පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
812/2025
ගරු මුජිබුර් රහුමාන් මහතා,— අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල පවතින තදබදය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා අවසන් වරට කමිටුවක් පත් කරන ලද දිනය කවරේද;
(ii) එම කමිටුවේ සාමාජිකයන්ගේ නම් කවරේද;
(iii) බන්ධනාගාරවල පවතින තදබදය අවම කිරීම සඳහා එම කමිටුව විසින් ලබා දෙන ලද නිර්දේශ කවරේද;
(iv) එම නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-20
අසන ලද්දේ
ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2025.05.14වන දින සමාලෝචන ක්‍රියාවලියක් හරහා දඬුවම් ලිහිල් කිරීම පිණිස යන්ත්‍රණයක් සකස් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ අතර, ඒ සඳහා 2025 ජූනි මස 02වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.
මෙම කමිටුව 2025.07.18වන දින මුල් වතාවට රැස් විය.
(ii) ● ගරු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ එස්. තුරෙයිරාජා මැතිතුමා
● ගරු ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, නීතිඥ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී
● නෙරින් පුල්ලේ මහතා, ජනාධිපති නීතිඥ, අතිරේක සොලිසිටර් ජෙනරාල්, නීතිපති දෙපාර්තමේන්තුව
● මහාචාර්ය වසන්තා සුබසිංහ මහත්මිය, සමාජ විද්‍යාඥ, කැලණිය විශ්වවිද්‍යාලය
● අසංක කරවිට මහතා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, ශ්‍රී ලංකා පොලීසිය
● වෛද්‍ය චිත්තහාරි අභයනායක මහත්මිය, වෝහාරික (අධිකරණ), විශේෂඥ මනෝ වෛද්‍ය, ජාතික රෝහල
● නිෂාන් ධනසිංහ මහතා, අතිරේක ලේකම් (බන්ධනාගාර කටයුතු සහ පුනරුත්ථාපන), අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
● පියුමන්ති පීරිස් මහත්මිය, අතිරේක ලේකම් (නීති), අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
● රෝෂිණී හෙට්ටිගේ මහත්මිය, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නීති), අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
● ජී.සී. වැලිකල මහත්මිය, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නීති), අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය
(iii) මේ වනවිටත් කමිටුව ක්‍රියාත්මක වන බැවින් නිර්දේශ මේ දක්වා ඉදිරිපත් කර නොමැත.
(iv) පැන නොනඟී.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-01-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks