පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
793/2025
ගරු සුජීව දිසානායක මහතා,— නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) කුරුණෑගල, දැඳුරු ඔය ජලාශ ව්‍යාපෘතියට සමගාමීව ආරම්භ කරන ලද පානීය ජල ව්‍යාපෘතියෙන් ආවරණය කරනු ලබන ග්‍රාම නිලධාරි වසම් කවරේද;
(ii) එම ග්‍රාම නිලධාරි වසම් අතරින් ව්‍යාපෘතියට අදාළ වැඩ අවසන් කර ඇති ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව සහ වැඩ අවසන් කර නොමැති ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) වැඩ අවසන් කර නොමැති ග්‍රාම නිලධාරි වසම්වල වැඩ අවසන් කිරීමට ඇති බාධා කවරේද;
(iv) වැඩ අවසන් කර නොමැති ග්‍රාම නිලධාරි වසම්වල වැඩ අවසන් කිරීමට ගත වන කාලය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-07-08
අසන ලද්දේ
ගරු සුජීව දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) ග්‍රාම නිලධාරි වසම් 106ක් ආවරණය වෙනවා.
(ii) ආවරණය වන ග්‍රාම නිලධාරි වසම් සංඛ්‍යාව 97කි. ඒ පිළිබඳ විස්තරය ඇමුණුම 02 වශයෙන් පහත දක්වා ඇත.
(iii) අදියර 2 ව්‍යාපෘතිය සඳහා මුදල් සැපයුණේ කොරියානු රජයේ ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල මඟිනි. නමුත් පසුගිය කාලයේ රටේ පැවති ආර්ථික අර්බුදය හමුවේ මෙම ව්‍යාපෘතියට ඒ අරමුදලෙන් මුදල් ලැබුණේ නැහැ. ඒ ණය ගිවිසුම අත්සන් කරන්න බැරි වෙච්ච නිසා තමයි මූල්‍ය සම්පාදනය කරගන්න බැරි වුණේ.
(iv) ණය ගිවිසුම පිළිබඳව අපි දැනටමත් Korea Eximbank එකත් සමඟ සාකච්ඡා කරලා තිබෙනවා. මෙම ව්‍යාපෘතිය අවසන් කරන්න ඩොලර් මිලියන 27ක මුදලක් යයි කියලා ඇස්තමේන්තු කරලා තිබෙනවා. Korea Eximbank එකෙන් මූලික එකඟතාව ඇති වෙලා තිබෙනවා, මේ ඩොලර් මිලියන 27 ලබා දෙන්න. නමුත් තවම අවසන් එකඟතාවකට ඇවිල්ලා නැහැ. ඒ අවසන් එකඟතාව ලැබුණාට පසුව ඒ ප්‍රතිපාදන භාවිත කරලා මෙහි වැඩ අවසන් කරන්න පුළුවන්.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-07-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු අනුර කරුණාතිලක මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks