පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2712/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— ප්‍රවාහන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතර, වේරගම්පිට, තොටුපොල පාර, රත්ගම්වත්තේ පදිංචි පී. ජී. එස්. කේ. වික්‍රමනායක මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරීන් 16 දෙනෙකු අංක HRC / 6061, 6081, 6083, 6099, 6163, 6214, 6214, 6306 සහ 06B යටතේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කළ බවත්;
(ii) ඔවුන්ට සහන සැලසෙන නිර්දේශයක් මානව හිමිකම් කොමිසම විසින් 2007.07.16 දින ලබාදුන් බවත්,
(iii) එම නිර්දේශය මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) මානව හිමිකම් කොමිසම ලබාදෙන ලද එම නිර්දේශයන් මෙතෙක් ක්‍රියාත්මක නොකිරීමට හේතු කවරේද;
(ii) එම නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නම්, එම දිනය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-07-24
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) පී.ජී.එස්.කේ. වික්‍රමනායක මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරින් 16 දෙනෙකු මානව හිමිකම් කොමිසමට නව උසස්වීම් සම්බන්ධව පැමිණිලි ඉහත දක්වා ඇති අංකවලින් ගොනු කර තිබුණි.
(ii) මානව හිමිකම් කොමිෂන් සභාව පහත දැක්වෙන නිර්දේශ 02 ලබා දී තිබුණි.
i. පැමිණිලිකරුවන් සුදුසුකම් ලබන උසස්වීම් සඳහා විධිමත් කාර්ය පටිපාටියක් අනුගමනය කර, විනිවිද පෙනෙන ක්‍රමවේදයන් තුළින් උසස්වීම් ලබා දී, පෙරදාතම කිරීමට සුදුසු පරිදි පියවර ගත යුතුය.
ii. මෙහි පිටපතක් සුදුසු පියවර ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කරනු ඇත.
` (iii) ඉහත ii හි පළමු නිර්දේශය අනුව අදාළ උසස්වීම් විභාග පවත්වා සුදුසුකම් සපුරන ලද නිලධාරින් පරීක්ෂක තනතුරට හා සහකාර ආරක්ෂක අධිකාරි තනතුරට උසස් කරන ලදී. ඒ අනුව පළමු නිර්දේශය ක්‍රියාත්මක කර ඇත.
(ආ) (i) කෙසේ වෙතත් මීට පෙර කිහිප අවස්ථාවකදීම දේශපාලන කමිටු තීරණ මත, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මත හා මානව හිමිකම් කොමිෂන් සභා තීරණ මත ආරක්ෂක නිලධාරි හා සහකාර ආරක්ෂක අධිකාරි තනතුරු පුරප්පාඩු පිළිබඳව නොසලකා අධිසේවක පදනම මත උසස්වීම් ලබා දී ඇත.
එබැවින් මානව හිමිකම් කොමිෂන් සභාව ලබා දී ඇති නිර්දේශ අනුව කටයුතු කර උසස්වීම් ලබා දී තිබියදීත් අවශ්‍ය සුදුසුකම් සපුරා නොගත් ඉහත කී නිලධාරින්ගේ - නියමිත සුදුසුකම් නැති නිලධාරින්ගේ- විමසීම හේතුවෙන් මේ පිළිබඳව තවදුරටත් ලබා දිය හැකි යම් සහනයක් තිබේද යන්න පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් උපදෙස් පතා ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අහලා තිබෙනවා.
(ii) රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ සම්බන්ධව තවදුරටත් ලබා දිය යුතු යම් සහනයක් ඇති බව දන්වා සිටියහොත් මෙම නිලධාරින්ට එම දැනුම් දීම් පරිදි තවදුරටත් සහනය ලබා දීමට කටයුතු කරනු ලැබේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-09-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර වෙල්ගම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks