පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
701/2025
ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා,— අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගෙන් ඇසීමට,— (1)
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති ගුරු විද්‍යාල සංඛ්‍යාව කොපමණද;
(ii) එම විද්‍යාලවල ඉගෙනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව ඉතා පහළ මට්ටමක පවතින බැවින්, එම විද්‍යාල, අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ වෙනත් පුහුණු මධ්‍යස්ථාන බවට පත් කිරීමට කටයුතු කරන්නේද;
(iii) ජාතික අධ්‍යාපන ආයතනය උපාධි පිරිනැමීම සඳහා සුදුසුකම්ලත් ආයතනයක් බැවින් ගුරු විද්‍යාලවල එක් අවුරුදු පූර්ණ කාලීන පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවක් පැවැත්වීමට කටයුතු කරන්නේද;
(iv) නොඑසේ නම්, එම ගුරු විද්‍යාල සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-05-22
අසන ලද්දේ
ගරු රජීවන් ජෙයචන්ද්‍රමූර්ති මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ශ්‍රී ලංකාවේ ඇති ගුරු විද්‍යාල සංඛ්‍යාවක 08කි.
(ii) ඔව්. අඛණ්ඩ ගුරු පුහුණු මධ්‍යස්ථාන වශයෙන් තවදුරටත් සංවර්ධනය කිරීම.
(iii) නැත.
(iv) 1. ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සඳහා ශික්ෂණලාභින් බඳවා ගැනීම වැඩි කිරීම සඳහා ගුරු විද්‍යාල ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සමඟ ඒකාබද්ධ කිරීම.
දැනට යෝජිත සැලැස්ම පහත පරිදි වේ.
|
අනු අංකය |
ගුරු විද්‍යාලය |
ඒකාබද්ධ කිරීමට සැලසුම්කර ඇති විද්‍යාපීඨය |
ගුරු විද්‍යාලය සහ විද්‍යාපීඨය අතර දුර (කිලෝමීටර) |
පුහුණු කළ හැකි ශික්ෂණලාභින් ගණන |
නේවාසිකාගාර පහසුකම් සැපයිය හැකි ප්‍රමාණය (නවීකරණයෙන් පසු) |
|
1 |
ගිරාගම |
පේරාදෙණිය |
6.7 |
150 |
110 |
|
2 |
අමරසූරිය, උණවටුන |
රුහුණ |
9.6 |
125 |
245 |
|
3 |
බලපිටිය |
දර්ගා නගරය |
20.5 |
450 |
130 |
|
4 |
මඩකලපුව |
මඩකලපුව |
9.8 |
650 |
83 |
|
5 |
අඩ්ඩාලච්චේන |
අඩ්ඩාලච්චේන |
0 |
300 |
150 |
|
6 |
කෝපායි |
යාපනය |
2.5 |
500 |
48 |
|
එකතුව |
|
|
2,175 |
766 |
|
අපි ඉදිරිපත් කරලා තිබෙන සැලසුම අනුව ගුරු විද්‍යාල සහ විද්‍යාපීඨ යන දෙකම එකතු කරලා අපි පුහුණු කරන ශික්ෂණලාභින් ප්‍රමාණය වැඩි කරන්න යෝජනා කරලා තිබෙනවා. ඒ අනුව ශික්ෂණලාභින් 2,175ක් බඳවා ගන්න තමයි අදහස් කරලා තිබෙන්නේ. ඒ අයට අවශ්‍ය නේවාසිකාගාර ප්‍රමාණය හා පහසුකම් වැඩි කරන්න මේ වන විටත් අය වැය ලේඛනය මඟින් මුදල් වෙන් කරලා ඒ සඳහා සැලසුම් කරගෙන යනවා.
2. අඛණ්ඩ ගුරු අධ්‍යාපනය යටතේ ගුරුවරුන්ගේ ධාරිතා සංවර්ධනය සඳහා කෙටි කාලීන නේවාසික පාඨමාලා ගුරු විද්‍යාල මඟින් ක්‍රියාත්මක කිරීම මෙම වර්ෂය සඳහා සැලසුම් කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-05-22
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ආචාර්ය හරිනි අමරසූරිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks