පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
666/2025
ගරු ලසිත් භාෂණ ගමගේ මහතා,— වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)
(අ) (i) සමූපකාර තොග වෙළඳ සංස්ථාවේ, වැලිසර ඇති ගබඩා සංඛ්‍යාව කොපමණද;
(ii) ඒවා අතරින් ගබඩා කිහිපයක් වෙනත් ආයතනවලට බදු දී ඇති බව දන්නේද;
(iii) ඒවා බදු පදනම මත ලබා ගෙන ඇති ආයතන කවරේද;
(iv) බදු දෙන ලද ගබඩා වෙනුවෙන් අය කරනු ලබන මාසික කුලිය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(v) ඉහත ගබඩා පවතින වෙළඳ වටිනාකමට වඩා ඉතා අඩු මුදලකට කුලියට හෝ බදු පදනම මත ලබා දී තිබේ නම්, එම ගබඩා නැවත අත්පත් කර ගැනීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2025-05-21
අසන ලද්දේ
ගරු ලසිත් භාෂණ ගමගේ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
(අ) (i) ගබඩා 05කි.
(ii) ඔව්.
(iii) ලංකා සතොස ආයතනය සහ අබාන්ස් පී.එල්.සී. ආයතනය වේ.
(iv)
|
ආයතනය |
වර්ග අඩි |
මාසික බදු කුලිය (රුපියල්) |
|
ලංකා සතොස |
34,645 |
928,547.49 |
|
ලංකා සතොස |
11,597 |
268,499.54 |
|
අබාන්ස් පී.එල්.සී |
28,500 |
1,140,000.00 (මිලියන 1.14) |
(v) රජයේ නව තක්සේරු මුදලට ගබඩා බදු කුලී පදනම මත ලබා දීම සඳහා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව වෙත වර්තමාන තක්සේරු මුදල ගණනය කිරීම සඳහා යොමු කොට ඇත. ඒ අනුව තක්සේරු දෙපාර්තමේන්තුව විසින් නව කුලිය ගණනය කිරීම සඳහා කටයුතු ආරම්භ කර ඇත.
එම තක්සේරුව මත අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට අපේක්ෂා කරනු ලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2025-05-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු වසන්ත සමරසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks