පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2706/’12
ගරු බුද්ධික පතිරණ මහතා,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතර, පඹුරණ, ශාරිපුත්‍ර මහා විද්‍යාලයේ අතිරික්ත ගුරුවරුන් පිළිබඳව මාතර කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන් විසින් 2012 වර්ෂයේදී සිදුකළ විගණනය අනුව දීර්ඝ සේවා කාලයක් සහිත අතිරික්ත ගුරුවරුන්ගේ නාම ලේඛනයක් සකස් කර ඇති බවත්;
(ii) එම නාමලේඛනය අදාළ නිලධාරීන් විසින් විද්‍යාලයේ ලොග් සටහන් පොතේද සටහන් කර ඇති බවත්;
(iii) එම විද්‍යාලයේ වර්තමාන විදුහල්පතිනියට හිතවත් ඉහත නාමලේඛනයෙහි නම් සඳහන් ගුරු පිරිස රඳවාගෙන, කාල සටහන් සහිත අඩු සේවා කාලයක් ඇති වෙනත් ගුරුවරුන් පිරිසක් සඳහා ස්ථාන මාරුවීම් ලබා දී ඇති බවත්;
(iv) විදුහල්පතිනියගේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා මාරුකරන ලද ගුරු පිරිසට දැඩි අසාධාරණයක් සිදුවී ඇති බවත්;
එතුමා දන්නෙහිද?
(ආ) (i) ඉහත විදුහලේ අතිරික්ත ගුරුවරුන් පිළිබඳ කලාප අධ්‍යාපන කාර්යාලය මගින් සිදුකළ විගණනයේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන්නේද;
(ii) එසේ නම්, ඊට ගතවන කාලය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2013-06-21
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) මාතර කලාප කාර්යාලයේ එවැනි නාම ලේඛනයක් සකස් කර නොමැති අතර කලාපයට ලැබී තිබුණු විගණන වාර්තාවක සඳහන් මාතර, පඹුරණ, ශාරිපුත්‍ර මහා විද්‍යාලයේ දීර්ඝ සේවා කාලයක් ඇති ගුරුවරුන්ගේ නාම ලේඛනයක් පාසලේ ලොග් පොතේ සඳහන් කර තිබෙනවා. එම නාම ලේඛනය ඇමුණුම 1 වශයෙන් සභාගත* කරනවා.
(ii) විගණන වාර්තාවේ සඳහන් දීර්ඝ සේවා කාලයක් සහිත ගුරුවරුන්ගේ නාම ලේඛනයක් ලොග් පොතේ සටහන් කර තිබෙනවා.
(iii) නැත. එම ලේඛනයේ සඳහන් ගුරු භවතුන්ටද ස්ථාන මාරු ලබා දී තිබෙනවා. එනම්, එම ලැයිස්තුවේ සිටින 24දෙනාගෙනුත් කීපදෙනකුටම ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා.
(iv) මෙසේ ස්ථාන මාරු වූ ගුරු භවතුන්ට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙන්නේ තමුන් පදිංචි සේවා ස්ථානයේ සිට දිනපතා ගමන් කළ හැකි දුරක පිහිටි පාසල්වලට බැවින් අසාධාරණයක් සිදු වී නොමැති බව දැනුම් දී තිබෙනවා.
(ආ) (i) දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂගේ ලිපියක් තිබෙනවා. එම ලිපිය ඇමුණුම් අංක 2 වශයෙන් සභාගත* කරනවා. ඒ අනුව ඔවුන් කෙරෙහි ඒ නිර්දේශයන් ක්‍රියාත්මක කෙරෙනවා.
(ii) එම ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් 2014 දෙවන පාසල් වාරය තුළ එනම් මැයි මස මුල් භාගය තුළදී ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව දකුණු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් දන්වා තිබෙනවා.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2014-04-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු මොහාන් ලාල් ග්‍රේරු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks