02

E   |     |  

 දිනය: 2025-07-24   පිළිතුර ලබා දී ඇත 

0807/2025: රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව: වාර්තා නිකුත් කිරීමේ ප්‍රමාදය

----

අසන ලද දිනය

2025-07-24

අසන ලද්දේ

ගරු මුජිබුර් රහුමාන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සාධාරණ සහ නීතිගරුක සමාජයක් ගොඩනැගීමේ දැක්ම පෙරදැරි කර ගනිමින්, අධිකරණ, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සහ වෙනත් ආයතනවලට අධිකරණ විද්‍යා සහ ආහාර විද්‍යා ක්ෂේත්‍රයන් සම්බන්ධ විශ්ලේෂණ, විශේෂඥ සහ උපදේශන සේවාවන් සැපයීම සඳහා ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ඇත.

 

* - දෙපාර්තමේන්තුගත තනතුරු

 

Interdicted

රසායනාගාර සහායක  - 01

කාර්යාල සේවක සේවය - 02

විද්‍යාගාර ඕඩර්ලි - 01

 

Approved no-pay leave – PA Circular 14/2022/EST CODE

කළමනාකරණ සේවා නිලධාරි - 01

භාෂා පරිවර්තක සේවය  - 02

 

ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාවේ එකම රජයේ අධිකරණ විද්‍යා විද්‍යාගාරය වන අතර, එය අධිකරණ විද්‍යා සහ ආහාර විද්‍යා වශයෙන් ප්‍රධාන අංශ දෙකකින් සමන්විත වේ. වර්තමානය වන විට දෙපාර්තමේන්තුව වෙත වි‍ශ්ලේෂණය සඳහා ලැබෙන නඩු භාණ්ඩ සහ සාම්පල සංඛ්‍යාව ඉතා ඉහළ අගයක් ගෙන ඇති අතර, ඉන් බොහොමයක් මත්ද්‍රව්‍ය සම්බන්ධ නඩු භාණ්ඩ සහ සාම්පල වේ.

ප්‍රතීතකරණය කළ ක්‍රමවේද සහ තත්ත්ව යටතේ විශ්ලේෂණ කටයුතු සිදු කරමින් විශ්‍ලේෂණ වාර්තා නිකුත් කිරීමට අමතරව ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ වෙනත් රාජ්‍ය නිලධාරින් වෙනුවෙන් පුහුණු සහ දේශන පැවැත්වීම, මෙම දෙපාර්තමේන්තුවේ මෙන්ම වෙනත් දෙපාර්තමේන්තුවල ප්‍රසම්පාදන කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණ ඇගයීම් සිදු කිරීම, ගරු අධිකරණ ඉදිරියේ විශේෂඥ සාක්ෂි ලබා දීම සහ අපරාධ ස්ථාන පරීක්ෂා කර විශ්ලේෂණ වාර්තා ඉදිරිපත් කිරීම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.

(ii) 2025/06/30 දිනට පුරප්පාඩු ප්‍රමාණය දැක්වෙන වාර්තාව  ඇමුණුම 1 ලෙස පහත දැක්වේ. සංඛ්‍යාත්මක වශයෙන් ගත්තොත්, පුරප්පාඩු 125ක් තිබෙනවා. 

 

 

 

 

 

 

(iii) ඔව්. ප්‍රමාද වන බව පිළිගන්නවා.

(iv) මෙම දෙපාර්තමේන්තුවේ මේ වන විට විශ්ලේෂණය කිරීමට ඇති නඩු භාණ්ඩ ප්‍රමාණය 29,432කට අධික වන අතර, එයින් මත්ද්‍රව්‍ය අංශයේ ඇති නඩු භාණ්ඩ සංඛ්‍යාව 17,248ක් පමණ වේ. දිනකට මත්ද්‍රව්‍ය අංශයට පමණක් ලැබෙන නඩු භාණ්ඩ ප්‍රමාණය 200-250 අතර සංඛ්‍යාවකි.

මේ වන විට ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ නිලධාරි පුරප්පාඩු 32ක් පවතින අතර, සහයක සේවා පුරප්පාඩු 89ක් පවතී. දැනට සේවයේ යෙදී සිටින නිලධාරින් සති අන්ත දිනවල සහ රාජකාරී වේලාවෙන් පසුව රාජකාරී කටයුතු සිදු කරනු ලබයි.  

එහෙයින්, ඉහත සඳහන් නඩු භාණ්ඩ සියල්ල ඉතා ඉක්මනින් විශ්ලේෂණය කර වාර්තා සැපයීම සඳහා පහත සඳහන් ලෙස පියවර ගනිමින් පවතිනවා.

1. ඇමුණුම II මඟින් 2019 සිට 2025 ජුනි 30 දක්වා පැවැති පුරප්පාඩු සංඛ්‍යාව දක්වා ඇත. එය සභාගත* කරනවා. 2019 වසරින් පසු ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ නිලධාරින් බඳවා ගෙන නැහැ. 2024 වර්ෂයේදී 09 දෙනෙක් හැරුණු කොට 2019න් පසුව බඳවා ගැනීම් කරලා නැහැ. විශ්ලේෂණ කටයුතු සඳහා ඍජුවම දායකත්වය ලබා දෙන ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ නිලධාරින්ගේ දැනට පවතින පුරප්පාඩු කඩිනමින් පිරවීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව මඟින් අයදුම්පත් කැඳවා ඇති අතර, මෙම පුරප්පාඩු කඩිනමින් සම්පූර්ණ කිරීමට පියවර ගනිමින් පවතිනවා.

2. තවද, ඉතිරි පුරප්පාඩු සම්පූර්ණ කර ගැනීම සඳහා රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ කමිටුවේ අනුමැතියට ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලද වහාම එම පුරප්පාඩු සංඛ්‍යාව සඳහා ද කඩිනමින් බඳවා ගැනීම් සිදු කිරීමට නියමිතයි.

3. ස්ථීරව පුරප්පාඩු පුරවන තෙක් කොන්ත්‍රාත් පදනමින් ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවයේ පුරප්පාඩු සඳහා විද්‍යාවේදී උපාධිධාරින් බඳවා ගෙන හදිසි රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරමින් පවතිනවා.

4. විශ්ලේෂණය සඳහා ලැබෙන නඩු භාණ්ඩ ප්‍රමාණය දිනෙන් දින ශීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී. එබැවින්, දැනට සිටින නිලධාරි සංඛ්‍යාව වැඩි වන නඩු භාණ්ඩ ප්‍රමාණය විශ්ලේෂණය සඳහා ප්‍රමාණවත් නොවන බැවින් රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීමේ කමිටුව වෙත ඉදිරිපත් කර තිබෙනවා  නිලධාරින් සංඛ්‍යාව ද වැඩි  කර ගැනීම සඳහා.

5. දෙපාර්තමේන්තුවේ අනෙකුත් තනතුරු දරන (රසායනාගාර තාක්ෂණ සේවා නිලධාරි, කළමනාකරණ සේවා නිලධාරි, සංවර්ධන නිලධාරි, රියදුරු යන) නිලධාරින්ගේ ඍජු දායකත්වය ද මෙම සෑම ක්‍රියාවක් සඳහාම අත්‍යවශ්‍ය වන බැවින් එම තනතුරුවල නිලධාරින්ගේ පුරප්පාඩු ද සම්පූර්ණ කළ යුතු වනවා.

6. බොහෝ නිලධාරින්ට සෑම දිනකම පාහේ අධිකරණ කටයුතු සඳහා සහභාගි විය යුතු බැවින් නව තාක්ෂණය උපයෝගී කර ගෙන විශ්ලේෂණ සාක්ෂි ලබා ගැනීමට පියවර ගනිමින් පවතිනවා.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-07-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks