇත.
ඇමුණුම සභාගත* කරමි.
(ආ) (i) නැත.
(ii) වෙළඳ කුටි 32ක ව්‍යාපාර කටයුතු කරනු ලබන්නේ වෙනත් පුද්ගලයන් විසිනි.
(iii) මේ සම්බන්ධ සවිස්තර සටහන ඇමුණුම 02 මඟින් ඉදිරිපත් කරමි.
(iv) මෙසේ බදුකරු නොවන නමුත් ව්‍යාපාර කටයුතු කරන පුද්ගලයන්ගේ නීත්‍යනුකූලභාවය සොයා බලා එම අයට එරෙහිව නීත්‍යනුකූල පියවර ගැනීමට මිනුවන්ගොඩ නගර සභාව විසින් කටයුතු සිදු කරමින් පවතී.
(ආ) ඉහතින් තොරතුරු සපයා ඇත.
පිළිතුරු දුන් දිනය
2025-06-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (මහාචාර්ය) ඒ.එච්.එම්.එච්. අබයරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks