01

E   |     |  

 දිනය: 2025-11-20   පිළිතුර ලබා දී ඇත 

0740/2025: සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුළුල් කිරීමේ සහ නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය: විස්තර

740/2025

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       (i)    සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුළුල් කර, නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලද දිනය කවරේද;

(ii)     එම ව්‍යාපෘතියේ අරමුණු කවරේද;

    (iii)   එම ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමට සහ ශක්‍යතා අධ්‍යයනය සඳහා මේ වනවිට වැය කර ඇති මුදල වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iv) ඉහත ව්‍යාපෘතිය මේ වනවිට ක්‍රියාත්මක නොවන බව දන්නේද;

(v) එසේ නම්, එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරි සැලසුම් කවරේද;

        යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-20

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)         (i)      සපුගස්කන්ද පිරිපහදු සංකීර්ණය සංවර්ධනය හා ධාරිතාව ඉහළ නැංවීමේ නව ව්‍යාපෘතිය සඳහා අමාත්‍ය මණ්ඩලය 2025.02.20 වැනි දින අනුමැතිය ලබා දී ඇත.

                        එම අනුමැතිය අනුව, ව්‍යාපෘතිය සඳහා අභිලාෂ - Expressions of Interest,  EOIs - කැඳවීම 2025.09.26 සම්පූර්ණ කර ඇත.

                        දැනට අභිලාෂ ඇගයීමේ අවසාන අදියරේ පවතින අතර, ඉන්පසුව රජයේ ප්‍රසම්පාදන ක්‍රමවේදයට අනුව ‍යෝජනා - Requests for Proposal - නියමිතය. අභිලාෂ ලිපි 20කට ආසන්න ප්‍රමාණයක් ලැබී තිබෙනවා. ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව පුළුල් කර නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.

  (ii) ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හා දේශීය වෙළඳ පොළ සම්පූර්ණ අවශ්‍යතා සැපිරීම, බන්කරින් - bunkering - සේවා සැපයීම, අපනයනය හා කලාපීය ඛනිජ තෙල් (පෙට්‍රෝලියම්) අපනයන මධ්‍යස්ථානය ලෙස ශ්‍රී ලංකාව ස්ථාපිත කිරීමේ අරමුණින් සපුගස්කන්ද තෙල් පිරිපහදුව සංකීර්ණය සංවර්ධනය සහ ධරිතාව ඉහළ නැංවීම හා පවතින පිරිපහදුව නවීකරණය කිරීම සහ/හෝ නව පිරිපහදුවක් Build-Operate-Transfer  - BOT - මාදිලිය යටතේ ඉදිකිරීම, ප්‍රසම්පාදනය තුළින් තෝරා ගනු ලබන සුදුසුම යෝජනාව යටතේ ක්‍රියාත්මක කිරීම.

(iii) a. ඉඩම් අත්පත් කර ගැනීම සඳහා රුපියල් මිලියන 785,837,500.00

b. ඉඩම් අත්පත් කර ගැනීම සඳහා අත්තිකාරම් රුපියල් මිලියන 510,000,000.00

c. ශක්‍යතා අධ්‍යයනය සඳහා (2022) ඇ.ඩො. ලක්ෂ 600,000 - රුපියල් මිලියන 171,837,628.00

(iv) ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

(v) ව්‍යාපෘතියේ කටයුතු දැනට ක්‍රියාත්මක වන අතර එම අභිලාෂ - Expressions of Interest, EOIs - කැඳවීම 2025.09.26 දින සම්පූර්ණ කර ඇත. අභිලාෂ ඇගයීම් ක්‍රියාවලිය දැන් අවසාන අදියරට ළඟා වී ඇති අතර, ඊළඟ අදියර ලෙස රජයේ ප්‍රසම්පාදන ක්‍රමය අනුව Requests for Proposal - RFPs - යටතේ සිදු කෙරෙනු ඇත.

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2025-11-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks