E   |     |  

 දිනය: 2026-08-19   පිළිතුර ලබා දී ඇත 

0684/2026: Area of archaeological lands owned by Department of Archaeological in Anuradhapura District

ගරු රෝහණ බංඩාර මහතා,— බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගෙන්  ඇසීමට,— (1)

 (අ)       (i)       අනුරාධපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් ප්‍රමාණය කොපමණද;

            (ii)       එම දිස්ත්‍රික්කය තුළ පිහිටි පුරාවිද්‍යා වැදගත්කමකින් යුත් ස්ථාන කවරේද;

(iii) 2015 වර්ෂයේ සිට මේ දක්වා එම දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති පුරාවිද්‍යා සොරකම් සහ විනාශ කිරීම් සම්බන්ධ සිදුවීම් සංඛ්‍යාව කොපමණද;

(iv) දිස්ත්‍රික්කය තුළ සේවයේ යොදවා ඇති දෙපාර්තමේන්තුවේ සේවකයන් සංඛ්‍යාව කොපමණද;

(v) දිස්ත්‍රික්කය සඳහා අනුමත සේවක සංඛ්‍යාව කොපමණද;

(vi) පවතින සේවක පුරප්පාඩු පිරවීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2026-08-19

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks