පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-06-17
අසන ලද්දේ
ගරු ධර්මප්‍රිය දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අදියර 4කින් යුක්ත
|
ව්‍යාපෘති අදියර |
ගැටලු පැන නැගීමට හේතු |
|
I. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - අදියර 01 ඉඩම් අත්කර ගැනීම් ආරම්භය - 2015 අගෝස්තු |
1. ඉඩම් අත්පත් ක්‍රියාවලිය තුළ · මිනින්දෝරු දෙපාර්තමේන්තුව මඟින් අනුරේඛන සහ පිඹුරුපත් සැකසීම · තක්සේරු දෙපාර්තමේන්තුව මඟින් නියමිත වාර්තා සැකසීම සඳහා සැලකිය යුතු කාලයක් ගතවීම. 2. හිමිකම් පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනු ලබන ලේඛනවල අඩු පාඩු පැවතීම. 3. සමහර අවස්ථාවලදී ඉංජිනේරුමය අවශ්‍යතා පරිදි මාර්ග පථය වෙනස් වීම නිසා අතිරේක ඉඩම් අත්පත් කිරීම් සඳහා යොමු වීම. 4. අධිකරණමය කටයුතු සහ නීතිපති උපදෙස් ලබා ගැනීම සඳහා සැලකිය යුතු කාලයක් වැය කිරීමට සිදු වීම. 5. තක්සේරු කෙරෙන වන්දි මුදලට ඉඩම් හිමිකරුවන් එකඟ නොවීම හේතුවෙන් අභියාචනා ක්‍රමවේදවලට යොමු වීම. (වන්දි සමාලෝචන මණ්ඩලයට හා අමාත්‍යාංශ විශේෂ අභියාචනා කමිටුව වෙත යොමු වීම සිදු කරනු ලබයි) |
|
II. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - අදියර 02 ඉඩම් අත්කර ගැනීම් ආරම්භය - 2015 නොවැම්බර් |
|
|
III. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - අදියර 03 ඉඩම් අත්කර ගැනීම් ආරම්භය - 2015 ඔක්තෝබර් |
|
|
IV. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - අදියර 04 ඉඩම් අත්කර ගැනීම් ආරම්භය - 2016 ජූලි |
1. ඉහත කරුණුවලට අමතරව, වර්ෂ 2022 තුළදී රට තුළ ඇති වූ ආර්ථික අර්බුදය හේතුවෙන් මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන් නැවත ක්‍රමෝපායකරණය හා කඩිනම් කිරීමේ බලතල සහිත නිලධාරි කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා 2023.02.15 දිනැතිව ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශයට ලද අංක අමප/23/0345/608/030 හා 2023.03.20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව 2. වන්දි කොටසක් ගෙවා ඇති ඉඩම් කැබැලි සඳහා ඉතිරි වන්දි මුදල් ගෙවීමෙන් අනතුරුව එම ඉඩම් සම්බන්ධ ඉදිරි කටයුතු ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරීමට සහ |
|
|
· වන්දි මුදල් නොගෙවූ ඉඩම් කැබැලි අත්කර ගැනීමේ පනත ප්‍රකාරව අවසතු කිරීමට තීරණය කිරීම. · අමප/23/0345/608/030 හා 2023.03.20 දිනැති තීරණය අවලංගු කර මධ්යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - අදියර 04හි අත්හිටුවා ඇති ඉඩම් අත්කර ගැනීමේ කටයුතු නැවත ආරම්භ කිරීමට යෝජනා කර අංක 21/2025 හා 2025.05.22 දිනැති අමාත්‍ය මණ්ඩල සංදේශයක් අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇත. (ඇමුණුම** බලන්න.) |
වගුව 01
(ii) මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය අදියර 04 හැර අනෙකුත් අදියර තුනෙහි අත්කර ගත් ඉඩම්වල හිමිකරුවන් වැඩි
|
ව්‍යාපෘතිය |
අත්කරගත් පෞද්ගලික ඉඩම් කැබැලි සංඛ්‍යාව |
වන්දි ගෙවා අවසන් කැබැලි සංඛ්‍යාව |
වන්දි ගෙවීමට නියමිත කැබැලි සංඛ්‍යාව |
විශේෂ කරුණු |
|
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - අදියර 01 |
5,424 |
4,302 (79.3%) |
1,122 (20.6%) |
මාර්ග පථය වෙනස් වීම හේතුවෙන් අතිරේක අත්පත් කිරීම් සඳහා යොමු වීම. |
|
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - අදියර 02 |
4,406 |
4,141 (93.9%) |
22 (0.5%) |
ඉඩම් අත්කර ගැනීමේ පනතේ 15වන වගන්තිය නිකුත් කළ ඉඩම් කැබැලි 190, අවසතු කළ කැබැලි 22, අධිකරණයට යොමු කළ කැබැලි 31 |
|
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - අදියර 03 |
4,261 |
3,233 (75.8%) |
1,028 (24.12%) |
|
|
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - අදියර 04 |
3,505 |
207 (5.9%) |
3,298 (94%) |
අංක අමප/23/0345/608/030 හා 2023.03.20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඉඩම් අත්කර ගැනීමේ කටයුතු ඉදිරියට සිදු නොකිරීම. |
පිරිසකට වන්දි ප්‍රදානය කර ඇත.
(වගුව 02)
(ආ) (i) ඔව්.
රජයේ ඉඩම් අත්කර ගැනීමේ පනත අනුව වන්දි ගෙවීම සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව මඟින් නියමිත ව්‍යවස්ථාපිත තක්සේරුව තීරණය කර වාර්ෂික ප්‍රතිපාදන මඟින් ගෙවීම කරනු ලැබේ. එම වන්දි මුදලට එකඟ නොවන ඉඩම් හිමිකරුවන්ට වන්දි සමාලෝචන මණ්ඩලය වෙත අයදුම් කළ හැක. මීට අමතරව අංක 1864/54 දරන ගැසට්පත්‍රය අනුව ලාර්ක් කමිටුව මඟින් කරුණාසහගත දීමනා ගෙවීම් සිදු කරන අතර, ඒ සඳහා එකඟත්වය පළ නොකරන ඉඩම් හිමියන්හට අමාත්‍යාංශ විශේෂ අභියාචනා කමිටුව (සුපර් ලාර්ක්) වෙත ඉදිරිපත් විය හැක. එම කමිටු මඟින් ලබා දෙන තීරණ සඳහා එකඟ වන ඉඩම් හිමියන් වෙත වාර්ෂික ප්‍රතිපාදන උපයෝගී කරගෙන කඩිනමින් වන්දි ගෙවීමට කටයුතු කරනු ලබයි.
(ii) අදාළ නොවේ.
(iii) මධ්‍යම අධිවේගී මාර්ග අදියර 04 සඳහා ප්‍රමාදයක් පවතී.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - 01, 02 සහ 03 අදිරයන්හි නිරවුල් අයිතිය සහිත තක්සේරුගත වන්දි මුදල් සඳහා එකඟතාව පළ කරන ලද හිමිකරුවන් වෙත වන්දි ගෙවීම් කටයුතු ප්‍රමාදයකින් තොරව සිදු කරනු ලබයි. ඉඩම් හිමිකම් සම්බන්ධ ගැටලු පවතින අවස්ථාවලදී අධිකරණය වෙත යොමු කර අදාළ තීරණ ලද පසු ගෙවීම් කරනු ලැබේ.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය - අදියර 04 සඳහා අංක අමප/23/0345/608/030 හා 2023.03.20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ඉඩම් අත්කර ගැනීමේ කටයුතු අත්හිටුවා ඇති බැවින් වන්දි ගෙවීමේ කටයුතු ප්‍රමාද වී ඇත.
(iv) ඉඩම් අත්පත් කර ගැනීමේ පනත පරිදි අත්පත් ක්‍රියාවලිය සඳහා සාමාන්‍යයෙන් ගත වන කාලය සති 135කි. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉඩම් අත්කර ගැනීම් කටයුතු කඩිනම් ක්‍රමවේදය යටතේ සිදු කරන බැවින් ඒ සඳහා සති 77ක කාලයක් තුළ සිදු කර නිමා කිරීමට අපේක්ෂා කෙරේ.
එම ක්‍රියාවලිය අනුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් වවුචර්පත් ව්‍යාපෘතිය වෙත ලැබීමෙන් අනතුරුව කඩිනමින් මුදල් ගෙවීමට කටයුතු කරනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-10-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු බිමල් රත්නායක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks