පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) නීත්‍යානුකූලව පොලිස් ආරක්ෂාව ලැබීමට හිමිකම් ඇති තනතුරු සහ එම තනතුරු දරන පුද්ගලයන්ගේ නම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) පොලිස් ආරක්ෂාව ලබාගැනීමට හිමිකම් නොමැති පුද්ගලයන් සහ ආයතන සඳහා ද පසුගිය කාලයේ පොලිස් ආරක්ෂාව යොදා තිබූ බව මාධ්‍ය මඟින් පෙන්වාදී ඇති බව දන්නේද;
(iii) එසේ නම්, ඒ සම්බන්ධයෙන් වන තොරතුරු කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2026-07-07
අසන ලද්දේ
ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.
අමාත්‍යාංශය
මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) අදාළ පුද්ගලයන්ගේ තනතුරු සහ නම් ඇමුණුම මඟින් දක්වා ඇත.
එහි දීර්ඝ විස්තරයක් තිබෙනවා. එම ඇමුණුම මම සභාගත* කරනවා.
(ii) එවැනි තොරතුරු වාර්තා වී නැත.
(iii) ඒ සම්බන්ධයෙන් තොරතුරු හෝ පැමිණිලි වාර්තා වී නැත.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2026-07-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ සුනිල් වටගල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks