04

E   |     |  

 දිනය: 2025-05-20   පිළිතුර ලබා දී ඇත 

0835/2025: ප්‍රධාන වාරිමාර්ග ජලාශ‍: රක්ෂිත සීමාවන්

----

අසන ලද දිනය

2025-05-20

අසන ලද්දේ

ගරු සුසන්ත කුමාර නවරත්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)       (i)         ප්‍රධාන වැව්/ජලාශ 257ක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතී.

                          ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් පාලනය වන ප්‍රධාන ජලාශ සංඛ්‍යාව 22කි. (ඇමුණුම 01 මඟින් දක්වා ඇත.)

 

 

වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන වැව්

257

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මඟින් පාලනය වන වැව්

22

එකතුව

279

 

(ii)        ඔව්.

  පැරණි වැව් සඳහා තාක්ෂණිකව පවත්වා ගන්නා සීමාව වැව් බැම්මේ මුදුන් මට්ටමට අදාළ සමෝච්ඡ රේඛාව මඟින් මායිම් වන අතර, එය වැවෙහි පත්ල - tank bed - වේ. වැව් සඳහා මෙම ප්‍රමාණය පවත්වා ගැනීමට විවිධ සීමා - limitations - පවතින සංවර්ධිත හෝ තැනිතලා භූමි ප්‍රදේශයන්හි පිහිටි වැව් සඳහා තාක්ෂණික අවශ්‍යතාද සැලකිල්ලට ගෙන පවත්වා ගන්නා අවම අත්‍යවශ්‍ය සීමාව ලෙස අධි ගංවතුර මට්ටමට මීටර් 0.5ක් ඉහළ - HFL +0.5 - සීමාව හඳුනාගෙන ඇත.

එසේම, 1980 දශකයෙන් පසුව ඉදිකරන ලද වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන වැව්/ජලාශ සඳහා ඒවා සැලසුම් කරන අවස්ථාවේදී වැව වෙනුවෙන් අත්පත් කර ගත් ප්‍රදේශය වැව වෙනුවෙන් වන සීමාව ලෙස වාරිමාර්ග ආඥාපනත ප්‍රකාරව නිර්ණය කර ඇත.

මහවැලි අධිකාරිය මඟින් පාලනය වන සියලු ජලාශවල අවට ප්‍රදේශය (රක්ෂිත සීමාව) 1986.12.26 දිනැති ගැසට් නිවේදනයට අනුව ජලාශයේ ඉහළ ජල මට්ටමේ සිට මීටර් 100ක් දුර හා ජලාශයට ඇතුළත් වන සියලු දූපත් වේ.

(iii) ඉහත (i) සඳහන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ පවතින වැව් සඳහා වැවෙහි සීමාව නිර්ණය කර ඇත.

මහවැලි අධිකාරිය විසින් පාලනය වන සියලු ජලාශවල රක්ෂිත සීමා සිතියම් මඟින් හඳුනාගෙන ඇත. මොරගහකන්ද සහ කළු ගඟ යන ජලාශවල රක්ෂිත සීමා මිනින්දෝරු දෙපාර්තමේන්තුව මඟින් මැනුම් කර මායිම් කණු යොදා සලකුණු කිරීම අවසන් කර ඇත. අනෙකුත් ජලාශවල රක්ෂිත සීමා, වනජීවී හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ රක්ෂිත කලාපවලටද අයත් වන බැවින්, එම ආයතන සමඟ සම්බන්ධීකරණය කරමින් අවශ්‍ය ස්ථානවල මායිම් කණු යෙදීමේ කටයුතු සිදු කරමින් පවතී.

(iv) 1994 අංක 13, 1990 අංක 34 හා 1983 අංක 23 දරන පනත් මඟින් සංශෝධිත 1946 අංක 32 දරන වාරිමාර්ග ආඥාපනතේ 115 වගන්තිය සහ 118 වගන්තිය යටතේ වැව සඳහා වන අර්ථ දැක්වීම ද මඟින් Surveyor General හෝ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් විසින් පිළියෙල කළ මැනුමක් හෝ සැලැස්මක් මෙන්ම වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්ගේ අධිකාරි බලය යටතේ මායිම් ගල් යොදා පොළොවේ සිදු කළ රක්ෂිත සීමාව පිහිටුවීමක් ද, වාරිමාර්ග ආඥාපනත මඟින් බලාත්මක කර ඇත. ඒ අනුව, ‍ඉංජිනේරුමය නිර්මිතයන් වන වාරිමාර්ග වැඩ සඳහා තාක්ෂණික අවශ්‍යතා අනුව කටයුතු කිරීමට වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත වාරිමාර්ග ආඥාපනතෙහි නෛතික ප්‍රතිපාදන පවතින බැවින්, වාරිමාර්ග ආඥාපනත යටතේ රක්ෂිත සීමා ගැසට් කිරීමක් සිදු කර නැත.

මහවැලි අධිකාරියේ සියලු ජලාශ අයත් වන ප්‍රදේශ මහවැලි ප්‍රදේශ ලෙස ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති අතර, මහවැලි කලාප තුළ පිහිටි ජලාශවල කටයුතු පාලනය කිරීම උදෙසා වන රෙගුලාසි 1986.12.26 දිනැති ගැසට් පත්‍රය මඟින් පනවා ඇත.

(v) ඉහත (iv) පරිදි වාරිමාර්ග ආඥාපනත මඟින් බලාත්මක Surveyor General  සහ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් විසින් පිළියෙල කරන ලද වැව්/ජලාශයන්ට අදාළ සිතියම් සහ ඉංජිනේරු සැලසුම් පවතින නමුත් වැව්/ජලාශවල රක්ෂිත සීමා ගැසට් කර නැත.

 

(ආ) (i) දැනට බිම් සවිය යටතේ මැනුම් කිරීමෙන් පසු හඳුනාගෙන ඇති ප්‍රමාණය 712කි.

සාරාංශයක් ඇමුණුම 02 මඟින් දක්වා ඇත.

(මැනුම් නොකරන ලද ප්‍රමාණයක් තවත් ඉතුරුව ඇති හෙයින් මෙම ප්‍රමාණය වැඩි විය හැක.)

(ii) ඔව්. (හඳුනාගෙන ඇති ප්‍රමාණයේ නාම ලේඛනය පමණක් ඇමුණුම 03 මඟින් සඳහන් කර ඇත.)

(iii) ඔව්.

(iv) ඔව්. (ඇමුණුම 03හි සඳහන් කර ඇත.)

 

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-05-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks