01

E   |     |  

 දිනය: 2025-05-22   පිළිතුර ලබා දී ඇත 

0789/2025: මහියංගනය නගරයේ රජයේ ඉඩමක් වයි.එම්. රත්නපාල මහතාට බදු දීම: විස්තර

789/2025

ගරු සුදත් බලගල්ල මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)        (i)      මහියංගණය නගරයේ, කෘෂි අලෙවිසලක් ඉදිකිරීමට ලංකා බැංකුවට යාබද ඉඩමේ 2004 වර්ෂයේදී මුල්ගල තැබූ බවත්;

            (ii)      වර්තමාන ජනාධිපතිවරයා කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස ඉහත ඉඩම ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට පවරා ගැනීමට මූලික කටයුතු කළ බවත්;

(iii) ඒ සඳහා මහියංගණය ගොවිජන සේවා කාරක සභාව සහ ගොවීන් ඉල්ලීම් කළ බවත්;

(iv) ඉහත ඉඩම, මහියංගණය, 48 කණුව, අරාවත්ත පදිංචි වයි.එම්. රත්නපාල මහතාට වරණීය බදු පදනම මත ලබා දීමට ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ 4/10/75144 යටතේ අනුමතිය දී ඇති බවත්;

(v) වරණීය පදනම මත රජයේ ඉඩම් ප්‍රබල සහ විශේෂ හේතු මත පමණක් පවරන බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) ඉහත ඉඩම් පැවරීමට වයස අවුරුදු 80කට වැඩි පුද්ගලයෙකු තෝරා ගැනීමට හේතුව කවරේද;

(ii) රජයේ ඉඩම් අන්සතු කිරීමේදී, රජයේ අවශ්‍යතාවයන් සඳහා ප්‍රමාණවත් ඉඩම් තිබේද යන්න සහ තෝරා ගන්නා පුද්ගලයාගේ ශාරීරික යෝග්‍යතාවය සලකා බලන බවත්, සාමාන්‍යයෙන් වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයෙකුට රජයේ ඉඩම් ලබා නොදෙන බවත් දන්නේද;

(iii) එම ඉඩම පැවරීමේදී ඉහත කරුණු සැලකිල්ලට ගත්තේද;

(iv) ඉහත බදු අනුමැතිය අවලංගු කරන්නේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-05-22

අසන ලද්දේ

ගරු සුදත් බලගල්ල මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      ඔව්.

             (iii)      ඔව්. (2023.03.03 දිනැතිව ගොවිජන සේවා මධ්‍යස්ථානය - මහියංගනය මඟින් ඉල්ලීම් කර ඇත.)

             (iv)      ඔව්.

              (v)      ඔව්.

(ආ)         (i)      රජයේ ඉඩම් ආඥාපනත ප්‍රකාරව වයස අවුරුදු 18ට වැඩි ඕනෑම ‍අයෙකුට දීර්ඝ කාලීන බදු පදනම මත ඉඩම් බැහැර කළ හැකි අතර ඒ සඳහා වන උපරිම වයස් සීමාවන් දක්වා නොමැත. බදු ගෙවීමේ මූල්‍යමය හැකියාව හා ව්‍යාපෘති ශක්‍යතාව සලකා බලනු ලබයි.

(ii) · රජයේ අවශ්‍යතාව සඳහා ප්‍රමාණවත් ඉඩම් පවතී ද යන්න සලකා බලයි.

  • උපරිම වයස් සීමාව හා ශාරීරික යෝග්‍යතාව සලකා නොබලයි.

(iii) ඔව්.

(iv) බදු කොන්දේසි කඩ කිරීමක් සිදු කර ඇති බැවින් බදු අනුමැතිය අවලංගු කරයි.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2025-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks