01

E   |     |  

 දිනය: 2025-05-22   පිළිතුර ලබා දී ඇත 

0713/2025: කුඩා තේ වතු හිමියන් : කළුතර දිස්ත්‍රික්කය

713/2025

ගරු ධනුෂ්ක රංගනාත් මහතා,— වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ)          (i)      කළුතර දිස්ත්‍රික්කය තුළ සිටින කුඩා තේ වතු හිමියන් සංඛ්‍යාව කොපමණද;

            (ii)      ශ්‍රී ලංකාවේ ජාතික තේ අපනයනය සඳහා එම කුඩා තේ වතු හිමියන්ගේ දායකත්වය කොපමණද;

(iii) කළුතර දිස්ත්‍රික්කයේ ඇති පොහොර සහ කෘෂි උපකරණ ලබා ගත හැකි කුඩා තේ වතු සංවර්ධන සමිති සංඛ්‍යාව කොපමණද;

(iv) කුඩා තේ වතු හිමියන්ගේ සුභසාධනය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) කුඩා තේ වතු සංවර්ධන සමිති සඳහා සාමාජිකයන් බඳවාගනු ලබන ක්‍රමවේදය සහ එම සමිතිවල නිලවරණ පවත්වනු ලබන ක්‍රමවේදය සම්බන්ධයෙන් දැනුම්වත් වී තිබේද;

(ii) එසේ නම්, එම ක්‍රමවේද වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) එම ක්‍රමවේද පිළිබඳ විස්තර සභාගත කරන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-05-22

අසන ලද්දේ

ගරු ධනුෂ්ක රංගනාත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

----

පිළිතුරු දුන් දිනය

2025-05-22

විසින් පිළිතුරු දෙන ලදී

ගරු සුන්දරලිංගම් ප්‍රදීප් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks