පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
669/2025
ගරු අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා,— මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) මිලේනියම් සිටි නිවාස සංකීර්ණය ඉදිකිරීම සඳහා ඔරුවල, වානේ සංස්ථාවේ ඉඩම්වලින්, සෙලින්කෝ ඩිවලපර්ස් ඇන්ඩ් රියල් එස්ටේට් සමාගම විසින් මිලදී ගෙන සැලසුම අනුමත කර ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට ඉදිරිපත් කළ ඉඩම් ප්‍රමාණය කොපමණද;
(ii) එය ඉදිකිරීමට අදාළ අධිකාරියේ අනුමත සැලසුමක් තිබේ නම්, එය ඉදිරිපත් කරන්නේද;
(iii) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
(iv) සංකීර්ණයේ පොදු පහසුකම්වලට වෙන් කළ යුතු, සැලසුම අනුව වෙන් කර ඇති සහ භෞතිකව වෙන් කර ඇති ඉඩම් ප්‍රමාණයන් වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) භෞතිකව වෙන් කළ ඉඩම්, අනුමත සැලසුමේ පෙන්වා තිබේද;
(vi) නොඑසේ නම්, ඊට හේතු කවරේද;
(vii) පොදු පහසුකම්වලට සංකීර්ණයෙන් බාහිර වගුරු බිම්වල ඉඩම් වෙන් කර තිබේද;
(viii) එය නීත්‍යානුකූලද;
(ix) නොඑසේ නම්, ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ආ) (i) පොදු පහසුකම්වලට වෙන් කළ ඉඩම්වලින් අන්සතු කළ ප්‍රමාණය;
(ii) එයට එරෙහිව ගනු ලබන ක්‍රියාමාර්ග;
(iii) එම ඉඩම් නැවත ලබා දීමට ගනු ලබන ක්‍රියාමාර්ග;
කවරේද යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-05-21
අසන ලද්දේ
ගරු අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් අතුරුගිරියේ පිහිටි අක්කර 110, රූඩ් 3, පර්චස් 36.36ක ඉඩම ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය - Board of Investment - විසින් 1999.06.01 දින මිලදීගෙන, නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීම සඳහා 99 අවුරුදු බදු පදනම මත සෙලින්කෝ ඩිවලොපර්ස් ආයතනය වෙත ලබා දී ඇත.
(ii) නාගරික සංවර්ධන අධිකාරිය විසින් අනුමත කරන ලද මිනින්දෝරු සැලසුම්පත්වලට අනුව ව්‍යාපෘතිය සැලසුම් කර ඉදිකර ඇත. අවශ්‍ය නම් අනුමත සැලැස්ම ඉදිරියේදී ඉදිරිපත් කළ හැක.
(iii) අදාළ නොවේ.
(iv) නාගරික සංවර්ධන අධිකාරිය විසින් අනුමත කරන ලද මිනින්දෝරු සැලසුම්පත්වල සඳහන් කර ඇති පොදු පහසුකම් සඳහා වෙන් කළ ඉඩම් ප්‍රමාණ භෞතිකවද භාවිත වන බව මේ වෙනකොට හඳුනාගෙන ඇත.
(v) පොදු පහසුකම් සඳහා වෙන් කළ ඉඩම් අනුමත මිනින්දෝරු සැලසුම්පත්වලට අනුව ඒ ආකාරයෙන් පවතින බව මූලික ක්ෂේත්‍ර පරීක්ෂාවේ ලියකියවිලිවලට අනුව පෙනී යයි. එනමුත්, එහි යම් කිසි ගැටලුවක් හඳුනාගෙන ඇත්නම් ඒ පිළිබඳව සොයා බලන්නට අවශ්‍ය වැඩ කටයුතු ඉදිරියේදී සූදානම් කරන්නට පුළුවන්.
(vi) අදාළ නොවේ.
(vii) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් වෙන්කර නොමැත.
(viii) අදාළ නොවේ.
(ix) අදාළ නොවේ.
(ආ) (i) ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අන්සතු කර නොමැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2025-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) හර්ෂණ සූරියප්පෙරුම මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks