පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
790/2025
ගරු සුජීව දිසානායක මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) යාපහුව රාජධානියේ, දැඳුරු ඔය අසබඩ වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් පිහිටා ඇති බව දන්නේද;
(ii) එම ඉඩම්වල ඉදිකර තිබූ මේ වනවිට ගරා වැටෙමින් පවතින නිවාඩු නිකේතන ප්‍රතිසංස්කරණය කිරීමට කඩිනමින් කටයුතු කරන්නේද;
(iii) එම ප්‍රදේශය දේශීය සංචාරකයන්ගේ ගිමන් හරින ප්‍රදේශයක් ලෙස භාවිතා කරන අතර එහි කිසිදු සනීපාරක්ෂක පහසුකමක් නොමැති බැවින් අදාළ පහසුකම් සැපයීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට වැඩපිළිවෙළක් තිබේද;
(iv) රිදීබැඳි ඇල්ල ඇනිකට් එක ප්‍රදේශයත්, එම නිවාඩු නිකේතනත් දේශීය හා විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගැනීමට හැකි වන පරිදි වැඩිදියුණු කිරීමට සැලසුමක් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට තිබේද;
(v) ඉහත ප්‍රදේශයේ අවිධිමත් ඉදිකිරීම් කිහිපයක් පැවතීම හේතුවෙන් වාරි ජලය බැස නොයෑමෙන් කෘෂිකාර්මික කටයුතුවලට බාධා එල්ල වී ඇති බැවින් එම බාධා මඟහරවා ගැනීමට පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-05-20
අසන ලද්දේ
ගරු සුජීව දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔව්.
(iii) නැත.
(iv) රිදීබැඳි ඇල්ල අමුණ - ඔව්.
නිවාඩු නිකේතනය - නිල නිවාසයක් ලෙස අලුත්වැඩියා කිරීමට බලාපොරොත්තු වේ.
(v) ඔව්.
(ආ) ඉහත පිළිතුරු අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-05-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks