01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0679/2025: Income earned through sale of waste ash generated in Norochcholai Coal Power Plant

679/2025

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)        (i)      නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ දහනයෙන් පසු එකතු වන අළු විකිණීමෙන් 2015 වර්ෂයේ සිට මේ දක්වා උපයන ලද ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(ii) එම අළු විකිණීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදය කවරේද;

(iii) එලෙස උපයන ලද ආදායමෙන් එම බලාගාරය අවට පදිංචිවී සිටින පාරිසරික ගැටලුවලට මුහුණදී සිටින ජනතාවගේ සුභසාධනය වෙනුවෙන් වැය කරන ලද මුදල කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2025-11-06

අසන ලද්දේ

ගරු හෙක්ටර් අප්පුහාමි මහතා, පා.ම.

අමාත්‍යාංශය

බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks