01

E   |     |  

 දිනය: 2025-09-11   පිළිතුර ලබා දී ඇත 

0726/2025: Importation of Potatoes to Sri Lanka

726/2025

ගරු චාමර සම්පත් දසනායක මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මෙරටට වර්ෂයකට ආනයනය කරනු ලබන අර්තාපල් අල ප්‍රමාණය කොපමණද;

             (ii)       ආනයනය කරනු ලබන අර්තාපල් අල සඳහා අය කරනු ලබන බද්ද කොපමණද;

(iii) මේ දිනවල නුවරඑළිය, වැලිමඩ, ඌව පරණගම සහ හපුතලේ යන ප්‍රදේශවල අර්තාපල් අල අස්වැන්න නෙලන බව දන්නේද;

(iv) එබැවින් ශ්‍රී ලංකාවේ අර්තාපල් අල අස්වැන්න නෙලන කාල වකවානුවේදී  ශ්‍රී ලංකාවට අර්තාපල් අල ආනයනය නතර කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-09-11

අසන ලද්දේ

ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks