පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
679/2025
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දහනයෙන් පසු එකතු වන අළු විකිණීමෙන් 2015 වර්ෂයේ සිට මේ දක්වා උපයන ලද ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
(ii) එම අළු විකිණීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදය කවරේද;
(iii) එලෙස උපයන ලද ආදායමෙන් එම බලාගාරය අවට පදිංචිවී සිටින පාරිසරික ගැටලුවලට මුහුණදී සිටින ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් වැය කරන ලද මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-11-06
අසන ලද්දේ
ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.
අමාත්‍යාංශය
බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) 2015 සිට 2024 වර්ෂය දක්වා සැහැල්ලු අළු - fly ash - විකිණීමෙන් ලද ආදායම පහත පරිදි වේ.
|
වර්ෂය |
සැහැල්ලු අළු විකිණීමෙන් ලද ආදායම (ශ්‍රී ලංකා රුපියල්) |
|
2015 |
336,151,356.00 |
|
2016 |
390,092,156.00 |
|
2017 |
284,633,238.67 |
|
2018 |
658,717,991.49 |
|
2019 |
622,966,408.99 |
|
2020 |
699,123,525.92 |
|
2021 |
786,916,554.36 |
|
2022 |
669,449,275.85 |
|
2023 |
1,149,179,830.07 |
|
2024 |
2,297,592,886.56 |
|
එකතුව |
7,894,823,223.91 |
(ii) සැහැල්ලු අළු විකිණීම ජාතික තරගකාරී ලංසු තැබීමේ - NCB - පටිපාටිය අනුගමනය කරමින් සිදු කරනු ලබන අතර, එම ටෙන්ඩරයන්හි විස්තර පහත පරිදි වේ.
|
කාල සීමාව |
විස්තරය |
|
2011 - 2015 |
නොරොච්චෝලේ විදුලි බලාගාරය ආරම්භයේ දී පළමු බලාගාරයෙන් නිකුත් වන සැහැල්ලු අළු විකිණීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද ටෙන්ඩරය අනුව 2011 සිට වර්ෂ පහක් කටයුතු සිදු කර ඇත. |
|
2015 - 2018 |
වර්ෂ තුනක් සඳහා දෙවන හා තුන්වන බලාගාර ඒකක සැහැල්ලු අළු විකිණීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද දෙවන ටෙන්ඩරය 2015 වර්ෂයේ සිට ආරම්භ කර ඇත. |
|
2018 - 2023 |
වර්ෂ පහක් සඳහා බලාගාර ඒකක තුනේම සැහැල්ලු අළු විකිණීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද තෙවන ටෙන්ඩරය 2018 පෙබරවාරි මාසයේ සිට ආරම්භ කර ඇත. |
|
2023 - 2024 |
සමස්ත ඒකක තුනේම සැහැල්ලු අළු විකිණීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ටෙන්ඩර් මණ්ඩලය විසින් අනුමත කරන ලද සිව්වන ටෙන්ඩරය 2023 ජූලි මාසයේ සිට 2024 සැප්තැම්බර් මාසය දක්වා වූ කාල සීමාව සඳහා ක්‍රියාත්මක වී ඇත. |
|
2024 - 2027 |
සමස්ත බලාගාර ඒකක සැහැල්ලු අළු විකිණීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අනුමත කරන ලද පස්වන ටෙන්ඩරය 2024 ඔක්තෝබර් මාසයේ සිට 2027 සැප්තැම්බර් මාසය දක්වා වසර තුනක කාල සීමාවක් සඳහා ක්‍රියාත්මක වේ. |
(iii) 2015 සිට 2024 වර්ෂය දක්වා සැහැල්ලු අළු විකිණීමෙන් ලද ආදායමෙන් ආයතනික සමාජ වගකීම - CSR - සඳහා දරන ලද වියදම් පහත පරිදි වේ;
|
වර්ෂය |
ආයතනික සමාජ වගකීම් සඳහා වැය කරන ලද මුදල් ප්‍රමාණය (ශ්‍රී ලංකා රුපියල්) |
|
2015 |
- |
|
2016 |
12,526,000.00 |
|
2017 |
- |
|
2018 |
2,891,690.50 |
|
2019 |
3,534,973.60 |
|
2020 |
4,552,732.80 |
|
2021 |
19,546,811.16 |
|
2022 |
7,010,556.66 |
|
2023 |
2,188,968.25 |
|
2024 |
39,646,625.04 |
|
එකතුව |
91,898,358.01 |
විශේෂයෙන්ම 2024දී වැඩි මුදලක් වෙන් කර තිබෙනවා. ඒ ප්‍රමාණය රුපියල් මිලියන 39ක්.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2026-02-06
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කුමාර ජයකොඩි මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks