05

සි   |     |  

 Date: 2013-07-24   Answered 

2712/2013: SECURITY OFFICERS OF DEPARTMENT OF RAILWAYS : COMPLAINTS TO HUMAN RIGHTS COMMISSION

2712/’12

Hon. Buddhika Pathirana,— To ask the Minister of Transport,—

(a) Is he aware that—

(i) 16 security officers of the Department of Railways including Mr. P.G.S.K. Wickramanayaka residing at Rathgamwatta, Thotupola Road, Weragampita, Matara lodged  complaints with the Sri Lanka Human Rights Commission under number HRC/6061,6081,6083, 6099, 6163,6214,6214, 6306, and 06B ;

(ii) a recommendation, grating them relief was given by the Human Rights Commission on 16/07/2007; and

(iii) that recommendation has so far not been implemented?

(b) Will he inform this House—

(i) of the reasons for not implementing that recommendation given by the Human Rights Commission; and

(ii) if that recommendation will be implemented, the date on which it will be done?

(c) If not, why?

 

Asked Date

2013-07-24

Asked by

Hon. Buddhika Pathirana, M.P.

Ministry

Transport

Legislature

Seventh Parliament of the D.S.R. of Sri Lanka

Session

First Session

Question History

Answer

(අ)          (i)      පී.ජී.එස්.කේ. වික්‍රමනායක මහතා ඇතුළු දුම්රිය දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරින් 16 දෙනෙකු මානව හිමිකම් කොමිසමට නව උසස්වීම් සම්බන්ධව පැමිණිලි ඉහත දක්වා ඇති අංකවලින් ගොනු කර තිබුණි.   

              (ii)       මානව හිමිකම් කොමිෂන් සභාව පහත දැක්වෙන නිර්දේශ 02 ලබා දී තිබුණි.

                          i.     පැමිණිලිකරුවන් සුදුසුකම් ලබන උසස්වීම් සඳහා විධිමත් කාර්ය පටිපාටියක් අනුගමනය කර, විනිවිද පෙනෙන ක්‍රමවේදයන් තුළින් උසස්වීම් ලබා දී, පෙරදාතම  කිරීමට සුදුසු පරිදි පියවර ගත යුතුය.

ii. මෙහි පිටපතක් සුදුසු පියවර ගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු  කරනු ඇත. 

` (iii) ඉහත ii හි පළමු නිර්දේශය අනුව අදාළ උසස්වීම් විභාග පවත්වා සුදුසුකම් සපුරන ලද නිලධාරින් පරීක්ෂක තනතුරට හා සහකාර ආරක්ෂක අධිකාරි තනතුරට උසස් කරන ලදී. ඒ අනුව පළමු නිර්දේශය ක්‍රියාත්මක කර ඇත. 

(ආ) (i) කෙසේ වෙතත් මීට පෙර කිහිප අවස්ථාවකදීම දේශපාලන කමිටු තීරණ මත, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු මත හා මානව හිමිකම් කොමිෂන් සභා තීරණ මත ආරක්ෂක නිලධාරි හා සහකාර ආරක්ෂක අධිකාරි තනතුරු පුරප්පාඩු පිළිබඳව නොසලකා අධිසේවක පදනම මත උසස්වීම් ලබා දී ඇත.

එබැවින් මානව හිමිකම් කොමිෂන් සභාව ලබා දී ඇති නිර්දේශ අනුව කටයුතු කර උසස්වීම් ලබා දී තිබියදීත් අවශ්‍ය සුදුසුකම් සපුරා නොගත් ඉහත කී නිලධාරින්ගේ - නියමිත සුදුසුකම් නැති නිලධාරින්ගේ- විමසීම හේතුවෙන් මේ පිළිබඳව තවදුරටත් ලබා දිය හැකි යම් සහනයක් තිබේද යන්න පිළිබඳව රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් උපදෙස් පතා ඇත. රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් අහලා තිබෙනවා. 

(ii) රාජ්‍ය සේවා කොමිෂන් සභාව මේ සම්බන්ධව තවදුරටත් ලබා දිය යුතු යම් සහනයක් ඇති බව දන්වා සිටියහොත් මෙම නිලධාරින්ට එම දැනුම් දීම් පරිදි තවදුරටත් සහනය ලබා දීමට කටයුතු කරනු ලැබේ.

(ඇ) අදාළ නොවේ.

 

Answered Date

2013-09-18

Answered by

Hon. Kumara Welgama, M.P.





Copyright © The Parliament of Sri Lanka.

All Rights Reserved.

Design & Developed by  TekGeeks