04

E   |     |  

 දිනය: 2025-09-11   පිළිතුර ලබා දී ඇත 

0726/2025: අර්තාපල් ආනයනය: විස්තර

726/2025

ගරු චාමර සම්පත් දසනායක මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       මෙරටට වර්ෂයකට ආනයනය කරනු ලබන අර්තාපල් අල ප්‍රමාණය කොපමණද;

             (ii)       ආනයනය කරනු ලබන අර්තාපල් අල සඳහා අය කරනු ලබන බද්ද කොපමණද;

(iii) මේ දිනවල නුවරඑළිය, වැලිමඩ, ඌව පරණගම සහ හපුතලේ යන ප්‍රදේශවල අර්තාපල් අල අස්වැන්න නෙලන බව දන්නේද;

(iv) එබැවින් ශ්‍රී ලංකාවේ අර්තාපල් අල අස්වැන්න නෙලන කාල වකවානුවේදී  ශ්‍රී ලංකාවට අර්තාපල් අල ආනයනය නතර කිරීමට කටයුතු කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2025-09-11

අසන ලද්දේ

ගරු චාමර සම්පත් දසනායක මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      සාමාන්‍ය වාර්ෂික අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 210,000ක් පමණ වන අතර, 2019-2024 දක්වා ආනයනය කරන ලද අර්තාපල් ප්‍රමාණය පහත වගුවෙන් දක්වා ඇත.

වර්ෂය

දේශීය නිෂ්පාදනය (මෙට්‍රික් ටොන්) සහ එහි ප්‍රතිශත (%)

ආනයනය (මෙට්‍රික් ටොන් සහ එහි ප්‍රතිශත (%)

මුළු සැපයුම (මෙ‍ට්‍රික් ටොන්)

 

යල කන්නය

මහ කන්නය

මුළු දේශීය නිෂ්පාදනය

 

 

2024

20,916 (49.6)

21,291 (50.4)

42,207 (19.0)

180,104 (81.0)

222,311

2023

21,026 (51.6)

19,723 (48.4)

40,749 (19.5)

168,185 (80.5)

208,934

2022

27,764 (58.3)

19,850 (41.7)

47,614 (23.6)

153,823 (76.4)

201,437

2021

35,903 (47.3)

40,008 (52.7)

75,911 (39.4)

116,719 (60.6)

192,630

2020

30,115 (46.3)

34,970 (53.7)

65,085 (33.9)

126,741 (66.1)

191,826

2019

59,581 (58.6)

42,061 (41.4)

101,642 (41.7)

142,086 (58.3)

243,728

 

 

(ii) ආනයනික අර්තාපල් කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 80ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් 2025.08.25 දිනැති, අංක 2451/10 ගැසට් පත්‍රය මඟින් පනවා ඇත.

(iii) ඔව්.

නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරුන් විසින් අප වෙත යොමු කර ඇති අර්තාපල් සඳහා වූ භෝග පුරෝකථන පහත පරිදි වේ.

Monthly Expected Harvest - 2025 (mt)

July

4400

August

1040

September

640

October

700

November

1200

December

1600

 

 

 

 

 

 

(iv) නැත.

(ආ) සාමාන්‍ය වාර්ෂික ආර්තාපල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 210,000ක් පමණ වේ. මින් මෙට්‍රික් ටොන් 168,000ක් පමණ ප්‍රමාණයක් වාර්ෂිකව ආනයනය කරනු ලබයි. එනම්, සියයට 80ක ප්‍රමාණයක් ආනයනයෙන් සපුරා ගනු ලබන අතර සියයට 20ක අවශ්‍යතාව පමණක් දේශීය නිෂ්පාදනයෙන් සපුරා ගනු ලබන බව නිරීක්ෂණය වේ.

ඉහත සංඛ්‍යාලේඛන විශ්ලේෂණයෙන් පෙනී යන්නේ, දේශීය නිෂ්පාදනය මඟින් සමස්ත ඉල්ලුම සපුරාගත නොහැකි බවයි. එබැවින්, දේශීය අර්තාපල් අස්වැන්න ලැබෙන කාලපරිච්ජේදයේදී ආනයනය නතර කිරීමක් සිදු නොකෙරේ.

මීට අමතරව දේශීය වෙළෙඳ පොළ තුළ ආනයනික අර්තාපල් සඳහා මෙන්ම, දේශීය අර්තාපල් සඳහා ද එකිනෙකට වෙනස් වූ වෙළෙඳ පොළ තත්ත්වයන් - niche market - පාරිභෝගික තෝරා ගැනීම මත දක්නට ලැබෙන බව ද සඳහන් කළ හැකි අතර ඒ අනුව, අදාළ වෙළෙඳ පොළවලට ආවේණික වූ පාරිභෝගිකයින් විසින් ඔවුන්ගේ රුචිකත්වය මත ආනයනික හෝ දේශීය අර්තාපල් මිලදී ගැනීම සිදු කරනු ලබන බවද දක්නට ලැබේ. එම නිසා පාරිභෝගික රුචිකත්වය සපුරාලීම කෙරෙහි ද රජයේ අවධානය යොමු කරනු ලබන බවද සඳහන් කළ යුතුය.

එමෙන්ම, දේශීය අස්වැන්න නෙළා ගනු ලබන කාලයේදී, මෙම රුපියල් 80ක් වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැනවීම දේශීය ගොවීන්ගේ අර්තාපල් අස්වනු සඳහා නිසි මිලක් ලබා දීම පිණිස ගනු ලබන කෙටි කාලීන ක්‍රියා මාර්ගයක් වුවද, අස්වනු ලැබෙන කාලය තුළ මේ මඟින් පමණක් ආනයනික අර්තාපල් සමඟ තරගකාරී වීම අපේක්ෂා කළ නොහැකි බැව් නිරීක්ෂණය වේ. ඒ අනුව දේශීය අර්තාපල් සඳහා වන නිෂ්පාදන වියදම අඩු කර ගැනීමෙන් අර්තාපල් වගාවේ ඵලදායීතාව ඉහළ නැංවීම සඳහා වන දිගු කාලීන ක්‍රියා මාර්ග ගැනීම අත්‍යවශ්‍ය බවද වැඩිදුරටත් නිරීක්ෂණය වේ.

පිළිතුරු දුන් දිනය

2026-01-09

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ආර්.එම්. ජයවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks