04

E   |     |  

 දිනය: 2025-12-01   පිළිතුර ලබා දී ඇත 

0741/2025: බස්නාහිර පළාතේ සමුපකාර ග්‍රාමීය බැංකු: විස්තර

741/2025

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       (i)    බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති සමුපකාර ග්‍රාමීය බැංකු ශාඛා සංඛ්‍යාව කොපමණද;

            (ii)    ඒවායේ නම් කවරේද;

(iii) එම සමුපකාර ග්‍රාමීය බැංකු අතරින් මේ වනවිට අක්‍රිය තත්ත්වයේ පවතින සමුපකාර ග්‍රාමීය බැංකු ශාඛා සංඛ්‍යාව කොපමණද;

(iv) ඒ හේතුවෙන් සිය තැන්පතු මුදල් නැවත ලබා ගැනීමට නොහැකිවී සිටින ඉහත බැංකුවල තැන්පත්කරුවන්ට සාධාරණයක් ඉටු කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-12-01

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචි කර ඇති සමුපකාර ග්‍රාමීය බැංකු ශාඛා නොමැත.

                        එහෙත්, බස්නාහිර පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචි කරන ලද විවිධ සේවා සමුපකාර සමිති 38ක්, බැංකු සමිති 01ක් ක්‍රියාත්මකයි. එම සමුපකාර සමිතිවල ග්‍රාමීය බැංකු 505ක් ක්‍රියාත්මක වේ.

          (ii)            බස්නාහිර පළාතේ ලියාපදිංචි සමුපකාර සමිතිවල ග්‍රාමීය බැංකු ශාඛා - 2025.12.31   

 

1

සී/ස හෝමාගම වි.සේ.ස. සමිතිය

30

2

සී/ස බටහිර හේ. කෝරළේ වි.සේ.ස. සමිතිය

16

3

සී/ස කොලොන්නාව වි.සේ.ස. සමිතිය

17

4

සී/ස නැ.හේ. කෝරළේ වි.සේ.ස. සමිතිය

10

5

සී/ස බත්තරමුල්ල වි.සේ.ස. සමිතිය

12

6

සී/ස පිළියන්දල වි.සේ.ස. සමිතිය

14

7

සී/ස කොළඹ දකුණ සමුපකාර සමිතිය

03

8

සී/ස දෙහිවල ගල්කිස්ස වි.සේ.ස. සමිතිය

13

9

සී/ස ශ්‍රී ජයවර්ධනපුර වි.සේ.ස. සමිතිය

08

10

සී/ස මොරටුව වි.සේ.ස. සමිතිය

09

11

සී/ස මහරගම වි.සේ.ස. සමිතිය

10

 

එකතුව

142

කොළඹ දිස්ත්‍රික්කය

ගම්පහ දිස්ත්‍රික්කය

12

සී/ස දළුගම වි.සේ.ස

6

13

සී/ස බියගම වි.සේ.ස

14

14

සී/ස මීගමුව වි.සේ.ස

14

15

සී/ස මහර වි.සේ.ස

22

16

සී/ස ගම්පහ වි.සේ.ස

23

17

සී/ස දිවුලපිටිය වි.සේ.ස

15

18

සී/ස දොම්පෙ වි.සේ.ස

10

19

සී/ස කැලණිය වි.සේ.ස

9

20

සී/ස කිරිඳිවැල වි.සේ.ස

8

21

සී/ස මීරිගම වි.සේ.ස

13

22

සී/ස වත්තල වි.සේ.ස

15

23

සී/ස මිනුවන්ගොඩ වි.සේ.ස

23

24

සී/ස කොටදෙනියාව වි.සේ.ස

11

25

සී/ස කටාන වි.සේ.ස

25

26

සී/ස අත්තනගල්ල වි.සේ.ස

21

27

සී/ස කෙහෙල්ඇල්ල වි.සේ.ස

13

28

සී/ස ජාඇල වි.සේ.ස

17

 

එකතුව

259

කළුතර දිස්ත්‍රික්කය

29

සී/ස කළුතර වි.සේ.ස

10

30

සී/ස පානදුර වි.සේ.ස

10

31

සී/ස බේරුවල වි.සේ.ස

9

32

සී/ස මතුගම වි.සේ.ස

11

33

සී/ස අගලවත්ත වි.සේ.ස

11

34

සී/ස බුලත්සිංහල වි.සේ.ස

10

35

සී/ස මුංවත්ත නැ‍ඟෙනහිර වි.සේ.ස

6

36

සී/ස මුංවත්ත බටහිර බැංකු සමිතිය

10

37

සී/ස රයිගම් උඩුගහපත්තු වි.සේ.ස

9

38

සී/ස බණ්ඩාරගම වි.සේ.ස

8

39

සී/ස හොරණ වි.සේ.ස

10

 

එකතුව

104

 

මුළු එකතුව

505

(iii) අක්‍රිය තත්ත්වයේ ශාඛා නොමැත. මූල්‍ය අර්බුදයක් මත සී/ස දෙහිවල ගල්කිස්ස විවිධ සේවා සමුපකාර සමිතියේ ශාඛා 13ක් හා සී/ස මහරගම විවිධ සේවා සමුපකාර සමිතියේ ශාඛා 11ක් තැන්පත් ආපසු ගෙවීමේ ගැටලුවකට මුහුණ දී ඇත.

(iv) සී/ස දෙහිවල ගල්කිස්ස විවිධ සේවා සමුපකාර සමිතියේ ග්‍රාමීය බැංකු ශාඛා මඟින් නිකුත් කරන ණයවලින් කල් පසු වූ ණය අය කර ගැනීම සහ සමිතියේ ස්ථාවර දේපළ අළෙවි කිරීම මඟින් දැනට තිබෙන මුළු තැන්පතුවලින් සියයට 13.5ක් ගෙවා ඇති අතර, තවත් සියයට 38.5ක ප්‍රමාණයක් සමිතිය සතුව පවතින අතර එම මුදල් ගෙවමින් පවතී.

එසේම සී/ස මහරගම විවිධ සේවා සමුපකාර සමිතියේ කල්පසු වූ ණය අය කර ගැනීම සහ සමිතියේ ස්ථාවර දේපළ අළෙවි කිරීම මඟින් ග්‍රාමීය බැංකු ශාඛාවල තැන්පත් කරන ලද මුදලින් සියයට 18.5ක් ගෙවා අවසන් කර ඇති අතර, තවත් සියයට 4ක් ගෙවීමට ප්‍රමාණවත් මුදලක් සමිතිය සතුව පවතී.

ඉහත ක්‍රමය අනුගමනය කරමින් තැන්පත්කරුවන්ගේ මුදල් ඉදිරියේදීත් ගෙවීම සිදු කිරීමට අපේක්ෂිතය. එසේම සමුපකාර සමිතිවල තැන්පත් ආපසු ගෙවීම සිදු නොවීම දක්වා මූල්‍ය අර්බුදයක් හට ගැනීම පිළිබඳව වග කිව යුත්තන් සිටී නම් ඒ අය හඳුනා ගැනීමත් සඳහා බස්නාහිර පළාත් සමුපකාර සමිති ප්‍රඥප්තියේ 47/2 වගන්තිය යටතේ විමර්ශනයක් සිදු කරන අතර, මෙම සමිතිවලට අදාළව සිදු කරන ලද පැමිණිලි සහ විගණනයන් මඟින් අනාවරණය වූ තොරතුරු අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ද පරීක්ෂණයක් සිදු කරමින් පවතී.

(ආ)    අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2026-01-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks