පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු මුජිබුර් රහුමාන් මහතා,— විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) 2020 වර්ෂයේ සිට මේ දක්වා නේවාසික පුහුණුවක් ලබා නොදී ගෘහ සේවය සඳහා විදේශ ගත කරන ලද ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන් විදේශ ගතවූ රටවල් කවරේද;
(iii) 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පනත අනුව ගෘහ සේවය සඳහා විදේශ ගත වන ශ්‍රී ලාංකිකයන්ට නේවාසික පුහුණුවක් ලබා දීම අනිවාර්ය කර තිබෙන බව දන්නේද;
(iv) 2020 වර්ෂයේ සිට මේ දක්වා නේවාසික පුහුණුවක් ලබා නොදී ගෘහ සේවය සඳහා ශ්‍රී ලාංකිකයන් විදේශ ගත කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අහිමිවූ ආදායම කොපමණද;
(v) ගෘහ සේවය සඳහා විදේශ ගත වන සියලු ශ්‍රී ලාංකිකයන්ට නේවාසික පුහුණුවක් ලබා දීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-07
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ගෘහ පාලිකාවන් විධියට කුමන හෝ කෙනෙක් පිට රටකට යනවා නම් NVQ Level 3 කියන සහතිකය අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ වාගේම, පිරිමි අයට අදාළව ගත්තොත්, Pre-Departure Orientation Programme කියන නමින් දින දෙකක පාඨමාලාවක් හදාරලා තමයි ඒ අයට යන්න සිද්ධ වෙලා තිබෙන්නේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දත්ත පද්ධතියට අනුව 2020.01.01 සිට 2026.06.18 දින දක්වා ගෘහස්ථ රැකියා සඳහා විදේශගත වීමට කාර්යාංශයේ නව ලියාපදිංචි වීම් යටතේ ලියාපදිංචි වූ පිරිස 428,046ක් වේ. එම පිරිසෙන් කාර්යාංශයේ හා පෞද්ගලික පුහුණු ආයතන මඟින් රැකියාවට අදාළ පුහුණුව ලද පිරිස 117,660ක් වේ. මෙම පිරිස අතර මාර්ගගත ආකාරයෙන් පුහුණුව ලබා ගත් පිරිස ද ඇතුළත් වේ. එසේම, පෙර වර්ෂවලදී කාර්යාංශයේ ලියාපදිංචිය ලබා විදේශ රැකියාවක නිරතව සිට ඒ මඟින් ලබා ගත් පළපුරුද්ද සහිතව ලියාපදිංචි වූ පිරිස - Re-registration Process - 249,305ක් වේ. ඊට අමතරව, training නැතිව 61,081ක් ගිහිල්ලා තිබෙනවා. එතැනදී විවිධ circulars සම්බන්ධයෙන් සාකච්ඡා වෙලා තිබෙනවා. ඒ වාගේම, සභාපතිතුමාගේ විශේෂ අනුමැතියත් එක්ක අපි ආණ්ඩු බලයට පත් වෙන්න කලින් පිරිසක් ගිහිල්ලා තිබෙනවා. ඒ අනුව, 61,081ක පිරිසක් ගිහිල්ලා තිබෙනවා.
(ii) ප්‍රධාන වශයෙන් සවුදි අරාබිය, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේන්, කටාර් රාජ්‍යය, ජෝර්දානය, ඕමානය, සයිප්‍රස්, සිංගප්පූරුව, මාලදිවයින, මැලේසියාව ආදී රටවල් වෙත විදේශගත වී ඇත.
(iii) නැත. මෙතැනදී ගෘහස්ථ ගෘහ පාලක සහකාර කියන තනතුරු සඳහා තමයි ගිහිල්ලා තිබෙන්නේ.
අපගේ Act එක අනුව ගත්තොත් මේවා කිසිසේත්ම අනිවාර්ය කරපු දේවල් නොවෙයි. Section 15 of the Sri Lanka Bureau of Foreign Employment Act, No. 21 of 1985, states, I quote:
“The objects of the Bureau shall be -"
And, Section 15(o) states, I quote:
“to undertake in collaboration with licensees, the training and orientation of Sri Lankan recruits going abroad for employment;”
In addition, Section 15(c) states, I quote:
“to undertake measures to develop overseas markets for skills available in Sri Lanka;”
While Section 15(m) states, I quote:
"to undertake the welfare and protection of Sri Lankans employed outside Sri Lanka;”
එය කිසිසේත්ම මෙතැනදී අනිවාර්ය කරලා නැහැ. නමුත් මේ ප්‍රශ්න පැන නැඟෙන්නේ, අපිට ලැබෙන්න නියමිත ගාස්තු සම්බන්ධව නිසා මම ඒ සම්බන්ධයෙනුත් යම්කිසි පැහැදිලි කිරීමක් කරන්නම්. අපි දැනට දින 28ක training එකක් ලබා දෙනවා, මතුගම, නුවර, රත්නපුර, හාලිඇල, දඹුල්ල, තංගල්ල, පන්නිපිටිය යන ස්ථානවල තිබෙන පුහුණු මධ්‍යස්ථානවලදී. ඒ වාගේම two-day "Pre-departure Orientation Programme" නමින් අපි විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අයත් පුහුණු මධ්‍යස්ථාන 19කදී - අම්පාර, අනුරාධපුර, හාලිඇල, මඩකලපුව, හලාවත, දඹුල්ල, යාපනය, ගාල්ල, නුවර, කුරුණෑගල, මතුගම, මොනරාගල, නුවරඑළිය, පන්නිපිටිය, පොළොන්නරුව, රත්නපුර, තංගල්ල, වවුනියාව සහ කිළිනොච්චිය - පුහුණුවීමක් ලබා දෙනවා.
ඒ වාගේම, non-domestic sectorsවලට අදාළව දින 5ක පුහුණුවක් ලබා දෙනවා. ගාල්ල, පන්නිපිටිය, තංගල්ල, කුරුණෑගල, ත්‍රිකුණාමලය, හාලිඇල, මොනරාගල, මතුගම යන ස්ථානවලදී තමයි අපි ඒ පුහුණුව ලබා දෙන්නේ. විශේෂයෙන්ම National Vocational Qualification Level 3 සහතිකය ලබා දෙනවා, ගෘහස්ථ ගෘහපාලන සහකාර - Domestic Housekeeping Assistant - තනතුරට අදාළව. එ් වාගේම, මේ සහතිකය ගැනීමට දින 28ක පුහුණුවක් ඔවුන් අනිවාර්යයෙන් ලබා ගන්න අවශ්‍යයි. පෙ.ව. 5.30 සිට ප.ව. 9.30 දක්වා ඒ පුහුණුව අනිවාර්යයෙන් ලබා දෙන්න ඕනේ. එය ලබා දිමට අපි අනිවාර්යයෙන් මේ යටතේ බැඳිලා ඉන්නවා.
(iv) ඒ වාගේම මෙතැනදී අපිට සිද්ධ වෙච්ච අලාභය සම්බන්ධයෙන් යම් කිසි ප්‍රශ්නයක් අහලා තිබුණා. මෙතැනදී විශේෂයෙන්ම ගත්තොත් 'අලාභය' කියන එකට වඩා පසුගිය කාලයේ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය නිසා, පසුගිය කාලයේ ගත්ත සමහර තීරණ නිසා අපේක්ෂිත ආදායම අපට අහිමි වෙලා තිබෙනවා. Sri Lanka Bureau of Foreign Employment එකට අදාළව ගත්තොත්, රුපියල් මිලියන 618.42ක ආදායම අපිට අහිමි වෙලා තිබෙනවා. ඊළඟට, අපේක්ෂිත VAT ආදායම ගත්තොත්, රුපියල් මිලියන 101.64ක් අහිමි වෙලා තිබෙනවා. ඒ වාගේම Social Security Contribution Levy එක ගත්තොත්, රුපියල් මිලියන 15.69ක් අහිමි වෙලා තිබෙනවා.
(v) මේ මොහොත වන විට අපි Tertiary and Vocational Education Commission හරහා සිද්ධ වෙන පාඨමාලා ඉතාම විධිමත් විධියට සකස් කරලා තිබෙනවා. නැවතත් මම කියනවා, මේ පාඨමාලාව අනුගමනය නොකිරීම මේ පනත උල්ලංඝනය කරන කාරණාවක් නොවෙයි කියන එක.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-07-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අරුන් හේමචන්ද්‍ර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks