පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
722/2025
ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මොනරාගල දිස්ත්‍රික්කයේ ඇති වගා කිරීමට හැකි රජයේ ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) මොනරාගල දිස්ත්‍රික්කයේ ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් ප්‍රමාණය කොපමණද;
(iii) එම ඉඩම්වලට ඔප්පු ලබා දීම මේ වනවිට අත්හිටුවා ඇති බව දන්නේද;
(iv) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් අවුරුදු 25-30ක් පමණ දීර්ඝ කාලයක් භුක්ති විඳින පුද්ගලයන්ට ඉඩම් ඔප්පු/බලපත්‍ර මේ දක්වා ලබාදී නොමැති බව දන්නේද;
(v) එම පුද්ගලයන්ට ඉඩම් ඔප්පු/බලපත්‍ර ලබා දීම සඳහා පියවර ගන්නේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-08-07
අසන ලද්දේ
ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කථානායකතුමනි, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමා වෙනුවෙන් මා එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙනවා.
(අ) (i)
|
අනු අංකය |
වගාව |
ඉඩම් ප්‍රමාණය (හෙක්ටෙයාර) |
|
|
01. |
තේ |
533 |
|
|
02. |
පොල් |
3,938 |
|
|
03. |
රබර් |
9,572 |
|
|
04. |
උක් |
17,638 |
|
|
05. |
වී |
32,869 |
|
|
06. |
මිශ්‍ර වගා/බහු වාර්ෂික භෝග |
20,218 |
|
|
07. |
වාර්ෂික භෝග |
44,744 |
|
|
08. |
හේන් වගාව |
26,249 |
|
|
09. |
වෙනත් |
5,745 |
|
|
එකතුව 161,506 |
|||
(ii) රජයට අත්පත් කර ගැනීම ආදී බැහැර කිරීම් කළ පසුව අවසන් වශයෙන් අක්කර 6,439 රූඩ් 1 පර්චස් 6.58ක ප්‍රමාණයක් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතුව තිබෙනවා.
(iii) අත්හිටුවා නොමැත. එය ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.
(iv) ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම්වල දීර්ඝ කාලයක් පදිංචිව සහ භුක්ති විඳිමින් සිටින අනවසරකරුවන් වෙත අඛණ්ඩව ඔප්පු ලබා දීමේ වැඩ පිළිවෙළක් කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා ඒ ඒ කාලසීමාවන්ට ගැළපෙන පරිදි ඉඩම් බැහැර කිරීමට අදාළ චක්‍රලේඛද සකස් කර ඔප්පු/බලපත්‍ර ලබා දීමේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක වෙමින් පවතී.
(v) සමස්ත දිවයිනම ආවරණය වන පරිදි 2025.12.31 දිනට ඔප්පු 7,000ක් ලබා දීමට කටයුතු කරමින් පවතින බැවින් මොනරාගල දිස්ත්‍රික්කයද එම වැඩසටහනට ඇතුළත් වේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-08-07
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks