logo

02

E   |     |  

 දිනය: 2025-08-22   පිළිතුර ලබා දී ඇත 

0846/2025: රාජ්‍ය වැවිලි සමාගම් සතු ඉඩම්: මොනරාගල දිස්ත්‍රික්කය

846/2025

ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)       මොනරාගල දිස්ත්‍රික්කයේ ඇති, රාජ්‍ය වැවිලි සමාගම් සතු ඉඩම් ප්‍රමාණය එක් එක් සමාගම අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)       එම සමාගම් සතු ‍ඉඩම් අතුරු බදුදී තිබේ නම්, එම ඉඩම් ප්‍රමාණය, අතුරු බදු ලබා ගෙන ඇති සමාගම්/ආයතනවල නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) අතුරු බදුදී ඇති ඉඩම් වෙනුවෙන් 2015 වර්ෂයේ සිට මේ දක්වා ලැබුණු බදු ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ඉහත බදු ආදායම නිසි පරිදි අය කර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

 (ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-08-22

අසන ලද්දේ

ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)       මොනරාගල දිස්ත්‍රික්කයට අයත් රාජ්‍ය වැවිලි සමාගම්, එනම් කුරුණෑගල, ඇල්කඩුව සහ හලාවත වැවිලි සමාගම් යටතේ පාලනය වන ඉඩම් නොමැත.

                        ජනතා වතු සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව විසින් ප්‍රාදේශීය වැවිලි සමාගම් වෙත බදු ගිවිසුම් මඟින් බදු දී ඇති මොනරාගල දිස්ත්‍රික්කය තුළ පවතින මුළු ඉඩම් ප්‍රමාණය හෙක්ටෙයාර 1,754.02කි.

                        ජනතා වතු සංවර්ධන මණ්ඩලය

                        හපුගස්තැන්න සහ නමුණුකුල වැවිලි සමාගම් වෙත හෙක්ටෙයාර 1,463.33ක ප්‍රමාණයක් පහත පරිදි ලබා දී ඇත.

  • හපුගස්තැන්න වැවිලි සමාගම

(බිබිල වත්ත සහ ඩැමේරියා

බී වත්තේ කොටසක්) - හෙක්ටෙයාර  925.58

  • නමුණුකුල වැවිලි සමාගම

(කන්දහේන වතුයායේ ඉහළ

 සහ පහළ කොටස්) - හෙක්ටෙයාර 537.75

ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව

  • නමුණුකුල වැවිලි සමාගම

(පිංඅරාව වතුයායේ මාගල, ඉහළ

 හා මැද කොටස්) - හෙක්ටෙයාර 290.69

(ii) හපුගස්තැන්න සහ නමුණුකුල වැවිලි සමාගම්වල මොනරාගල දිස්ත්‍රික්කයට අයත් ඉඩම් කොටස් අතුරු බදු ලබා දී නොමැත.

(iii) අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-08-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු බිමල් රත්නායක මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks