පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2025-07-24
අසන ලද්දේ
ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) කුඹුක්කන්ඔය ජලාශ ව්‍යාපෘතිය සඳහා මුල්ගල තබා තිබෙන්නේ 2019.08.19වන දින.
(ii) 2020 වර්ෂය සඳහා රුපියල් මිලියන 32
2021 වර්ෂය සඳහා රුපියල් මිලියන 88
2022 වර්ෂය සඳහා රුපියල් මිලියන 212
මෙම ජලාශ ව්‍යාපෘතියේ වැඩකටයුතු සඳහා 2023 වර්ෂයට රුපියල් මිලියන 296ක් වෙන් කර තිබෙනවා.
(iii) 2023 වර්ෂය සඳහා රුපියල් මිලියන 296ක් වෙන් කර තිබෙනවා. නමුත් මේ සඳහා වන ඇස්තමේන්තුගත මුදල වන්නේ රුපියල් මිලියන 32,397යි; ඒ කියන්නේ දළ වශයෙන් රුපියල් බිලියන 32යි.
(iv) මෙම ජලාශ ව්‍යාපෘතියෙන් ගොවි පවුල් 9,200කට ප්‍රතිලාභ හිමි වන බවට ගණන් හදා තිබෙනවා.
(v) විකල්ප ඉඩම් ලබා දීමට කටයුතු කර තිබෙනවා. එහි නැවත පදිංචි කිරීමේ ක්‍රියාකාරී සැලැස්ම සකස් කර තිබෙනවා. ඉඩම් අහිමි වෙන අයට ඉඩම් ලබා දීම සඳහා හෙක්ටෙයාර 208.44ක් හඳුනා ගෙන තිබෙනවා. ඒ සඳහා පුබ්බාර සහ මැල්ලගම කියන ග්‍රාම නිලධාරි වසම් තුළ පිහිටි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් හඳුනා ගෙන ඒවා නිදහස් කර ගන්නට කටයුතු කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මොනරාගල දිස්ත්‍රික් ලේකම් විසින් අදාළ කටයුතු සිදුකර ගෙන යනවා.
(vi) කුඹුක්කන් ඔය ජලාශ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු, සංවර්ධන කටයුතු 2023.05.31 දින අවසන් කර තිබෙනවා. ඒ සම්බන්ධව RAMP කමිටුව පත් කර තිබුණා. එම කමිටුව මඟින් මෙම ව්‍යාපෘතියේ වැඩකටයුතු අවසන් කර තිබෙනවා.
(vii) මේ සඳහා සැලසුම්, estimates හදා තිබෙන්නේ. ඉදිරියේදී ප්‍රතිපාදන වෙන් කර ගැනීමට තිබෙන හැකියාව මත ඉදිරි කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා.
(ආ) ඉහත පිළිතුර අනුව අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-07-24
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) සුසිල් රණසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks