බලන්න

04

E   |     |  

 දිනය: 2025-05-22   පිළිතුර ලබා දී ඇත 

0823/2025: කොළඹ විශ්වවිද්‍යාලය: ශිෂ්‍ය නේවාසිකාගාර

----

අසන ලද දිනය

2025-05-22

අසන ලද්දේ

ගරු නීතිඥ හිරුනි විජේසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කොළඹ විශ්වවිද්‍යාලයේ සියලුම පීඨවල මේ වන විට ඉගෙනුම ලබන අභ්‍යන්තර උපාධි අපේක්ෂක සිසුන් සංඛ්‍යාව 14,207කි.

                          කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශ්‍රීපාලි මණ්ඩපය - සිසුන් 848ක් වේ.

                          කොළඹ විශ්වවිද්‍යාල පරිගණක අධ්‍යයනායතනයේ සිසුන් - 1,092ක් වේ.

              (ii)      ඒ අතරින් නේවාසිකාගාර පහසුකම් ලබා දී ඇති සිසුන් සංඛ්‍යාව,

කොළඹ විශ්වවිද්‍යාලය - 4,366කි.

ශ්‍රීපාලි මණ්ඩපය - 341කි.

කොළඹ විශ්වවිද්‍යාල පරිගණක අධ්‍යයනායතනය - 71කි.

(iii) නේවාසිකාගාර පහසුකම් ලබන සිසුන්ගේ ප්‍රතිශතය පහත පරිදි වේ.

  • කොළඹ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි සිසුන්ගෙන් සියයට 30.73ක්.
  • ශ්‍රීපාලි මණ්ඩපයේ ලියාපදිංචි සිසුන්ගෙන් සියයට 40.21ක්.
  • කොළඹ විශ්වවිද්‍යාල පරිගණක අධ්‍යයනායතනයේ ලියාපදිංචි සිසුන්ගෙන් සියයට 6.5ක් සඳහා නේවාසිකාගාර පහසුකම් ලැබේ.

(iv) කාන්තා නේවාසිකාගාර

1. හැව්ලොක් නේවාසිකාගාරය

2. සුජාතා ජයවර්ධන නේවාසිකාගාරය

3. සිවා චින්න තම්බි නේවාසිකාගාරය

4. ද සේරම් (වෛද්‍ය) 215 නේවාසිකාගාරය

5. ද සේරම් 220 නේවාසිකාගාරය

6. තෙලවල නේවාසිකාගාරය

7. හෙද පීඨ නේවාසිකාගාරය

8. තාක්ෂණ පීඨ නේවාසිකාගාරය

9. දේශීය වෛද්‍ය පීඨ නො. 330 නේවාසිකාගාරය

10. දේශීය වෛද්‍ය පීඨ මොරගස්මුල්ල නේවාසිකාගාරය

11. කාලිංග මාවත නේවාසිකාගාරය

පිරිමි නේවාසිකාගාර

1. කිත්‍යාකර නේවාසිකාගාරය

2. බ්ලොම්ෆොන්ටේන් වෛද්‍ය නේවාසිකාගාරය

3. තෙලවල නේවාසිකාගාරය

4. හෙද පීඨ නේවාසිකාගාරය

5. තාක්ෂණ පීඨ නේවාසිකාගාරය

6. දේශීය වෛද්‍ය පීඨ ‍බත්තරමුල්ල නේවාසිකාගාරය

7. දේශීය වෛද්‍ය පීඨ මැද වැලිකඩ නේවාසිකාගාරය

8. දේශීය වෛද්‍ය පීඨ නො. 12 නේවාසිකාගාරය

9. භික්ෂු නේවාසිකාගාරය

ශ්‍රීපාලි මණ්ඩපය

1. කාන්තා නේවාසිකාගාර 01කි.

2. පිරිමි සිසුන් 40දෙනෙකු සඳහා එක් සිසුවෙකුට රුපියල් 4,000 බැගින් නේවාසිකාගාර ශිෂ්‍යාධාර ලබා දෙනු ලැබේ.

කොළඹ විශ්වවිද්‍යාල පරිගණක අධ්‍යයනායතනය

1. කාන්තා නේවාසිකාගාර 01කි.

2. පිරිමි නේවාසිකාගාර 01කි.

(ආ) (i) ඔව්.

කොළඹ 02, මුත්තයියා පාරේ, අංක 48 දරන ස්ථානයේ පවත්වාගෙන ගිය කොළඹ විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරය පිහිටි ඉඩම් කොටස නාගරික සංවර්ධන කටයුතු සඳහා නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීමටත්, එලෙස පවරා ගනු ලබන ඉඩම් කොටස වෙනුවෙන් නාරාහේන්පිට, කාලිංග මාවතේ නිවාස ඒකක 144කින් සමන්විත මහල් නිවාස සංකීර්ණය කොළඹ විශ්වවිද්‍යාලය වෙත පැවරීමටත්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, කොළඹ විශ්වවිද්‍යාලය හා නාගරික සංවර්ධන අධිකාරිය අංක 5598 දරන අවබෝධතා ගිවිසුමට 2021.07.16 දින අත්සන් තබා ඇත.

      (ii) 2021දී අත්සන් තැබූ එකඟතා ගිවිසුම අනුව කොළඹ 02, මුත්තයියා පාරේ, අංක 48 දරන ස්ථානයේ පිහිටි දේපළ නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන ඇති බැවින්, මේ වනවිට එම දේපළ කොළඹ විශ්වවිද්‍යාලය සතු දේපළක් නොවේ.

එසේම, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති විසින් රජයේ ඉඩම් ආඥාපනතේ (අධිකාරිය 454) 6 වැනි වගන්තිය යටතේ මෙම ඉඩම ඇතුළු දීමනා පත්‍රයේ පළමුවන උපලේඛනයේ සඳහන් ඉඩම් කොටස් නිදහස් දීමනා පත්‍රයක් මඟින් කොළඹ 02, ශ්‍රී ජිනරතන මාවත, අංක 61 දරන ස්ථානයේ පිහිටි ගංගාරාම විහාරස්ථානයේ විහාරාධිපති වන පූජ්‍ය ගලබොඩ ඥානිස්සර ස්වාමීන් වහන්සේ වෙත 2022.02.14 දිනැතිව ලබා දී ඇත.

      (iii) උක්ත දීමනා පත්‍රයේ දෙවන උපලේඛනයේ පරිදි එම ඉඩම් හා එහි පිහිටි ගොඩනැඟිලි හරිත උද්‍යානයක් හා පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීම සඳහා පමණක් යෙදවිය යුතු බව දන්වා ඇති බැවින්, මෙම ඉඩමේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් මෙම අමාත්‍යාංශය - ඒ කියන්නේ, අධ්‍යාපන අමාත්‍යාංශය - කටයුතු කරනු නොලැබේ.

      (iv) නැත.

අංක 2300/28 හා 2022.10.06 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකර ඇති පරිදි, මෙම ඉඩම් කොටස ද ඇතුළත්ව ගැසට් පත්‍රයේ උපලේඛනයේ නිශ්චිතව දක්වා ඇති ඉඩම් ප්‍රදේශය නාගරික සංවර්ධන ප්‍රදේශයක් වන අතර එය "හුණුපිටිය ගංගාරාම විහාර පූජා භූමිය" ලෙස හඳුනාගෙන ඇත.

(ඇ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks