E   |     |  

 දිනය: 2025-05-21   පිළිතුර ලබා දී ඇත 

0669/2025: ඔරුවල, මිලේනියම් සිටි නිවාස සංකීර්ණය: පොදු පහසුකම් සඳහා වෙන් කරන ලද ඉඩම්

----

අසන ලද දිනය

2025-05-21

අසන ලද්දේ

ගරු අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් අතුරුගිරියේ පිහිටි අක්කර 110, රූඩ් 3, පර්චස් 36.36ක ඉඩම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය - Board of Investment - විසින් 1999.06.01 දින මිලදීගෙන, නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා 99 අවුරුදු බදු පදනම මත සෙලින්කෝ ඩිවලොපර්ස් ආයතනය වෙත ලබා දී ඇත.

(ii) නාගරික සංවර්ධන අධිකාරිය විසින් අනුමත  කරන ලද මිනින්දෝරු සැලසුම්පත්වලට අනුව ව්‍යාපෘතිය සැලසුම් කර ඉදිකර ඇත. අවශ්‍ය නම් අනුමත සැලැස්ම ඉදිරියේදී ඉදිරිපත් කළ හැක.

(iii) අදාළ නොවේ.

(iv) නාගරික සංවර්ධන අධිකාරිය විසින් අනුමත කරන ලද මිනින්දෝරු සැලසුම්පත්වල සඳහන් කර ඇති පොදු පහසුකම් සඳහා වෙන් කළ ඉඩම් ප්‍රමාණ භෞතිකවද භාවිත වන බව මේ වෙනකොට හඳුනාගෙන ඇත.

(v) පොදු පහසුකම් සඳහා වෙන් කළ ඉඩම් අනුමත මිනින්දෝරු සැලසුම්පත්වලට අනුව ඒ ආකාරයෙන් පවතින බව මූලික ක්ෂේත්‍ර පරීක්ෂාවේ ලියකියවිලිවලට අනුව පෙනී යයි. එනමුත්, එහි යම් කිසි ගැටලුවක් හඳුනාගෙන ඇත්නම් ඒ පිළිබඳව සොයා බලන්නට අවශ්‍ය වැඩ කටයුතු ඉදිරියේදී සූදානම් කරන්නට පුළුවන්.

(vi) අදාළ නොවේ.

(vii) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් වෙන්කර නොමැත.

(viii) අදාළ නොවේ.

(ix) අදාළ නොවේ.

(ආ) (i) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අන්සතු කර නොමැත.

(ii) අදාළ නොවේ.

(iii) අදාළ නොවේ.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2025-05-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks