පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
772/2025
ගරු ලසිත් භාෂණ ගමගේ මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) සමුපකාර තොග වෙළඳ සංස්ථාවට අයත් වැලිසර, ගබඩා සංකීර්ණයේ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය එක් රැස් කර ඇති බව දන්නේද;
(ii) ඒවා එම ස්ථානයට එක් රැස් කිරීමට හේතුව කවරේද;
(iii) ඒවා කල් ඉකුත් වීමට හේතුව කවරේද;
(iv) මෙලෙස ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කල් ඉකුත් වීම සම්බන්ධයෙන් වගකිවයුතු නිලධාරින්ට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-06-05
අසන ලද්දේ
ගරු ලසිත් භාෂණ ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ඔව්. සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට අයත් වැලිසර ආපසු හරවා යැවුම් තොග ගබඩාව ලංකා සතොස ආයතනය කුලී පදනම මත ලබා ගෙන ඇත.
(ii) ලංකා සතොස අළෙවිසැල් ජාලය තුළ අළෙවි කිරීම සඳහා සැපයුම්කරුවන්ගෙන් ලබා ගන්නා භාණ්ඩ කල් ඉකුත් වූ පසු පාරිභෝගික ආරක්ෂණ නීතිරීති හා රෙගුලාසි අනුව අළෙවි කළ නොහැක. සැපයුම්කරුවන්ගෙන් භාණ්ඩ මිලදී ගන්නා විටම කල් ඉකුත් වූ භාණ්ඩ ආපසු භාර දීමට එකඟ වී ඇති අතර, ඒ අනුව ආයතනයට අලාභයක් සිදු නොවන ආකාරයට සැපයුම්කරුවන්ට භාර දීම සිදු කෙරේ. ඒ අනුව සැපයුම්කරුවන් වෙත විධිමත්ව භාර දෙන තෙක් අදාළ භාණ්ඩ වැලිසර ආපසු හරවා යැවුම් තොග ගබඩාව තුළ රඳවා තබා ගනු ලැබේ.
(iii) සැපයුම්කරුවන් විසින් සඳහන් කර ඇති කල් ඉකුත්වීමේ දිනය ඇතුළත භාණ්ඩ අළෙවි නොවීම.
(iv) ආහාර ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් කල් ඉකුත් වී නැත. එය මිලදී ගත් ප්‍රමාණයෙන් 0.5% ප්‍රමාණයකි. භාණ්ඩ කල් ඉකුත් කිරීම සම්බන්ධයෙන් සේවකයන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධ කරුණු වාර්තා වී නැත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-06-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks