පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
796/2025
ගරු ඊ. එම්. බස්නායක මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා, අතු ගංගා, ඔයවල්, ඇළ මාර්ග ආශ්‍රිත වැලි තොටුපළ සංඛ්‍යාව සහ ඒ ආශ්‍රිත රැකියා කරනු ලබන පුද්ගලයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) ඉහත වැලි තොටුපළ අතරින් නීත්‍යානුකූල වැලි තොටුපළ සංඛ්‍යාව කොපමණද;
(iii) නීති විරෝධී වැලි තොටුපළ තිබෙන බව දන්නේද;
(iv) එසේ නම්, එම තොටුපළ සම්බන්ධයෙන් ගනු ලබන නීත්‍යානුකූල පියවර කවරේද;
(v) වැලි කැනීම හේතුවෙන් සිදු වන පරිසර හානිය සම්බන්ධයෙන් ගනු ලබන පියවර කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් කටයුතු සඳහා වාර්ෂිකව අවශ්‍ය වැලි ප්‍රමාණය ගණනය කර තිබේද;
(ii) එම වැලි ප්‍රමාණය සපුරා ගැනීමේ හැකියාවක් තිබේද;
(iii) නොඑසේ නම්, ඒ සඳහා විකල්ප ක්‍රම තිබේද;
(iv) නව වැලි සැපයුම් මාර්ග කවරේද;
(v) එම නව වැලි සැපයුම් මාර්ගවලට ප්‍රමුඛතාවය ලබා දෙන්නේද;
(vi) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-05-22
අසන ලද්දේ
ගරු ඊ.එම්. බස්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ පරිගණකගත දත්ත පද්ධතිය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා, අතු ගංගා, ඔයවල්, ඇළ මාර්ග ආශ්‍රිතව 2025.03.31 දිනට ලේඛනගත කර ඇති වැලි තොටුපළ/මංකඩ සංඛ්‍යාව 1,256කි.
එම ගංගා වැලි කැණීම් කර්මාන්තය ආශ්‍රිතව ඍජුවම නිරත වන සේවක සංඛ්‍යාව ආසන්න වශයෙන් පුද්ගලයන් 10,000ක් පමණ වේ.
(ii) 2025.03.31 දිනට වලංගුව පැවති භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මඟින් වැලි කැණීම් බලපත්‍ර ලබා දී ඇති වැලි තොටුපළ/මංකඩ සංඛ්‍යාව 1,256කි.
(iii) අනවසර/නීති විරෝධි වැලිගොඩ දැමීමේ ස්ථාන, මංකඩ, තොටුපළවල් ගංගා ආශ්‍රිතව ක්‍රියාත්මකව පවතින බව වාර්තා වී ඇත.
(iv) අනවසර/නීති විරෝධි වැලි ගොඩදැමීම/කැණීම් කටයුතුවල නිරත පුද්ගලයන් ශ්‍රී ලංකා පොලීසිය හා කාර්යාංශයේ වැටලීම් ඒකකය මඟින් අත් අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා ඉදිරිපත් කරනු ලබයි.
(v) වැලි කැණීම් හේතුවෙන් සිදුවන පරිසර හානිය අවම කරගැනීම සඳහා කාර්යාංශය මඟින් නිරන්තර අධීක්ෂණ කටයුතු සිදු කරනු ලබයි. ඊට අමතරව, මධ්‍යම පරිසර අධිකාරිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් ලබා ගන්නා තොරතුරු අනුව පරිසර හානි සිදු කරමින් පවතින වැලි කැණීම් බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරනු ලබයි.
(ආ) (i) ඔව්.
(ii) ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය වන ගංගා වැලි ප්‍රමාණයෙන් සියයට 70ක පමණ ප්‍රමාණයක් සපයා ගත හැකි අතර, ඉතිරි සියයට 30 සම්පූර්ණ කර ගැනීම ගැටලුවක්ව පවතී.
(iii) ගංගා වැලි ලබා ගැනීම තුළින් ඉදිකිරීම් කර්මාන්තය සඳහා අවශ්‍ය වැලි අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට නොහැකි අතර ඒ සඳහා විකල්ප කෙරෙහි අවධානය යොමු කළ යුතු වේ. ඒ සඳහා විකල්ප ලෙස ගැඹුරු මුහුදේ වැලි ලබා ගැනීම හා එම මුහුදු වැලි භාවිතය ප්‍රවර්ධනය කිරීමත්, වැලි අවම භාවිතයකින් යුතු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ක්‍රමෝපායයන් සඳහා යොමුවීමත් පවතින විකල්ප ක්‍රම වේ. මේ සඳහා අධ්‍යයන කටයුතු සිදු කරමින් පවතී.
(iv) නව වැලි සැපයුම් මාර්ග ලෙස ඉහත (iii) දක්වා ඇති විකල්ප ක්‍රම මඟින් වැලි අවශ්‍යතාව සපුරා ගැනීමට සිදු වේ.
(v) නව වැලි සැපයුම් මාර්ග කෙරෙහි ප්‍රමුඛතාව ලබා දී වැලි අවශ්‍යතාව සම්පූර්ණ කළ යුතුව පවතී.
(vi) නව වැලි සැපයුම් මාර්ග කෙරෙහි ප්‍රමුඛතාව ලබා දීමේදී මතු වන ගැටලු රාශියක් පවතී. පාරිසරික හා සමාජීය ගැටලු, ඉඩම් නිරවුල් කර ගැනිමේ ගැටලු නිරාකරණය කර ගත යුතුව ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඇන්ටන් ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks