පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
717/2025
ගරු ධනුෂ්ක රංගනාත් මහතා,— පරිසර අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ස්වාභාවික දොළ මාර්ග ආරක්ෂා කර ගැනීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;
(ii) ස්වාභාවික දොළ මාර්ග ආශ්‍රිතව පැවතිය යුතු දොළ රක්ෂිතයට අදාළ භූමි ප්‍රමාණය කොපමණද;
(iii) දොළ රක්ෂිත බලහත්කාරයෙන් අත්පත් කර ගෙන ඇති පුද්ගලයන් සඳහා නීතිය ක්‍රියාත්මක කරන්නේද;
(iv) එසේ නම්, ඒ වෙනුවෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) දොළ රක්ෂිත සින්නක්කර ඉඩම් ලෙස ලබාදී ඇති බව දන්නේද;
(ii) එලෙස ලබාදී ඇති කළුතර දිස්ත්‍රික්කයේ දොළ රක්ෂිත භූමි ප්‍රමාණය කොපමණද;
(iii) එම දොළ රක්ෂිත භූමි නැවත පවරා ගැනීමට කටයුතු කරන්නේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-07-24
අසන ලද්දේ
ගරු ධනුෂ්ක රංගනාත් මහතා, පා.ම.
අමාත්‍යාංශය
පරිසර
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවේ ජල මූලාශ්‍ර, ඒවායේ පෝෂක ප්‍රදේශ හා රක්ෂිත ආරක්ෂා කිරීම හා සංරක්ෂණය කිරීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්, අංක 1894/3 දරන 2014.12.22 දිනැති ගැසට් නිවේදනය මඟින් ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
`එම ජාතික ප්‍රතිපත්තිය මඟින් අදාළ වගකීම් දරන ආයතන වෙත වගකීම් පවරා ඇති අතර, ජාතික ප්‍රතිපත්තියට අනුව ජල පෝෂක ප්‍රදේශ සංරක්ෂණය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සඳහා ගැසට් නිවේදනය තුළ සඳහන් පරිදි ක්‍රියාත්මක යන්ත්‍රණයක් පවතින අතර, එම ආයතන මඟින් පහත පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතී.
1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව සංවේදී පරිසර පද්ධතීන්හි පිහිටා ඇති ජල දේහයන් හා ජල මූලාශ්‍ර සහ රක්ෂිත ප්‍රදේශ පාරිසරික ආරක්ෂක ප්‍රදේශ වශයෙන් පහත සඳහන් අතිවිශේෂ ගැසට් නිවේදන මඟින් මධ්‍යම පරිසර අධිකාරිය විසින් ප්‍රකාශයට පත් කර සංරක්ෂණයට හා කළමනාකරණයට අදාළව අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇත.
- හාලිඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වතු ඉඩම් තුළ පිහිටි ජල මූලාශ්‍ර හා ඒවායේ රක්ෂිත ප්‍රදේශ 362 - අතිවිශේෂ ගැසට් නිවේදන අංක 2335/21 දරන 2023.06.09 දිනැති
- නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ පිහිටි ග්‍රෙගරි වැව - අතිවිශේෂ ගැසට් නිවේදන අංක 1487/10 දරන 2007.03.05 දිනැති
- කොළඹ හා කළුතර යන දිස්ත්‍රික්ක තුළ ව්‍යාප්තව පවතින බොල්ගොඩ ජලදේහය - අතිවිශේෂ ගැසට් නිවේදන අංක 1634/23 දරන 2009.10.30 දිනැති
- මඩකලපුව දිස්ත්‍රික්කය තුළ පිහිටි ඒතාලෙයිකුලම් වැව - අතිවිශේෂ ගැසට් නිවේදන අංක 2369/39 දරන 2024.02.02 දිනැති ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇත. මෙරට තුළ පවතින සියලු ගංගා සහ ගංගා ද්‍රෝණි තුළ ජල සම්පත් සංවර්ධනය හා ආරක්ෂා කර ගැනීම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ආරම්භයේ සිටම සිදු කරන ලද අතර, මුළු ගංගා පද්ධතියම තවදුරටත් අවධානයෙන් කළමනාකරණය කළ යුතු බැවින්, 2018 වර්ෂයේදී වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහා නව උප අංශයක් පිහිටුවා ඇත. එම ගංගාධාර කළමනාකරණ ඒකකය මඟින් ගංගා, ඇළ, දොළ ආරක්ෂා කර ගැනීම සඳහා පහත සඳහන් කරුණු ගැන අවධානය යොමු කරයි.
එසේම, දිස්ත්‍රික් ලේකම් කාර්යාල මට්ටමින් ගනු ලබන ක්‍රියාමාර්ග පහත පරිදි වේ.
(ii) 1947 අංක 8 දරන රජයේ ඉඩම් ආඥා පනත මඟින් ස්වාභාවික දොළ මාර්ගවලට අදාළව, රක්ෂිතයට අදාළ භූමි ප්‍රමාණය ලබා දීමේදී ප්‍රධාන වශයෙන් ඇළ දොළෙහි මතුපිට පළල පදනම් කරගෙන රක්ෂිත සීමා දක්වා ඇත.
ස්වාභාවික දොළ පහරෙහි පතුලේ පළල පැවැතිය යුතු රක්ෂිත සීමාව
මීටර 3ට අඩු දෙපස මීටර 5 බැගින්
මීටර 3ත් 8ත් අතර දෙපස මීටර 10 බැගින්
මීටර 8ත් 15ත් අතර දෙපස මීටර 20 බැගින්
මීටර 15ත් 22ත් අතර දෙපස මීටර 40 බැගින්
රජයේ ඉඩම්වල රක්ෂිත සීමාව වෙන් කර ඇත.
පෞද්ගලික ඉඩම්වල ඉවුරට කිසිසේත් හානි කළ නොහැක.
(iii) ඔව්.
(iv) දොළ රක්ෂිතයට හානි වූ බව ඉඩම් නිලධාරි, ඉඩම් පරිහරණ නිලධාරි, ග්‍රාම නිලධාරි යන අයගේ සාමූහික පරීක්ෂණයකින් තහවුරු වීමෙන් පසු ප්‍රාදේශීය ලේකම් විසින් පදිංචිකරුවන් ඉවත් කරනු ලැබේ.
(ආ) (i) දොළ රක්ෂිත සීමාවට සින්නක්කර ඉඩම් ඇතුළත් විය හැක. නමුත් රජයේ ඉඩම්වලට බලපත්‍ර ලබා දීමේදී ඉඩම් යෝග්‍යතාව පිළිබඳව නිරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීමෙන් පසු දොළ රක්ෂිත සීමාවට බලපත්‍ර ලබා දීම නවත්වනු ලැබේ.
(ii) කළුතර දිස්ත්‍රික් ලේකම්ට අනුව දොළ රක්ෂිත ඉඩම් සින්නක්කර ලෙස ලබා දී නොමැත.
(iii) එසේ සිදු වුවහොත්, ඒකාබද්ධ ක්ෂේත්‍ර පරීක්ෂණයකින් පසු නැවත පවරා ගැනීම සිදු කෙරේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-09-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (වෛද්‍ය) දම්මික පටබැඳි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks