පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මීට වර්ෂ කිහිපයකට පෙර මාර්ග අංක 193 පුරහල සිට කඩවත දක්වා බස් රථ සේවාවක් ක්‍රියාත්මකවූ බවත්;
(ii) මේ වනවිට එම බස් රථ සේවාව ක්‍රියාත්මක නොවන බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) මට්ටක්කුලිය ඩිපෝවේ සහ කඩවත ඩිපෝවේ ලංගම බස්රථ එක බැඟින් යොදවා එම බස් රථ සේවාව නැවත ආරම්භ කිරීමට ක්‍රියාමාර්ග ගන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-08-07
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i), (ii) ඔව්.
වර්තමානයේ 193 මාර්ගයේ පුරහල සිට කඩවත දක්වා තනි බස් රථ සේවාවක් ක්‍රියාත්මක නොවුණද, කඩවත සිට පුරහල දක්වා ප්‍රවාහන අවශ්‍යතා ඇති මගීන්ට කොළඹ කොටුවට පැමිණ කොළඹ සිට පුරහල දක්වා බස් රථ සේවා මඟින් ප්‍රවාහන අවශ්‍යතාව ඉටු කර ගැනීමට හැකිය.
(ආ) ඉදිරියේදී මගී ඉල්ලුම පිළිබඳව සමීක්ෂණයක් සිදුකර මගී ඉල්ලුම අනුව නව ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට සැලසුම් සකස්කර ඇති බැවින් ඒ අනුව මෙම සේවාව සඳහා ද ප්‍රමුඛතාව ලබා දීමට අවශ්‍ය පියවර ගෙන ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-08-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) ප්‍රසන්න ගුණසේන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks