පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
818/2025
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ හා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරින් අතරින් මේ වනවිට වැටුප් වර්ධක අත්හිටුවා ඇති නිලධාරින් සංඛ්‍යාව එක් එක් සේවය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම එක් එක් නිලධාරියාගේ නම, වැටුප් වර්ධකය අත්හිටුවන ලද දිනය සහ ඊට හේතු වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම නිලධාරින්ගේ වැටුප් වර්ධක නැවත ලබා දීම ඉතා මන්දගාමීව සිදු වන බව දන්නේද;
(iv) එම නිලධාරින් සම්බන්ධයෙන් කරනු ලබන පරීක්ෂණ කඩිනම් කර, වැටුප් වර්ධක ලබාදී ඔවුන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-06
අසන ලද්දේ
ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරින් අතරින් නිලධාරින් 32කගේ හා ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරින් අතරින් නිලධාරින් 553කගේ වැටුප් වර්ධක මේ වන විට අත්හිටුවා ඇත.
(ii) • ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ වැටුප් වර්ධක අත්හිටුවන ලද එක් එක් නිලධාරියාගේ නම, වැටුප් වර්ධකය අත්හිටුවන ලද දිනය සහ ඊට හේතු වෙන් වෙන් වශයෙන් ඇමුණුම 01 මඟින් ද,
• ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ වැටුප් වර්ධක අත්හිටුවන ලද එක් එක් නිලධාරියාගේ නම, වැටුප් වර්ධකය අත්හිටුවන ලද දිනය සහ ඊට හේතු වෙන් වෙන් වශයෙන් ඇමුණුම 02 මඟින්ද ඉදිරිපත් කර ඇත.
දීර්ඝ විස්තර තිබෙන නිසා ඇමුණුම් 01 සහ 02 සභාගත* කරමි.
(iii) නිලධාරින්ගේ වැටුප් වර්ධක ගෙවීම් සිදු කරනු ලබන්නේ නියමිත පරිදි වාර්ෂික කාර්ය සාධන වාර්තා නිලධාරින් විසින් ලබාදීමෙන් පසුව හා වැටුප් වර්ධකය අත්හිටුවීමට හේතු වූ අදාළ කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ සමත්වීමෙන් අනතුරුව හෝ විනය/ විමර්ශන කරුණක් නම් ඒ හා සම්බන්ධ සියලු විනය/ විමර්ශන කටයුතු අවසන් වූ බවට කරුණු තහවුරු කර ගැනීමෙන් අනතුරුව වේ. අදාළ ක්‍රියාවලිය කලාප/ පළාත් කාර්යාල හරහා සිදු කිරීමේදී යම් සාධාරණ කාලයක් ඒ සඳහා ගත වන බව නිරීක්ෂණය කරමි.
(iv) යම් නිලධාරියෙකු තම වැටුප් වර්ධක හේතු විරහිතව ප්‍රමාද වී ඇති බව අමාත්‍යාංශය වෙත දැනුම් දෙන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඍජුව මැදිහත් වී අදාළ ආයතන හා සම්බන්ධීකරණය වෙමින් කඩිනමින් අදාළ ගැටලුව නිරාකරණය කිරීමට හැකියාව ඇති අතර, විනය/ විමර්ශන කරුණු මත වැටුප් වර්ධක ගෙවීම අත්හිටුවා ඇති නිලධාරින් සම්බන්ධයෙන් දැනට පවතින විනය/ විමර්ශන කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-01-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) මධුර සෙනෙවිරත්න මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks