E   |     |  

 දිනය: 2025-07-23   පිළිතුර ලබා දී ඇත 

0805/2025: 1989.02.08 දින හෝ ඊට ආසන්න දිනකදී ශ්‍රී දළදා මාලිගාවේ ආරක්ෂක නිලධාරින්ට පහර දීම: විස්තර

805/2025

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)         (i)       1989 පෙබරවාරි 08 වන දින හෝ ඊට ආසන්න දිනයක දී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ බඳු වූ ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින ශ්‍රී දළදා මාළිගයේ ආරක්ෂකයන්ට පහර දීමක් සිදු වූ බව දන්නේද;

(ii) එසේ නම්, එම අවස්ථාවේදී පැහැර ගන්නා ලද අවි ආයුධ, සිදු වූ ශාරීරික හා වෙනත් භෞතික හානි වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම පහර දීමට සම්බන්ධ වූ පුද්ගලයන් ජනතා විමුක්ති පෙරමුණට හෝ එහි සන්නද්ධ අංශය වූ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට සම්බන්ධ බව පොලිස් පරීක්ෂණ අනුව හෙළි වී තිබේද;

(iv) එම පහර දීමට සම්බන්ධ වූ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන තිබේද;

 (v) ඔවුන්ට එරෙහිව ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග කවරේද;

(vi) එම පහරදීමේ අරමුණ දළදා වහන්සේ පැහැර ගැනීම හෝ විනාශ කිරීම බව විමර්ශන අනුව හෙළි වී තිබේද;

(vii) එම සිද්ධියට අදාළ පොලිස් වාර්තා හා විමර්ශන වාර්තා ඉදිරිපත් කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2025-07-23

අසන ලද්දේ

ගරු රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      තොරතුරු නොමැත.

             (iii)      තොරතුරු නොමැත.

             (iv)      ඔව්. ශ්‍රී දළදා මාලිගාවේ මුරපොළට පහරදීමට සැලසුම් කළ සැකකරුවන්ට, සැලසුම් කටයුතු සඳහා සහාය වීම හේතුවෙන් ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා සැකපිට සැකකාරියන් 09දෙනෙකු අත්අඩංගුවට ගත් බවට පමණක් තොරතුරු ඇත.

 (v) තොරතුරු නොමැත.

(vi) තොරතුරු නොමැත.

(vii) අපරාධ විමර්ශන කටයුතු අවසන් වී අවුරුදු 36කට අධික කාලයක් ගතවී ඇති බැවින් නිශ්චිත තොරතුරු ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් වාර්තා නොමැත.

(ආ) පැන නොනඟී.

 

 

පිළිතුරු දුන් දිනය

2025-07-23

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආනන්ද විජේපාල මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks