E   |     |  

 දිනය: 2026-08-05   පිළිතුර ලබා දී ඇත 

0660/2026: 2015 සිට කිරි නිෂ්පාදනය සහ ආනයනය: විස්තර

ගරු රෝහණ බංඩාර මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන්  ඇසීමට,— (1)

(අ)        (i)       2015 වර්ෂයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය වාර්ෂිකව වෙන් වෙන් වශයෙන් කොපමණද;

            (ii)       එම කාලසීමාව තුළ දේශීය කිරි අවශ්‍යතාවය, ආනයනය කර ඇති කිරි ප්‍රමාණය සහ ඒ සඳහා වැය කොට ඇති මුදල් ප්‍රමාණය කොපමණද;

(iii) දියර කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

අසන ලද දිනය

2026-08-05

අසන ලද්දේ

ගරු රෝහණ බංඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දසවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ශ්‍රී ලංකාවේ දියර කිරි නිෂ්පාදනය

වර්ෂය

දියර කිරි නිෂ්පාදනය (ලීටර මිලියන)

2015

403.23

2016

454.63

2017

482.69

2018

494.85

2019

424.13

2020

414.83

2021

412.05

2022

380.00

2023

371.73

2024

402.69

2025

410.16

2026 ජුනි මාසය දක්වා (ඇස්තමේන්තුගත)

201.08

 

(ii) දේශීය කිරි අවශ්‍යතාව, ආනයනය කර ඇති කිරි ප්‍රමාණය සහ වැයකොට ඇති මුදල් ප්‍රමාණය

වර්ෂය

දේශීය වාර්ෂික කිරි අවශ්‍යතාව (ලීටර මිලියන)

ආනයනය කර ඇති කිරි ප්‍රමාණය (ලීටර මිලියන) (Liquid Milk Equivalent - LME අනුව)

වැය කර ඇති මුදල (රුපියල් මිලියන)

2015

765.40

631.60

34,087.85

2016

774.13

727.74

36,338.21

2017

783.03

723.86

48,145.42

2018

790.95

769.01

54,002.35

2019

795.81

723.03

55,646.62

2020

800.04

748.82

61,933.09

2021

808.70

649.04

63,092.78

2022

809.60

396.83

68,330.00

2023

804.35

520.08

88,620.07

2024

799.93

494.03

72,176.05

2025

794.10

626.80

107,528.83

2026 මැයි මාසය දක්වා (ඇස්තමේන්තුගත)

794.10*

301.06

52,362.00

* 2026 වසරේ මධ්‍ය වාර්ෂික ජනගහනය අනුව යාවත්කාලීන විය යුතුය.

(iii) දියර කිරිවලින් රට ස්වයංපෝෂිත කිරීම සඳහා රජය විසින් පහත සඳහන් වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබයි.

1.  ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන

2.  අභිජනන ගොවිපළ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ නිකවැරටිය කිරි ගොවිපළ සංවර්ධනය.

3.  පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු මඟින් විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීම.

*  ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන

• අපේක්ෂිත ඉලක්ක

· Dairy Hub සමිති 325ක් හරහා කිරි ගොවීන් සංවිධානය කිරීම.

· කිරි ව්‍යවසායකයින් බිහි කිරීම.

· වාර්ෂික කිරි නිෂ්පාදනය ලීටර් මිලියන 410 සිට ලීටර් මිලියන 1,200 දක්වා ඉහළ නැංවීම

• මෙම වැඩසටහනට 2026 වසර සඳහා ජාතික අය වැයෙන් රුපියල් මිලියන 1,000ක් වෙන් කර ඇත.

*  අභිජනන ගොවිපළ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ,

• ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් නිකවැරටිය කිරි ගොවිපළ සංවර්ධනය කිරීම මඟින් අනාගතයේදී ක්ෂේත්‍රයට අවශ්‍ය එළ ගව සහ මී ගව ගැහැනු හා පිරිමි පැටවුන් නිකුත් කිරීමට හැකි න්‍යෂ්ටික ගොවිපළක් බවට පත් කිරීමට බලාපොරොත්තු වේ.

• මෙම ව්‍යාපෘතියට 2026 වසර සඳහා ජාතික අය වැයෙන් රුපියල් මිලියන 1,000ක් වෙන් කර ඇත.

(ආ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2026-08-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නාමල් කරුණාරත්න මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks