01

E   |     |  

 දිනය: 2025-11-18   පිළිතුර ලබා දී ඇත 

0827/2025: Importation of LP Gas by Litro company from year 2022 to 2024

827/2025

ගරු එස්. එම්. මරික්කාර් මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       වර්ෂ 2022 සිට 2024 දක්වා සීමාසහිත ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් ආනයනය කරන ලද ගෑස් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

              (ii)       එම ගෑස් ආනයනය කිරීමේදී විධිමත් ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය අනුගමනය කර තිබේද;

(iii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;

(iv) ඉහත කාලය තුළදී හදිසි මිලදී ගැනීම් ලෙස මිලදී ගෙන ඇති ගෑස් ප්‍රමාණය එක් එක් වර්ෂය අනුව මෙට්‍රික් ටොන්වලින් වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) හදිසි මිලදී ගැනීමකදී හා සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටිය අනුගමනය කරමින් සිදු කරන මිලදී ගැනීමකදී පවතින මූල්‍යමය වෙනස කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-11-18

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks