පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-08-21
අසන ලද්දේ
ගරු නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය 1985 අංක 21 දරන පාර්ලිමේන්තු පනතින් සංස්ථාපිත ව්‍යවස්ථාපිත ආයතනයකි. විදේශ රැකියා ක්ෂේත්රය නියාමනය කිරීම කාර්යාංශයේ ප්‍රධාන පරමාර්ථයක් වන අතර විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් වයස අවුරුදු 18ට අඩු බාල වයස්කරුවන් විදේශ රැකියා සඳහා යොමු කිරීම වැළැක්වීම සඳහා නීති ක්‍රියාත්මක කරනු ලබයි.
ඒ අනුව බාල වයස්කාර දරුවන්හට විදේශ රැකියා සඳහා යෑමේ හැකියාවක් නොමැත. එසේ වුවද, ගුවන් ගමන් බලපත්‍ර අංක N9775218 යටතේ මොහොමඩ් ෆර්හාන් ෆාතිමා මුවීනා නම් කාන්තාව විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදංචියක් නොමැතිව විදේශ රැකියාවක් සඳහා 2022.06.12 දින ඕමාන් රාජ්‍යය වෙත ගොස් ඇති බව ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වාර්තා කර ඇත. එහෙත් මෙම කාන්තාව 2007.11.26 දින උපන් තැනැත්තියක් බවත් ඇයගේ සත්‍ය නම ආදම් භාවා උදුමා ලෙබ්බේ ෆාතිමා බවත් තානාපති කාර්යාලය මඟින් අනාවරණය කරගෙන ඇත.
(ii) එම තැනැත්තිය 2022.06.12 දින ඕමාන් රාජ්‍යය වෙත පැමිණ ඇති බව ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කාර්යාංශය වෙත වාර්තා කර ඇති අතර ඇය කාර්යාංශයේ ලියාපදිංචිය නොමැතිව විදේශ ගත වි ඇත.
තවද, මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම සඳහා කාර්යාංශය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ, තැනැත්තන් වෙළඳාම ජාවාරම් විමර්ශන හා සමුද්‍රීය අපරාධ විමර්ශන අංශය වෙත යොමු කර ඇත.
(iii) බාල වයස්කරුවන් විදේශ රැකියා සඳහා යොමු කිරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් නීති පැනවීම සිදු කර ඇත.
ඒ අනුව විදේශ රැකියා සඳහා යොමු වීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ලබා ගැනීමේදී සම්පූර්ණ කළ යුතු අවම වයස සීමාවන් පවතී.
ඒ අනුව ගෘහස්ථ රැකියාවක් සඳහා විදේශගත වන කාන්තාවක් නම් කාර්යාංශයේ ලියාපදිංචි වීම සඳහා සම්පූර්ණ කළ යුතු අවම වයස (සියලුම රටවල් සඳහා) අවුරුදු 21ක් වන අතර, ගෘහස්ථ රැකියාවක් සඳහා විදේශගත වන පිරිමි ශ්‍රමිකයෙකු හෝ ගෘහස්ථ නොවන රැකියාවක් සඳහා විදේශගත වන කාන්තා/පිරිමි ශ්‍රමිකයෙකු නම් (සියලුම රටවල් සඳහා) වයස අවුරුදු 18 සම්පූර්ණ කළ යුතුය.
මෙම වයස් සීමාවන් සම්පූර්ණ කර නොමැති කිසිදු පුරවැසියෙකු විදේශ රැකියා සඳහා කාර්යාංශයෙහි ලියාපදිංචි කිරීමක් සිදු නොකරයි. එසේම බාල වයස්කරුවන් රැකියා සඳහා විදේශගත වීම සම්බන්ධයෙන් දැඩි පරීක්ෂාවකින් කටයුතු කරන ලෙස කාර්යාංශයේ ගුවන් තොටුපළ ඒකකයේ නිලධාරින්ට තවදුරටත් උපදෙස් දී ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-08-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks